හැදින්වීම:
අතීතයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රටවල් අතර හුවමාරු නොවීම නිසා දියුණු වෙළදාමක් රටවල් අතර නොපැවතියද මුතු මැණික්,සුවද විලවුන්,ඇත්දළ වැනි සුඛෝපභෝගී භාණ්ඩ වෙළදාමක් පෙර අපර දෙදිග රටවල් අතර පැවතුනි.එමෙන්ම වෙළදාමක් සිදු වුවද ඒ භාණ්ඩ හුවමාරුව මත පදනම් වූ වෙළදාමක් විය.
වෙළදපලක් යනු:
වෙළදපලක් යනු කුමක්දැයි ඇසු විට ඔබ එයට පිළිතුරු ලබා දේවි ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන ස්ථානයක් කියා.එනම් පාරිභෝගිකයන් හා නිෂ්පාදකය හමුවන නිශ්චිත ස්ථානයක් ලෙස.නමුදු වර්තමානයේ වෙළදපලක් වීම සදහා නිශ්චිත ස්ථානයක් අවශ්‍ය වන්නේ නැහැ.වර්තමානය වන විට ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුහුණට මුහුණ මුණ නොගැසි වෙලදාම් ක්‍රියාවලිය එනම් භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම සිදු වෙනවා.නිදසුන් ලෙස කොටස් වෙළදපල,online shop වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්.වර්තමානයේදී වෙළදපලක් යනුවෙන් අදහස් වන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර අදහස් හුවමාරු වන ඕනෑම වැඩපිළිවෙලක් ලෙසටයි.
වර්තමාන ලෝක වෙළදාම :
වර්තමාන ලෝක වෙළදාමෙන් 75% ක් 80% ක් අතර ප්‍රමාණයක් සංවර්ධිත රටවල් හිමි කර ගෙන තිබේ.ලෝක වෙළද කටයුතු වලදී සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සුළු ප්‍රතිශතයක් හිමිවී තිබේ.සංවර්ධිත රටවල් වැඩි වශයෙන් කාර්මික නිමි ද්‍රව්‍ය වෙළදාමේ යෙදේ.එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රාථමික අමු ද්‍රව්‍ය වෙළදාමේ යෙදේ.වර්තමානයේදී නව කාර්මික රටවල් ලෙසින් රටවල් කිහිපයක් ලෝක වෙළදාමට එකතු වී ඇති අතර ඔවුන් ද කාර්මික භාණ්ඩ වෙළදාමේ නිරත වේ.වර්තමානය වන විට ලෝක වෙළදාමට බහු ජාතික සමාගම් වල බලපෑමද ඉහල මට්ටමකින් පවතී.
අන්තර් ජාතික වෙළදාම වර්ධනය වීමට බලපෑ සාධක:
1.දේශ ගවේෂණ කටයුතු
2.කාර්මික විප්ලවය
3.ප්‍රවාහනය හා පණිවිඩ හුවමාරුව දියුණු වීම
4.තාක්ෂණික දැනුම දියුණු වීම
5.මුදල් හුවමාරුවේ වර්ධනය
6.සම්පත් විසංතුලනය වීම
ලෝක වෙළද කටයුතු සදහා පිහිටුවා ඇති සංවිධාන:
1.ඔපෙක් සංවිධානය
2.ලෝක වෙළද සංවිධානය
3.යුරෝපා පොදු වෙළද හවුල
4.සප්තා සංවිධානය
ලෝක වෙළදාම කෙරෙහි බලපාන සාධක:
1.පවුලකට,ගමකට,ප්‍රදේශයකට අවශ්‍ය සියලුම භාණ්ඩ එම ප්‍රදේශයේ ජිවත් වන ජතාවටම නිපදවා ගත නොහැකි වීම
2.තාක්ෂණයේ දියුණුව නිසා භාණ්ඩ නිෂ්පාදනය හා හුවමාරුව වේගවත් වීම
3.සම්පත් අසම ලෙස ව්‍යාප්ත වීම
4.ප්‍රවාහනය සහ පණිවිඩ හුවමාරුවේ දියුණුව
5.මුදල් භාවිතයේ දියුණුව සමග චෙක්පත්,විද්‍යුත් මුදල් සංසරණය වේගවත් වීම
6.ජන සංඛ්‍යාවේ වේගවත් වර්ධනය නිසා මිනිස් අවශ්‍යතා සංකීර්ණය වීම
7.ප්‍රවාහනයේ හා සන්නිවේදනයේ දියුණුව
ලෝක වෙළදාමේ නව ප්රවණතා:
1.සංවර්ධිත රටවල් විසින් වැඩි වශයෙන් ලෝක වෙළදපලට කාර්මික භාණ්ඩ ඉදිරිපත් කිරීම
2.සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් වැඩි වශයෙන් ලෝක වෙළදපලට ප්‍රාථමික අමු ද්‍රව්‍ය ඉදිරිපත් කිරීම
3.ලෝක වෙළදාමට බහු ජාතික සමාගම් විසින් කරන බලපෑම වැඩි වීම
4.විද්‍යුත් මාධ්‍ය මගින් මුදල් හුවමාරු කිරීම
5.සන්නිවේදන ජාල මගින් ඍජුවම වෙළදපල හැසිරවීම
6.වෙළද ගිවිසුම්,වෙළද සංවිධාන,වෙළද හවුල් ඇති කර ගැනීමට ලෝකයේ රටවල් වැඩි වශයෙන් පෙළබිම
7.අමු ද්‍රව්‍ය ලබා ගැනීමටත් කාර්මික නිමි ද්‍රව්‍ය අලෙවි කර ගැනීමටත් සංවර්ධිත රටවල් විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සම්බන්ධ වී ක්‍රියා කිරීම
8.ගබඩා කිරීමකින් තොරවම කර්මාන්ත ශාලාවෙන් ඍජුවම පාරිභෝගිකයා අතට භාණ්ඩ පත් කිරීම
ලෝක වෙළදාම ආශ්රිත ගැටළු:
1.ඛනිජ තෙල් මිල සීග්‍රයෙන් ඉහල යාම නිසා කාර්මික නිෂ්පාදන වල මිල ඉහල යාම
2.සංවර්ධනය වෙමින් පවතින රටවල් තම රටවල කර්මාන්ත ආරම්භ කිරීම නිසා සංවර්ධිත රටවල අමුද්‍රව්‍ය මුලාශ්‍ර සිමා වීම
3.වෙළද ද්‍රව්‍ය සදහා සාධාරණ මිලක් නොලැබීම
4.බහු ජාතික වෙළද සමාගම් වල බලපෑමට ලක් වීම
5.සංවර්ධිත රටවල් විසින් සිදු කරන නව යටත් විජිතකරණය
6.සම්ප්‍රදායික වෙළදපලවල් අහිමිවීම
උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)
(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)