ව්‍යාජ කේතක
පරිගණක වැඩසටහනක් විස්තර කිරීමේ ලඝු ආකාරය ව්‍යාජ කෙතකයක් ලෙස හැඳින්විය හැකිය. කිසියම් භාෂාවක රීති යොදා ගැනීමට වඩා මෙහිදී සාමාන්‍ය වදන් යොදා ගනී. වැඩ සටහන කෙසේ ක්‍රීයාකරයිද යන්න පිළිබද අදහසක් ව්‍යාජ කේතක මගින් ලබාගත හැක.
අල්ගොරිතමයේ එක් එක් ප්‍රකාශ සදහා යොදා ගන්නා සරල ඉංග්‍රීසි වචන
ආරම්භය - BEGIN
අවසානය - END
අදානය - INPUT, READ, GET
ප්‍රතිදානය - OUTPUT, DISPLAY, SHOW
ක්‍රියාවලිය - PROCESS, CALCULATE
වරණය - IF… THEN… ELSE… ENDIF…
පුනර්කරණය -
WHILE – ENDWHILE
FOR – DO
REPEAT - UNTIL
ගැලීම් සටහන්
පරිගණක වැඩසටහනක ඇති ක්‍රීයාවලි / මෙහෙයුම් රූපමය හා පටිපාටිගත ඉදිරිපත් කිරීමට ගැලීම් සටහන් යොදා ගැනේ.
ගැලීම් සටහනක් ඇදීම සදහා භාවිතා කරන සම්මත සංකේත
ඉලක්කම් දෙකක් එකතු කොට එහි එකතුව පෙන්වීම සදහා ගැලීම් සටහන සහ ව්‍යාජ කෙතකය ගොඩ නගමු.
ඉලක්කම් දෙක X හා Y ලෙසත් එකතුව total ලෙසත් ගනිමු.
ගැලීම් සටහන
ව්‍යාජ කෙතකය
BEGIN
INPUT x,y
Total = x+y
DISPLAY total
END