පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දත්ත ප්‍රරූප (Data Types)
ක්‍රමලේඛනයක් මගින් පරිගනක මතකයට යැවෙන දත්ත ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ දත්ත ප්‍රරූපය මගිනි.
දත්ත ප්‍රරූපය |
පරාසය |
Integer |
පූර්ණ සංඛ්‍යා හෝ නිඛිල සංඛ්‍යා 0, -2 , 5 , 85 |
Real |
තාත්වික සංඛ්‍යා හෝ දශම සංඛ්‍යා 0.25 , -0.5 |
Boolean |
සත්‍ය හෝ අසත්‍ය බව True , False |
Char |
යතුරු පුවරුවේ ඕනෑම අනුලක්ෂණයක් 'H' , 'j' , '#' , '+' |
String |
ඕනෑම අනු ලක්ෂණ අනුක්‍රමයක් 'school' , 'MOTHER' , 'Book' |
කාරක (Operators)
පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ කාරක 6 ක් තිබුණ ද ඔබේ පාඩමට ඇත්තේ ඉන් 3 ක් පමණක් නිසා එම කාරකයන් තුන පිළිබඳව සාකච්ඡා කරමු.
අංකගණිතමය කාරක (Arithmetic Operators)
පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දී ගණිතමයගණනය කිරීම් සඳහා අංකගණිතමය කාරක (Arithmetic Operators) යොදාගනු ලැබේ.
කාරකය | විස්තරය | උදාහරණය |
+ | එකතු කිරීම | 6+3=9 |
- | අඩු කිරීම | 6-3=3 |
* | ගුණ කිරීම | 6*3=18 |
/ | බෙදීම | 6/3=2 |
DIV | පූර්ණ සංඛ්‍යාමය බෙදීම | 20 DIV 6 = 3 |
MOD | බෙදීමෙන් පසු ශේෂය | 20 MOD 6 = 2 |
උදාහරණ :
program calculator;
var a,b,result: integer;
result2: real;
begin
a:=21;
b:=10;
result := a + b;
writeln(' Total is ', result );
result := a - b;
writeln('Subtraction is ',result);
result := a * b;
writeln('Multiplication is ', result);
result2 := a / b;
writeln('Division is ', result2:3:2 );
result := a mod b;
writeln(' Mod is ' , result);
result:= a div b;
writeln('Div is ', result);
end.
ප්‍රතිඵලය :
Total is 31
Substraction is 11
Multiplication is 210
Division is 2.10
Mod is 1
Div is 2
සැසදුම් කාරක(Relational Operators)
පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දී අගයන් හෝ ප්‍රකාශන සංසන්දනය ක්‍රීම සඳහා සැසදුම් කාරක(Relational Operators) යොදා ගන්නාඅ අත්‍රර අවසන් ප්‍රතිඵලය සෑමවිටම බූලියානු අගයක් (සත්‍ය / අසත්‍ය) ගනී.
කාරකය | විස්තරය | උදාහරණය |
> | විශාලයි | 7>3 සත්‍ය |
>= | විශාල හෝ සමාන | 7>=7 සත්‍ය |
< | කුඩා | 3<2 අසත්‍ය |
<= | කුඩා හෝ සමාන | 4<=6 සත්‍ය |
= | සමාන | 3=1 අසත්‍ය |
<> | අසමාන |
2<>5 සත්‍ය |
උදාහරණ :
program showRelations;
var a, b: integer;
begin
a := 21;
b := 10;
if a = b then
writeln('a is equal to b' )
else
writeln('a is not equal to b' );
if a < b then
writeln('a is less than b' )
else
writeln('a is not less than b' );
if a > b then
writeln('a is greater than b' )
else
writeln('a is greater than b' );
End.
ප්‍රතිඵලය :
a is not equal to b
a is not less than b
a is greater than b
තාර්කික කාරක (LOgical Operators)
පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දී ප්‍රකාශන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීම සඳහා තාර්කික කාරක (LOgical Operators) යොදා ගැනේ.
කාරකය | විස්තරය | උදාහරණය |
AND |
ප්‍රකාශන දෙකම සත්‍ය වූ විට පමණක් කොන්දේසිය සත්‍ය වේ. ප්‍රකාශන එකක් සත්‍ය වී අනෙක අසත්‍ය වුවහොත් කොන්දේසිය අසත්‍ය වේ. ප්‍රකාශන දෙකම අසත්‍ය වූ විට කොන්දේසිය අසත්‍ය වේ. |
6+3=9 |
OR |
ප්‍රකාශන දෙකම සත්‍ය වූ විට පමණක් කොන්දේසිය අසත්‍ය වේ. ප්‍රකාශන එකක් සත්‍ය වී අනෙක අසත්‍ය වුවහොත් කොන්දේසිය සත්‍ය වේ. ප්‍රකාශන දෙකම අසත්‍ය වූ විට කොන්දේසිය අසත්‍ය වේ. |
6-3=3 |
NOT |
ප්‍රකාශනය සත්‍ය නම් අසත්‍ය ද , ප්‍රකාශනයඅසත්‍ය නම් සත්‍ය ද වේ. |
6*3=18 |
උදාහරණ :
program beLogical;
var a, b: boolean;
begin
a := true;
b := false;
if (a and b) then
writeln('and : Condition is true' )
else
writeln('Condition is not true');
if (a or b) then
writeln('or : Condition is true' );
end.
ප්‍රතිඵලය :
Condition is not true
or : Condition is true
කාරක ප්‍රමුඛතාවය (Operator Precedence)
පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දී කාරකක්‍රියාත්මක් වන අනුපිළිවෙළ කාරක ප්‍රමුඛතාවය (Operator Precedence) ලෙස හැදුන්වනු ලබයි.