11-වසර භූගෝල විද්‍යාව

නැව් තැනීමේ කර්මාන්තය

 

දිගු ඉතිහාසයක් ඇති නැව් තැනීමේ කර්මාන්තය 18 වන සියවසයේ අග භාගයේ පමණ සිට යුරෝපා රටවල සිදු වූ දේශ ගවේශණ කටයුතු සහ යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්යේ දියුණුව සමග ම ඊට සමගාමී ව වර්ධනය වූ වකි.

  • යුරෝපා රට වල නැව් තැනීමේ කර්මාන්තය දියුණු වීම ට බලපෑ හේතු කිපයකි. ඒවා නම්,
  • පුනරුදයෙන් පසුව ව ඇති වූ දේශ ගවේශණ, වෙළෙද, ධීවර හා යුධ කටයුතු සදහා නැව්වලට ඇති ඉල්ලුම ඉහළ යාම.
  • නැව් නිෂ්පාදනයට අවශ්‍ය දැව හා වානේ පහසුවෙන් සපයා ගත හැකි වීම.
  • නැව් තටාක සෑදීමට අවශ්‍ය කඩතොළු සහිත වෙරළ ප්‍රදේශ තිබීම
  • රාජ්‍ය අනුග්‍රහය

මුල් කාලයේ දී මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවහනයට ද නෞකා නිපදවන ලදී. එහෙත් පසු කාලයයේ දී ගුවන් ප්‍රවාහනය නිසා නෞකා මගින් මගී ප්‍රවාහනය අඩු වී යාමෙන් භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍ය නැව් නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.

කෙසේ වුව ද වර්තමානයේ දී මගී ප්‍රවාහනයට සුවිශේෂ වූ සුඛෝපභෝගී නෞකා නිෂ්පාදනයට ද වැදගත් තැනක් හිමි වී තිබේ.

විවිධ වෙනස් කම් වලට භාජනය වෙමින් වර්තමානය වන විට මෙම කර්මාන්තය විශාල ප්‍රගතියක් ලබා ඇත.

වර්තමානයේ ලෝකයේ නැව් නිෂ්පාදනය පිලිබද සලකා බැලීමේ දී  ප්‍රවාහනයට යොමු වන භාණ්ඩ වර්ග අනුව නැව් නිෂ්පාදනය කරන බව පැහැදිළි කරුණකි. තොග භාණ්ඩ ප්‍රවාහන නෞකා ,ටැංකි නෞකා සහ බහාලුම් නෞකා නිදසුන් ලෙස ගත හැකි වේ.

මෙවැනි නෞකා සදහා ලෝක වෙළෙදපොළෙහි ඉළෙ ඉල්ලුමක් පවතී.

මුල් කාලයේ දී නැව් තැනීමේ කර්මාන්තයට යොමු වූයේ සංවර්ධිත රටවල් පමණි.ඒ සදහා බලපෑ හේතු කිහිපයකි.

  • විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කළ හැකි වීම.
  • අමුද්‍රව්‍ය ලෙස යකඩ හා වානේ පහසවෙන් ලබාගත හැකි වීම.
  • කීර්තිනාමය හා පලපුරුද්දක් තිබීම.

එසේ වුව ද වර්තමානයේ දී මේ තත්ත්වය වෙනස් වී චීනය, දකුණු කොරියාව හා ජපානය වැනි රටවල් නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛයන් බවට පත් වී ඇත.

නැව් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය ලාභදයී ශ්‍රමය සහ පුහුණු ශ්‍රමය.

නව තාක්ෂණය.

තටාක පහසුකම් සදහා ජලය නොමිදෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ තිබීම වැනි සාධක ඊට හේතු වී තිබේ. 

මෑතක සිට එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ද නැව් හා බෝට්ටු නිෂ්පාදනය ආරම්භ වී ඇත.

නැව් තැනීමේ කර්මාන්තය එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස දියුණුවට පත් වීමත් සමග ම අතීතයේ නැව් නිෂ්පාදන රටවලට හිමි ව තිබු ස්ථානය කාලීන ව වෙනස් වී ඇති ආකාරය මින් පැහැදිළි වනු ඇත.

නැව් තැනීමේ කර්මාන්තයෙහි ලක්ෂණ හා ප්‍රවණතා

ප්‍රවාහනය කරන භාණ්ඩ හෝ සේවාව අනුව සුවි‍ශේෂ යාත්‍රා නිෂ්පාදනය කිරීම.(මගීන් සහ භාණ්ඩ)

ප්‍රමාණයෙන් අති විශාල අධි සුඛෝපභෝගී මගී නැව් නිෂ්පාදනය

ඇනවුම් මත කුඩා ප්‍රමාණයේ අධි සුඛෝපභෝගී මගී නැව් නිෂ්පාදනය

විවිධ කාර්යයන් සදහා නැව් නිෂ්පාදනය කිරීම.(යුධ කටයුතු ,සාගර ගවේෂණය ,ධීවර නිෂ්පාදන කම්හල් ,පුස්තකාල)

අතීතයේ දී නැව් තැනීමට මූලික අමු ද්‍රව්‍ය ලෙස යකඩ හා වානේ යොදා ගත්ත ද වර්තමානයේ දී සැහැල්ලු ලෝහ, පයිබර් වර්ග සහ ආදේශක වර්ග යොදා සැහැල්ලු යාත්‍රා නිෂ්පාදනය කිරීම.

එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස වර්ධනය වීම.

මිනිස් ශ්‍රමයට වඩා යාන්ත්‍රික ශ්‍රමය (රොබෝට් හා යාන්ත්‍රික තාක්ෂණය ) යොදා ගැනීම.

නැව් නිෂ්පාදනයට යොදා ගන්නා බලශක්ති සම්පත් වෙනස් වීම. ( ගල් අගුරු ,ඛනිජ තෙල්, න්‍යෂ්ටික බලය )

පාරම්පරික නැව් නිෂ්පාදන රටවල් සමග තරගකාරී ලෙස චීනය හා දකුණු කොරියාව වැනි නව කාර්මික රටවල් නැව් නිෂ්පාදනය කරීම හා ප්‍රමුඛත්වයට පත්වීම.


ලිපිය නිර්මාණය කලේ,
P
PUBUDU DILSHAN THILAKARATHNA


TOP MEMBER

අදාල තවත් ලිපි,



PUBUDU DILSHAN THILAKARATHNA

11-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි