ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස් වඩාත් හොදින් තහවුරු කර ගැනීම සඳහා ප්‍රස්තාව පිරුළු යොදා ගැනේ. භාෂණයේ දීත් ලේඛනයේදී ත් බහල ව බාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්තය ඉක්මවා යන පුළුල් අදහසක් ප්‍රකාශ කරයි. පහත දැක්වෙන්නේ ප්‍රස්ථාව පිරුළු පද කිහිපයකි.
ගඟට ඉනි කැපවා - උත්සාහය නිෂ්ඵල වීම
එළිපත්ත උඩ ඉන්න බලලා වගේ - ස්ථීර බවක් නැති
අහසට ඉනිමං බැන්දා වගේ - නිස්ඵල ක්‍රියාවක් සිදු කිරිම
කිරි ගහට ඇන්නා වගේ - ස්ථීරව ම ප්‍රතිඵල ලැබීම
කල දුටු කල වල ඉහගන්නා සේ - අවස්තාවක් ලැබණ විට එයින් උපරිම ප්‍රෙයා්ජන ලබා තැනීම
ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නා සේ - උදව් කල අය අමතක කර වෙනත් අය පැසසීම
ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ - අනුන් රැවටීමට ගොස් තමාද රැවටීමට ලක්වීම
කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ - කෑම වල කිසිම රසයක් ගැන නොසිකා කා දැමීම
කැලය මාරු කලාට කොටියගේ පල්ලි වෙනස් වෙන්නේ නැහැලු - උපතින් ලැබෙන ගති අතහැරිය නොහැකි බව කියවේ
කණාට දී කිරි වල පාට කිව්වා වගේ - අපැහැදිලිව යමක් තේරුම් කර දීමේ දී කියවේ
කවට කමෙන් ඇස් රතුවේ - සෙල්ලම ලෙල්ලම වන අවස්තාද ඇති බව
කැකිල්ලේ රජතුමාගෙ නඩු තීන්දුව වගේ - සිනාවට ලක්වන සේ අසාධාරණ ඥානය අඩු නඩු තීන්දුවක් දන් අවස්ථා වල දී කියවේ
කබල් රෝද් සද්දේ වැඩියි - නූගත් අය පිරි ඇති සබාවල ඝෝෂා කාරී බව වැඩිය
ගැරඬි පොන් කරන්න හදනවා වගේ - නැති හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට යෑම
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ - නරක අදහස්වලින් පිරිපුන් දෙදෙනෙක් එක්වීම සම්බන්දයෙන් කියවේ
ගිනි පෙල්ලෙන් බටකෑ එකා කනා මැදිරි එළියටත් බයයිලු - එක් වරක් කරදරයකට වැටුණු අයෙක් ඉන් පසුව සිදු වන කුඩා වරදකට ද බිය වීම
ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ - නැති වූ වස්තව ගැන දුක් නොවී තිබෙන වස්තව රැක ගන්න යැයි පැවසීමේ දී මෙම කියමන යොදා ගනී
කොරේ පිටට මරේ - එක් කරදරයක වැටී සිටින පුද්ගලයෙකුට තවත් කරදරයකට මුහුණ දීමට සිදවන බව කියවේ
කෝදුව තියෙද්දී අතින් මනිනවා වගේ - කිසියම් දෙයකට නියම දෙයක් තිබියදී නොගැළපෙන දෙයක් ගෙන කටයුතු කිරීම
දුවන්නන් වාලේ කෙට එළදෙන දිව්වා වගේ - යම් දෙයක් කරන්නන් වාලේ කිරීම
නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල සුදුයිලු - නිතරම දකින අයගේ වටිනාකමක් නොමැති බව
දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද - යමක පලයක් ගත නොහැකි කෙනෙකුට එය ලබා දීමේ තේරුමක් නැති බව
නිවට ඇම්බැට්ටයා දුටු වම එළුවන් රැවුල පානවලු - යම් අයෙකුගේ නවට කම් දුටුු විට සෑම කවුරුුත් ඔහුට ආඩම්බර කම් පෙන්වන බව කියවේ
පරංගියා කෝට්ටේ ගියා වගේ - කෙටි මගක් තිබියදී දිගු මගක් තොරා ගෙන එයින් ගමන් කිරීම
රැවුල පත්තු වෙද්දී සුරුට්ටු පත්තු කරන්න හැදුවා වගේ - අපහසු තාවයකට පත්ව සිටිය දී න් යගෙන් උදව් ලබා ගැනීමට එන අය සම්බන්දයෙන් කියවේ
ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකොයිලු - ලැජ්ජාවක් නොමති අය හට කර නොහැකි ක්‍රියාවක් නොමැති බව කියවේ
රෑ වැටණු වලේ දවල් වැටුණා වගේ - නොදන්නා කමින් අමාරුවකට පත් වීමෙන් පසු දැන සැනත් දෙවනුවද නැවතත් එම මාරවේ වැටීම
මේ ප්‍රස්තාව පිරුළු ටිකත් හොදින පාඩම් කර ශිෂ්‍යත්ව විභාගය හොදින් ජයගන්න. පුංචි ඔයාලට ජය වේවා!