ශිෂ්‍යත්ව පාඩම් මාලාව - 05 සිංහල ,පරිසරය,සාමාන්‍ය දැනීම - 3-වසර සිංහල

ශිෂ්‍යත්ව පාඩම් මාලාව - 05 සිංහල ,පරිසරය,සාමාන්‍ය දැනීම

(!) කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවිය හැකි රෝග මොනවද?

(2)මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සදහා තමන්ට අවශ්‍ය ජලය සපයා ගන්නා ක්‍රම මොනවද?

(3) ජලයට දැමු විට ජලයේ ගිලෙන දේවල් කිහිපයක් ලියන්න?

(4) ජලයේ ගමන් කරන වාහන මොනවද?

(5) ජලයෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

(6) ආසියාවේ රිදී සීනුව ලෙස හදුන් වන්නේ කවුද?

(7) සුළගේ වේගය මනිනු ලබන්නේ කුමන උපකරනයකින්ද?

(8)දුබුරු පැහැති බිත්තර දමන සතුන් දෙදෙනෙක් නම් කරන්න?

(9) වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානය නම් කරන්න?

(10) ශ්‍රී ලංකාවේ පහත නගර ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන කරුණක් නිසාද?

      නාවල-

      පිළිමතලාව-

      රත්නපුරය-

      වේවැල්දෙනිය-

 

(11) පදිංචිය සහතික කර ගැනීමට ඔබ යා යුත්තේ කවරෙකු ලගටද?

(12) ලෝක මත්ද්‍රවය විරෝධී දිනය කවදාද?

(13) ශ්‍රී ලංකාවේ පහත සදහන් වේදිකා නාට්‍ය නිර්මාණය කවුරුන් විසින්ද?

           කුවේණි -

           නරි බැනා -

(14) කලා වැව ඉදිකළ රජතුමා කවුද?

(15) ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය කුමක්ද?

(16) ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම වැව කුමක්ද? එය ඉදිකළේ කුමන රජතුමාද?

(17) ශ්‍රී ලංකාවේ උස ම දිය ඇල්ල කුමක්ද?

(18) දේදුන්නේ ඇති පාට ගනන කියද? ඒ මොනවද?

(19) පහත ක්‍රීඩා සදහා එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගණන කියද?

      (අතිරේක ක්‍රීඩකයන් හැර)

     පාපන්දු-

     ක්‍රිකට්  -

     එල්ලේ -

     වොලිබෝල්-

(20) ශ්‍රී ලංකාවේ පළමු රජතුමා හා අවසාන රජතුමා කවුරුන්ද?

(21) ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා හා ජාතික සත්වයා නම් කරන්න?

(22) මේවාහි  සිංහල තේරුම ලියන්න?

      1. Temple Flower-                                                            7.    Doll   -

      2. Spider           -                                                            8.    Nurse-

      3. Ship              -                                                            9.    Fair   -

      4. Lemon          -                                                            10.   Office-

      5. Fingers         -                                                            11.   Art room-

      6.Hoppers        -                                                             12.  Monitor -

 

(23) පහත දෙමළ වචනවල සිංහල අර්ථය ලියන්න?

       1. මාංගායි -                                                                   6. පළරසම්   -

       2. සූරියන්  =                                                                  7.පාකට්කායි-

       3. පුරා       -                                                                  8.සිංහම්      -

       4. නාහමරම්-                                                                 9.  පසු          -

       5.සිවප්පු නිරම්-                                                             10. අල්ලිප්පු    -

 

(24) රුපියල් 100 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය කුමක්ද? නෝට්ටුවේ මුහුණත කුමක් දක්නට ලැබේද? නෝට්ටුවේ පිටුපස කුමක් තිබේද?

 

 

 (25)  පහත කථන බසින් ලියා ඇති වාක්‍ය ලියන බසට (ලිඛිත බසට) හරවන්න

       1. අපී අහසෙහි සරුංගල්  යැව්වා                                                                 

 

       2. උමේෂි සෙල්ලම්  කරනවා .                                                                     

 

       3. පොලොන්නරුව පුජා භූමියක්.

 

       4 ගස  සුළගට වැනෙනවා

 

       5. අම්මා පොළට  යනවා  

 

  (26) නාම පද කොටස් හතරකට බෙදිය හැකිය .ඒ මොනවාද ඒවාට උදාහරණ දෙන්න ?

 

(27) දුරකථනය හා ගුවන් විදුලිය සොයා ගැනීම කරන ලද පුද්ගලයින් දෙදෙනා කවුරුන්ද?

 

 (28) ශ්‍රී ලංකාවේ පළමු නවකතාව කුමක්ද?

  

 (29) මුලින්ම සද මත පා තැබූ මිනිසා කවුද?

 

 (30) ජාතික ගියේ නිර්මාතෘ කවුද?

 

 

 

 

 

  

 

 

 

 

     පිළිතුරු

    (1)වෛරස උණ ,ඇස් ලෙඩ , පැපොල ,සෙම්ප්‍රතිශ්‍යාව

    (2) ළිං මගින් ,නල ළිං මගින්,ජල නල මගින් .ගංගා මගින්,ඇළ දොළ මගින්ස

    (3)සබන් කැල්ල ,ගල් කැටය ,යකඩ ඇණය ,කාසිය ,මකනය

    (4)නැව ,ඔරුව, ජල ස්කුටරය, පාරුව

     (5)පානය කිරීමට ,රෙදි සේදීමට ,වාහන සේදීමට ,වැසිකිලි යාමට,වගා කටුතුවලට ,මල් පැළ වලට වතුර දැමීම

     (6)S.W.R.D බණ්ඩාරනායක

     (7) අනිලමානයෙනි

     (8) කැරපොත්තා ,කිකිළි

     (9) අම්බලන්තොට

     (10) නාවල- අන්නාසි

      පිළිමතලාව- පිත්තල බඩු

      රත්නපුරය- මැණික්

      වේවැල්දෙනිය- වේවැල් භාණ්ඩ

     (11) ග්‍රාම නිලධාරී කාර්යාලයට

     (12) ජුනි 26

     (13) කුවේණි -හෙන්රි ජයසේන මහතා

           නරි බැනා - දයානන්ද ගුණවර්ධන මහතා

    (14) ධාතුසේන රජතුමා

    (15) පට්ටිපොළ දුම්රිය ස්ථානය

    (16) බසවක්කුලම හෙවත් අභය වැව ,පණ්ඩුකාභය රජතුමා

    (17) බඹරකන්ද දිය ඇල්ලයි

    (18) 7 කි. රතු,තැබිලි,කහ,නිල් ,ඉන්ඩිගෝ ,දම්,කොළ

    (19) පාපන්දු-  11

     ක්‍රිකට්  -        11

     එල්ලේ -      16

     වොලිබෝල්- 6

    (20) පළමු රජතුමා-විජය රජු

           අවසාන රජතුමා- ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

    (21) ජාතික පක්ෂියා-වලි කුකුළා

          ජාතික සත්වයා -දඩු ලේනා

    (22) 1. අරලිය මල        2. මකුළුවා  3. නැව   4. දෙහි      5. ඇගිලි  6. ආප්ප

           7. බෝනික්කා       8.හෙදිය      9. පොළ  10. කාර්යාලය    11 චිත්‍ර කාමරය 12. පන්ති නායකයා

 

    (23) 1.අබ          2. ඉර          3  පරවියා    4.    නා ගස     5 රතු පාට  

 

            6. පළතුරු බිම     7. කරවිල   8. සිංහයා   9. එළදෙන    10.  ඕලු මල 

    

    (24) තැබිලි වර්ණය 

           නෝට්ටුවේ මුහුණත - නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ,ලක්ෂපාන දිය ඇල්ල ,රතු දෙමලිච්ච්චා

           නෝට්ටුවේ පිටුපස - භාරත නැටුම් යෙදන ශිල්පිනියක් ,බෙර වාදන ශිල්පියෙක් ,නාග රුප මුරගලක්

 

      (25)  1.අපී අහසෙහි සරුංගල් යැවීවෙමු            2.  උමේෂි  සෙල්ලම්  කරයි      3  පොලොන්නරුව පුජා භූමියකි.

  

              4. ගස සුළගට වැනෙයි                          5. අම්මා පොළට යයි 

 

     (26) 1. පුද්ගල නාම - උදාර ,උමේෂි ,අනුර

                     2. සත්ත්ව නාම   -  මාළුවා  ,ගිරවා  ,නයා 

                    3. දව්‍ය  නාම  -මකනය ,පොත  ,බෝතලය

                    4. ස්ථාන නාම  - පාසල ,රෝහල ,පොලිසිය 

 

    (27) දුරකථනය- ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්

           ගුවන් විදුලිය- ගුග්ලි එල්මෝ මාර්කෝනි

 

    (28) මීනා

 

    (29) නිල් ආම්ස්ටෝන්

 

         (30 ) ආනන්ද සමරකෝන් මහතා