ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 01 - 3-වසර සිංහල

ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 01

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

(1 )”ඇහැලේපොල පුත් කුමරු “ලෙස හැදින්වෙන කුමාරගේ නම කුමක්ද?

  • මද්දුමබණ්ඩාර (2) වීර පුරන් අප්පු                       (3) ටිකිරි බණ්ඩාර

(2)”ඇදුම් -පැළදුම් “ මෙම වචනය අයත් වන්නේ ,

       (1)ක්‍රියා පද                              (2) සමාන පද                              (3)යුගල පද

(3)”උදාර -උමේෂි” මෙම වචන අයත් වන්නේ,

      (1)ක්‍රියා පද                              (2)නාම පද                               (3)විශේෂණ පද

(4)”දුවනවා ,කියවනවා “ මෙම වචනය අයත් වන්නේ ,

       (1)ක්‍රියා පද                            (2) විශේෂණ පද                      (3)නාම පද

(5)තම පැස තුළ පැටවුන් දමාගෙන යන සත්වයෙකි .

      (1) මුවා                                    (2)වදුරා                          (3)කැන්ගරුවා

(6) “කාන්තාරයේ නෞකාව “ ලෙස හදුන්වන සත්වයා කවුද ?

     (1)ඔටුවා                              (2) කිබුලා                         (3) තලගොයා

(7) ජාතික වශයෙන් වැදගත් වන සත්වයා මේ  අතරින් කවරෙක්ද?

     (1)කපුටා                          (2) වලි කුකුළා              (3) ගෙම්බා

(8)මීයාගේ පරම සතුරා ලෙස හැදින්වන්නේ කුමන සත්වයාද?

     (1) බල්ලා                           (2) බළලා                          (3) වලිකුකුළා

(9) තම ආරක්ෂාව සදහා කුරු විහිදුවා ගන්නා සත්වයා කවරෙක්ද?

    (1) බළලා                          (2) ඔටුවා                          (3) ඉත්තෑවා

(10) හොද ඉවක් සහිත සත්වයා කවුද?

    (1) බල්ලා                           (2) පුසා                         (3)අලියා

(11) දිය ගොඩ දෙකෙහිම වාසය කරන සත්වයා කවුද?

     (1) දියනයා                     (2) ඉබ්බා                       (3) මාළුවා

(12) මකුළුවා පාද කියක් ඇති සත්වයෙක්ද?

     (1)  පාද  හයක්               (2)පාද  අටක්                (3) පාද හතරක්

(13) මිනිසාට හිලෑ සතෙක් ,අදායම් උපයන සතෙක් හා සේවය කරන සතා මේ අතරින් කවුද? 

      (1) බල්ලා                        (2) පුසා                             (3)එළදෙන

 

(14) දියගොඩ දෙකෙහිම වාසය කරන මිනිසාට හානි කරන සත්වයා කවුද ?

       (1)කිබුලා                                     (2) ගෙම්බා                       (3) ඉබ්බා

(15) රබුටන් වලට ප්‍රසිද්ධ නගරය කුමක්ද?

        (1) බටලිය                                  (2) මල්වාන                         (3) කෑගල්ල

(16) පරාක්‍රමබාහු රජතුමා රජකම් කලේ කොහෙද?

       (1) අනුරාධපුරයේ                       (2) මහනුවර                      (3)පොළොන්නරුවේ

(17)  සිලින්ඩරයකට උදාහරනයක් ලෙස දැක්විය  හැක්කේ මේ අතරින් කුමකටද?

     (1) සැමන් ටින් එකක්       (2) බෝලයක්                (3) ගිණි පෙට්ටියක්

(18) හිලව්වට ගොවිතැන් කටයුතු වලට සහාය දීම මේ නමින් හැදින්වේ.

           (1) කයීය                                      (2) අත්තම                                     (3)අදය

(19)ගසක අලුතෙන් එන අත්ත හදුන්වන්නේ?

     (1) රිකිල්ල                            (2) දල්ල                                   (3)දෙබල

(20) අක්කා :නංගි  නම් අයියා :...................................

      (1) තාත්තා                         (2) අක්කා                          (3) මල්ලි

 (21) කුප්පිලාම්පුවට : භූමිතෙල් නම් කළයට :............................................

      (1) වතුර                               (2) පෙට්ට්‍රල්                         (3) මැටි

 

(22) පැන : තින්ත නම් කාරය :.......................................................

       (1) රියදුරු                              (2) ටයර්                          (3) ඉන්ධන

(23) බෙල්ලට : මාලය නම් ඉණට :................................................

       (1) පාසලබ                           (2) හවඩිය                         (3) හවරිය

(24) පාබල හමුදාවට : ගොඩබිම නම් ගුවන් හමුදාවට :.........................................

       (1) දියබ                                 (2) අහස                              (3) ජලය

(25) කොටියා : සිව්පා  නම් මිනිසා : ...............................................

       (1) බහුපා                               (2) දෙපා                            (3) උරග

(26) දෙහි : ඇබුල්රස නම් සිනි :.............................................................

       (1) තිත්ත රසයි                     (2) කහට රස                       (3) පැණි රස

(27) ගිරවා :බෙනය  නම්  වේයා  : ..........................................................

     (1) කුඩුව                                      (2) ගුහාව                             (3) තුබස

 

(28) ගලේ කෙටු .......................................... වගෙයි .මෙම කියමනට වඩාත් සුදුසු වචනය වන්නේ ?

       (1) චිත්‍ර                                     (2) නටබුන්                      (3)  අකුරු

(29) කුරුල්ලා ..................................... ඇරියා වගෙයි මෙම කියමනට වඩාත් සුදුසු වචනය වන්නේ ?

      (1) කුඩුවෙන්                            (2) මිටින්                           (3) රංචුවෙන්

(30) ඉසේ ඇම්මට .........................................................මාරු  කළා  වගෙයි. මෙම කියමනට වඩාත් සුදුසු වචනය වන්නේ ?

      (1) ඇද                                       (2) මෙට්ටේ                     (3) කොට්ටේ

(31) දිය පාරක් හරහා දමා ඇති කොටස  මේ නමින් හැදින්වේ

      (1) ඒ දණ්ඩ                             (2) පාලම                              (3) කොටය

(32) ගවයන් බලන තැනැත්තා මේ  නමින් හැදින්වේ.

       (1) තොටියා                        (2) ගොවියා                            (3) ගොපල්ලා

(33) කියවීමට පොත් තබා ඇති ස්ථානය මේ නමින් හැදින්වේ.

        (1) පුස්තකාලය                 (2) පාසල                             (3) පුස්තකය

( 34) මෙයින් වඩුවා භාවිතා කරන උපකරණයක් වන්නේ?

  • ලබය (2) අතකොළුව                   (3) සවල

(35) තැපැල්  ස්ථානාධිපති සේවය කරනු ලබන්නේ මින් කුමන ස්ථානයේද?

      (1) තැපැල් කාර්යාලයේ        (2) දුම්රිය ස්ථානයේ         (3) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ

(36) පොලිස් ස්ථානාධිපති සේවය කරනු ලබන්නේ මින් කුමන ස්ථානයේද?

      (1) තැපැල් කන්තෝරුවේ     (2) පොලිස් ස්ථානයේ        (3) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ

(37) කරුණාසිරි නිතරම සුළු දෙයකට පවා මිතුරන් සමග සණ්ඩු සරුවල් කෝළාහල කර ගනී .මේ නිසා  කරුණාසිරි ,

       (1) උන්මන්තකයෙකි             (2)කළහාකාරයෙකි            (3) පරාර්ථකාමියෙකි

(38) උදාරගේ මව රැකියාවක් නොකරයි .ඇය ගෙදර දොරේ වැඩ කටයුතු කරමින් ආහාර පිළියෙළ කරමින් ,දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු කරමින් නිවසේ සිටි.ඒ අනුව උදාරගේ මව

       (1) ගෘහණියකි                      (2) උත්සහවන්තියකි            (3) වැඩකාරියකි

(39) ධනපාල මුදලාලි අවශ්‍ය දෙයට පවා මුදල් වියදම් නොකරයි .කොපමණ සල්ලි තිබුනත් හරියට කෑමක් බිමක් නොකයි .ඇදුම් පැළදුම් පවා මිලදී නොගෙන ධනය රැස් කරයි .ඒ අනුව ධනපාල මුදලාලි,

     (1) උත්සාහවන්තයෙකි          (2) පෝසතෙකි                     (3) මසුරෙකි

     

(40)දැඩි නියග කාලයක දක්නට නොලැබෙන දෙය මේ අතරින් කුමක්ද?

          (1) මඩවුණු පාරවල්                      (2) දිය සිදී ගිය වැව්             (3)ඉරිතලා ගිය පොලව