ශු. ඇග්නස් මුනිවරිය - 5-වසර කතෝලික ධර්මය

ශු. ඇග්නස් මුනිවරිය

ක්‍රි.ව. 2 වන සියවසේ විසු ප්‍රාණ පත්‍යාගින් අතර තරුණ වියේදී ම ප්‍රාණපරිත්‍යාගී කිරීටය හිමිකරගත් ශුද්ධවතුන් අතුරින් ශු. ඇග්නස් මුනිවරියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. වැලේරියානු අගරජ සමයේ විසු ඇය කුඩා කල සිටම දෙවි මහෝත්තමයාණන් කෙරෙහි දැඩි ගැඹුරු විශ්වාසයකින්ද, මර්‍ය්‍යදාවයෙන් පිරිසුදු ජීවිතයක් ගත කළාය. එතුමිය පිළිබඳ ඇතැම් ඉතිහාස දත්ත සැක සහිත වුවත් එතුමිය රෝමයේ ජීවත් වූ බවට නිසැකවම ඉතිහාසඥයෝ කරුණු ඉදිරි පත් කරති. ඇගේ වයස අවු. 16 වන විට තම උපන්නදිය සැමරූ අවස්ථාවේදී තම දෙමාපියන්කැටුව දිව්‍ය පූජාවට සහභාගිවී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගෙන රදගුරුතුමන් පාමුල දණින්වැටී තම මුළු දිවියම, ජේසු සමිඳුන්ට තිළිණයක්කොට, කන්‍යාවක ලෙස දීවි ගෙවන බවට ප්‍රතිඥාවක්ද භාරයක්ද වූවාය.

එදිනම සවස රෝමානු ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා ඇය විවාහ කර ගැනීමේ අදහසින් ඇයට වටිනා තෑගි එවු අතර, ඒවා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළ ඇය “ස්වර්ගීය රජාණන්වහන්සේගේ පුත්‍රයාණන්වන ක්‍රිස්තුන් වහන්සේ හා මම විවාහ ගිවිස ගෙන සිටිමියි අභීතව පැවසූවාය. ” මේ පිළිබඳව දැඩි ලෙස කෝපාවිශ්ට වූආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා ඇය සිරභාරයට ගත් අතර රෝමානු සොල්දාදුවෝ දැඩි ලෙස අවඥා සහගතව සිරගෙට ඇදගෙන ගොස්එහි දී බොරු මිථ්‍යාදෘෂ්ටික දේවතා රූප වලට මල්සහ දුම් පිදීමට බල කර නොයෙක් වද හිංසා කරමින් හිරිහැර කර සිටියෝය.

ඇග්නස්තරුණිය නොසෙල්වී ජේසුතුමා වෙත සිත සහ දෑත් ඔසවමින් යාච්ඤා වේ යෙදුනා මිස, ඒ අදමිටුවනට කීකරු වුයේ නැත. ආණ්ඩුකාරයාගේ තරුණ පුත්‍රයා පැමිණ මේ සියලු වද හිංසාවලින්ඇය ගලවන බවට පොරොන්දු වී තමා සමඟ විවාහ වන ලෙස ඇයගෙන් නැවත නැවත ඉල්ලා සිටියේය. එහෙත් ඇග්නස් පිළිතුරු දෙමින් “මගේගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුන්වහන්සේට පමණක් මා අයිතිය” යි කීවාය. ඇගේ වදන් ඇසු ආණ්ඩුකාරයාගේ පුත්‍රයා ඇය මරණයට අණ කළේය. මෙම දිරියමත් තරුණිය ඉදිරියේ සිටි සොල්දාදුවා එක් කඩුපහරින් ඇය මරණයට පත් කළේය. ඇය අන්තිමය දක්වා ජේසුස් සමිදුන් වෙත විශ්වාස වන්තව සිටියාය.