5-වසර කතෝලික ධර්මය

ශු. ඡෝන් මේරි වියානි මුනිතුමා

 

ශු. ජෝන්රි මේරි වියානි මුනිතුමා ප්‍රංශයේ ආර්සස් හී පියතුමා ලෙස ප්‍රසිද්ධියට පත්විය. ප්‍රංශ විප්ලවය ආරම්භවූයේ මෙතුමාගේ වයසඅවු 03 දීය. එනම් 1789 දී ප්‍රංශ විප්ලව වාදීන් එකල පැවති පැරණි සමාජක්‍රමය සහමුලින්ම පාහේ වෙනස් කළහ. නිදහස සමානාත්මතාව සහ සාංඝිකත්වය වෙනස්වන ස්වරූපයක් දක්නට ලැබුණි. ඔවුන් කතෝලික සභාවට පහර එල්ල කරන්නට වූයේ පැරණි රජපෙලපත් ක්‍රමය හා බැඳීසිටි හෙයිනි. එකල ආත්මාර්ථකාමිත්වයෙන් ජනතාව මුදාගනු සදහා ආර්ස් හී පියතුමා ඉදිරිපත්ව දෙවියන්වහන්සේ වෙත ඔවුන් ගෙනෙන්නට උත්සහ කළහ. විප්ලවවාදින් තම මුල්යහපත් ප්‍රතිපත්ති පසුව අමතක කළහ. පාවාදුන්හ.

මෙතුමා ලයන්ස් නගරයේ දි 1786 දී මැයි 08 වන දින ගොවිපවුලකින් උපත ලදහ. විප්ලව වාදින් මැද රහසින් තම කිතුනු විශ්වාසයට අනුව ජීවත්විය. සමහර පූජක තුමන්ලා මෙන්ම පැවිදි අය රජයට පඬව පාප්තුමාට අවනත වීම අත්හැරියහ. මෙම පීඩනයේදි පැරීසියේ නෝටර් ඩැම් හි කාමලයිට් පැවිදි සොහොයුරියන්ට තද බල ලෙස හිරිහැර ඇතිවිය. වසර 18 දී තරුණ වියානි පූජකතුමකු වීමට සිතීය. අධ්‍යාපන පහසුකම් නොලැබුණද වසර 20 දී පූර්ව දෙව්සත්හලට ඇතුළු විය. එහෙත් අධ්‍යාපන කටයුතු ඉතාමත් අපහසුවිය. සාන්ත ජෝන් රෙජිස් මුනිතුමාගේ වන්දනා ස්ථානයට ගිය මෙතුමා තම පූජක දිවිය ගැන බලාපොරොත්තුවෙන් පැමිණියේය.

වර්ෂ 1809 දී නැපෝලියන්ගේ යුධ හමුදාවෙන් දෙව්සත්හල් සිසුන්පවා යුද්ධයට යා යුතු බවට අණක් ලැබුණි. වියානි තුමා දුර්වලව රෝගාතුරව සිටිහෙයින් කණ්ඩායම සමග යාමට නොහැකි විය. මේ නිසා ඔහු පැනයන්නට සිතූ කෙනෙකුයි සිතා නගරාධිපතිගේ ගෘහයේ වැඩකටයුතු සඳහා යෙදවීය. පසුකාලීනව නැපෝලියන් අවතැන් වූවන්ට සමාවදීම නිසා වියානිට ගෙදර ගොස් දෙව්සත්හලට යාමට හැකිවිය. අධ්‍යාපන කටයුතුවල දුර්වලව සිටි ඔහුට ඛෙලිපියතුමා විශේෂ අධ්‍යාපනයක් ලබාදුනි. එවිට තම මවගේ සොහොන ලඟට ගොස් තමාට පූජක තුමකු වන්නට හැකිවන පිණිස යාච්ඤා කරන ලෙස ඉල්ලීය. ඛෙලිපියතුමාගේ උත්සහය හා මගපෙන්වීම තුළ සුළු තේවාවරම් ලැබූ වියානි මුනිතුමා 1815 අගෝස්තු 12 වන දින පූජකවරය ලැඛීය. ඛෙලිපියතුමාගේ මරණයට පෙර දෙදෙනා සතුටින් කල්ගත කළහ. එතැනට පැමිණි නවපියතුමා වියානි පියතුමාව බාරනොගත් බැවින් 260 ක් පමණ ජනතාව විසූ දුෂ්කර ග්‍රාමයක් වූ ආස්වෙත යැවීය.

විප්ලවය නිසා මෙම ග්‍රාමය ආගමික අතින් බිඳ වැටී තිබුණි. වර්ෂ 1818 දී වියානි තුමා ඈත්වූ අයව සභාවට ලංකර ගැනීමට පියවර ගති. දුෂ්කර ජීවිතයක් ගත කළ මෙතුමා ශුද්ධවන්ත භාවය තුළ සත්ප්‍රසාදීය සංඝයක් ඇති කළේය. මාගේ මීසම හරවා දුන මැනවයි නිතර යැදීය. ඒ අතර පෙත්සම් ලියූහ. රදගුරු තුමාගේ අණපරිදි අවට නගරවල දේශනාවලට ගියහ. පශ්චත්තාපය ගැන දේශනා කළහ. බොහෝදෙනා එතුමාගෙන් පාපඋච්චාරණය කර ගැනීමට පැමිණියහ. අවසානකාලයේ වසරකට 80000 ක් පමණ දෙනා යුරෝපයෙන් ඇමරිකාවෙන් පැමිණ ආස්නගරයේදී පාපඋච්චාරණය කරගත්හ. එතුමා තම දේශනා තුළින් ඔවුන් දෙවියන් වහන්සේවෙත ලං කළහ.

වියානිතුමා ආස්හි අත්හැර දැමු ගැහැනු දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කරනලදී. කෑමබීම දීමට අඩු පාඩු ඇතිවන විට තම පූජකවරය සදහා උනන්දු කළ සා ජෝන්රෙජිස් තුමා ලඟ වැඳවැටී දරුවන් සමග යාච්ඤා කළේය. බොහෝ ආධාර ලැබුණි. මෙය ප්‍රාතිහාර්යක්ම විය. මෙතුමා බරපතල පව්කරුවන් සමිදුන්වෙත ගෙනා අතර. වසර 41 ක සේවාවට පසු ශාරීරිකව ඉතා දුර්වල විය. මෙතුමාගේ ප්‍රධානතම මංගල්‍යයක්වූ දිව්‍යසත්ප්‍රසාද මංගල්‍යය පැවැත්වූ 1859 ජූනි මස 23 දින එතුමාද ඊට සහභාගිවිය. ජූලි මස 30 වන දින පාපඋච්චාරණය ඇසීමට නොපැමිණියේය. එතුමාගේ මරණ මොහොත ගැන අසා පැවිදි පූජක ගිහි ප්‍රභුන් ආස් ග්‍රාමයට ඒකරාශි වූහ. දෙවියන්වහන්සේ කෙතරම් කරුණාවන්තද කියා එතුමා මෙනෙහි කරමින් සිටියදී අගෝස්තු 04 දින ස්වර්ගස්ථ විය.

11 වන පියුස්පාප් තුමා 1925 දී එතුමාව ශුද්ධවන්තභාවයට එසවූ අතර 1929 දී පදවි පූජක පියතුමන්ලාගේ ආරක්ෂක මුනිතුමා ලෙස සාන්තුවරයකු කිරීම නොසුදුසු බව සඳහන් කළ විටක 11 වන ජුවාම් පාවුළු පාප්තුමා මෙම විවේචනයට දුන් පිළිතුර වූයේ ජෝන් මේරි වියානි මුනි පාමුල 1986 ඔක්තෝබර් මස 06 වන දින පූජක තේවාචාරි දෙව්සත්හල් සිසුන් ආදින් සදහා විශේෂ ඥාන කාන්තියක් පැවැත්වීමයි.


ලිපිය නිර්මාණය කලේ,
S
Shanuka Dilshan


SUPER ADMIN

අදාල තවත් ලිපි,



Shanuka Dilshan

5-වසර කතෝලික ධර්මය

අනෙකුත් ලිපි