සතුන්ගේ නාද, මිනිසුන්ගේ කටහඬ, රථ වාහනවල නලා හඬ, අපට එදිනෙදා නිරතූරුව ම ඇසෙන ශබ්ද (sound) කිහිපයකි.
අපට ඇසෙන විවිධ ශබ්ද පිළිබඳ ව සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
ක්‍රියාකාරකම 6.1
බාහිර පරිසරයේ දී ඔබ විවිධ ශබ්ද අසන්නට ඇති. ඇසෙන ශබ්දවල ස්වභාවය පිළිබඳ තවදුරටත් සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
ක්‍රියාකාරකම 6.2
අවශ්‍ය ද්‍රව්‍ය :- බ්‍රිස්ටල් බෝඩ්, කතුරක්, මැලියම්
ක්‍රමය :
ශබ්ද නිපදවෙන්නේ කෙසේ දැ යි සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකම්වල යෙදෙමු.
ක්‍රියාකාරකම 6.3
අවශ්‍ය ද්‍රව්‍ය :- බයිසිකල් සීනුවක්
ක්‍රමය :
බයිසිකල් සීනුව නාද වන අවස්ථාවේ දී යම් දෙදරීමක් සිදු වන බව ඔබට දැනෙනු ඇත.
ශබ්දය නිපදවෙන ආකාරය පිළිබඳ සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි ද යෙදෙමු.
ක්‍රියාකාරකම 6.4
අවශ්‍ය ද්‍රව්‍ය :- කූඩා රබානක් සහ කුඩා කඩදාසි කැබලි කිහිපයක්.
ක්‍රමය :
රබාන වාදනය කරන විට එහි සම් පටලය මත ඇති කුඩා කඩදාසි කැබලි චලනය වන බව ඔබ දකින්නට ඇති. එසේ වන්නේ රබානේ සම් පටලය ද දෙදරීම හෙවත් ඔබ මොබ චලනය වීම නිසාය. මෙසේ හඬ නිපදවෙන
සෑම අවස්ථාවක දී ම සිදුවන ඔබ මොබ චලනය කම්පනය (vibrations) ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව ශබ්දය හෙවත් ධ්වනිය නිපදවන්නේ යමක් කම්පනය වීමෙන් බව පැහැදිලි වේ.
මේ ආකාරයට ධ්වනිය නිපදවන වස්තු ධ්වනි ප්‍රභව (sources of sound) ලෙස හැඳින්වේ. සතුන්, විවිධ උපකරණ, සංගීත භාණ්ඩ ආදිය ධ්වනි ප්‍රභව සඳහා නිදසුන් වේ.
විවිධ ශබ්ද නිපදවීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම්වල යෙදෙමු.
ක්‍රියාකාරකම 6.5
ඉහත ආකාරයට සරල ක්‍රියාකාරකම් මගින් විවිධ ශබ්ද නිපදවා ගත හැකි බව පැහැදිලි වේ.
පැවරුම 6.1
විවිධ වූ ශබ්ද නිපදවීමට වෙනත් සරල කි්‍රයාකාරකම් කීපයක් අත්හදා
බලන්න.