සෝලියස් මැන්දිස් නම් සිත්තරා - 7-වසර චිත්‍ර කලාව

සෝලියස් මැන්දිස් නම් සිත්තරා

වයඹ පලාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් මහවැව මාදම්පේ ආයුර්වේද වෛද්‍යවරයකු වූ  වලිමුනි සිරිනෝරිස් මැදන්දිස් මහතාගේ හා එම මහත්මියගේ  පුත්‍රයකු ලෙස වර්ෂ1896 ජුනි17වන දින මෙතුමා උපන්නේය.නාත්තන්ඩිය ට ආසන්න මාවිල නම් පන්සලෙන් හත්වැන්න දක්වා අධ්‍යාපනය  ලද එතුමා පසුව මාදම්පේ  කතෝලික  පල්ලියෙහි සහ නාත්තන්ඩිය  වීරහේන පිරිවෙනේ ද ශිල්ප  හැදෑරීය.

මැන්දිස්  සිත්තරාගේ සිතුවම්  ජීවිතයට අත්පොත් තැබෙන්නේ මාරවිල සුමන කුසුමාරාමයෙහි සිතුවම්  ඇඳීමෙනි.

දහනවවන සියවස වන විට විදේශ  ආක්‍රමණ නිසා කැඩී බිඳී  විනාශ වී තිබූ කැළණි  විහාරයේ සිතුවම් නිර්මාණය  සඳහා එතුමා තෝරාගනු ලැබිනි.1930දී පටන් ගත් කැළණි විහාරයේ සිතුවම් හා මූර්ති  හා විහාර මන්දිරයේ නිර්මාණය ද එතුමා  විසින් වර්ෂ1948වනතෙක් එනම් පුරා වසර 19 සිදු කරන ලදී.

මෙම සිතුවම් සඳහා  වර්ණ යොදා ගන්නා ලද්දේ ස් ස්වභාවික අමුද්‍රව්‍ය මගිනි.මංගල හා දුනුමාල යන ප්‍රදේශවලින්  මකුළු  මැටි ., කටු නෙරෙන්චි ,මදටිය කොළ ,පාට බොරළු ,දියමි මිත්ත කොල නිල් අවරිය කොළ, සාදිලිංගම් යනාදිය භාවිතා කොට ඇත  .

මෙ ම අමුද්‍රව්‍ය පළමුව තැඹිලි වතුරෙන් දියකර රෙදිකෑල්ලකින් පෙරා අව්වේ තබා ඇත.ජලය වාෂ්ප වී ගිය පසු බිත්තර සුදු මද, දිවුල් මැලියම් ,කුරුඳු යුෂ, කජු මැලියම් සමග වර්ණ මිශ්‍ර කර ගනු ලබයි .ඉන්පසු පල්මානික්කම් ස්වල්පයක් ද ඊට එකතු කර ගනී .