කතරගම දේවාල පෙරහැර - 7-වසර නර්තනය (සිංහල)

කතරගම දේවාල පෙරහැර

 

කතරගම දේවාල පෙරහැර සිංහහල හින්ද මුස්ලිම් ආදීවාසින් ආදී සියලු ජනයාගේ ආගමික පෙරහරක් ලෙස හැඳින්වේ.

කරතගම දේවාල පෙරහැරේ අරමණු

  1. බැතිමතුන්ගෙ අපල උපද්‍රව දුරු කිරීම
  2. දේවාශිර්වාද ලැබීම හා රටට සෙත් පැතීම
  3. වර්ෂාව හා ශෂ්‍රීකත්වය ලබා ගැනීම
  4. ස්වාභාවික විපත් වලින් රට බේරා ගැනීම

පෙරහැර පැවැත්වෙන කාලය

කප් සිටවීමෙන් දින 44ක් ගෙවණ තැන දී එළඹෙන අමාවක ගෙවි පුර පෑලවිය දිනයේ සුබ නැකතින් කතරගම දේවාල පෙරහැර ඇරඹේ. ඇසල මාසයේ මංගල්‍ය පැවැත්වෙන මුළු කාලය තළම කතරගම දෙවියන් මිනිස් ලොවට පැමිණ සිටවන ලද කපෙහි වාසය කරන බවට විශ්වාසයක් පවතී. ඒ නිසා සිටවන ලද කප් පූජා වස්තුවක් ලෙස සලකන ලැබේ.

කතරගම දේවාල පෙරහැර හා සබැඳි චාරිත්‍ර

කතරගම දේවාලයේ සාම්ප්‍රධායික වශයෙන් වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍ය උත්සව 03කි.

  • අවුරුදු මංගල්‍ය
  • ඇසළ මංගල්‍ය
  • ඉල් මහා මංගල්‍ය වශයෙනි.

ගින පෑගීම, බිම පෙරළීම, කටු ගැසීම ආදී දුෂ්කර කාරයන්හි නියැලෙන්නේ දෙවියන් වෙනුවෙන් දැඩි භක්තිය ප්‍රකාශ කිරීම සඳහාය. මඟුල් පෙරහැර පැවැත්වෙන දිනයේදී කැවුම්, කිරිබත් සකස් කිරීම චාරිත්‍රයක් වශයෙන් සිදු වන්නකි. මෙම කැවිලි සකස් කරනුයේ් දේවාලයේ තේවා කරුවකවන ගම්පහ විදානේය. පෙරහැර පටන් ගැනීමේ දී වත බැදීම නම් චාරිත්‍රයක් වේ. වත බැදීම යනු දේවාභරණ ගෙන යන ඇතු පිට වස්ත්‍ර ඇතිරීමයි.

ගායන හා වාදන අවස්ථා

ඇසළ පුර පසළොස්වක ගෙවී අඩ පෑලවිය ලබන දිනයේ්දී වේගවත් පෙරහැර නමින් හැඳින්වෙන විශේෂ පෙරහැරක් පැවැත්වේ. දුවන පෙරහැර යනු මෙයට තවත් නමකි. මෙම පෙරහැර මහා දේවාලයෙන් නික්ම වල්ලි අම්මා දේවාලය වෙත යයි. මෙහිදී විශේෂ හේවිසි වාදනයක් දැකිය හැකිය.නිළධාරීන් ඉදිරියේ පැවැත්වෙන හේවිසි වාදනයේ දී වාදනය කරන ලබන්නේ එම අවස්ථාවට පමණක් සැකසනු බෙර පදයකි. මෙම බෙර පදය නම් කර ඇත්තේවීර පදය නමිනි.

හේවිසි වාදනය මෙන්ම දමිළ බෙරය, නාගස්වරම් ආදී භාණ්ඩ වාදනය කිරීම මෙම පෙරහැරේ දැකිය හැකිය. ඊට අමතරව දේශීය වාද්‍ය භාණ්ඩ ද වාදනය කෙරේ. දෙවියන් වැඩම කිරීම සිදු කරන්නේ මහ දේවාලයෙන් ලබා ගත් පිරිත් පැන් දේවාලය පුරා ඉසීමෙන් හා තැම්පත් කිරීමෙන් අනතුරුවය එහිඳී හරෝ හරා යන නාදයෙනුත් තූර්ය වාදන, ඝන්ටා හා සීනු නාදනයෙනුත් අවට පරිසරය ගිගුම් දෙයි. පෙරහැර එළිය කරන පන්දම් කරුවන්ද, සුවද දිය හා මල් ඉසින්නන්ද මාර්ගය පිරිසිදු කිරීම පිණිස කහදිය ඉසින්නන් ද ස්තෝත්‍ර හා ද්‍රවිඩ ගීතිකා ගායනා කරන්නන් ද පෙරහැර දෙපසින් ගමන් කරනු දැකිය හැකිය. මෙහිදී සිංහල හා ද්‍රවිඩ ජනතාවගේ එකමතු කමද පෙනේ. මෙහි දිසවන්නේ් රජ පෙරහැරක ස්වරූපයකි. ඊට හේතුව රජ පෙරහැරක ඇතුළත් වූ සෑම අංගයක් ම මෙම දේවාල පෙරහැරෙහි අන්තර්ගතව තිබීමය.

නර්ථන රංග වස්ත්‍ර හා සැරසිලි

පෙරහැරෙට වැඩම කරනු ලබන ක්ෂුද්‍ර වස්තු, යන්ත්‍ර හා දේවරූප ගෙන යන ලබන්නේ කපුුරාල විසිනි. දේවාලයේ සිටින මේදිය තෙක් වූ මාර්ග රතු පලසක් වැනි පාවඩයකින් හා සුදු වියනකින් සැරසීමත් ක්ෂුද්‍ර වස්තු ගෙනයන කපුරාල මුඛවාඩමකින් හා තලප්පාවකින් සැරසීමත් මේ අවස්ථාවේ දී දැක ගත හැකිය. අලි ඇතුන් මෙන් විදුලි බුබුලු වලින් හා වීදි සැරසිලි වලින් පෙරහැර අලංකාර වේ. පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නේ ඉරහඳ නිරූපණය කෙරෙන සේසත් දරන්නන් හා දිසා කොඩි දරන්නෝ පෞරාණික නියමයක් අනව තමතමන්ට නියමිත කාඩි ඔසවා ගත යත්තේ නින්දගම් ලබන්නන් විසිනි. ඊලගට නිළමෙ ඇඳුමෙන් සැරසුනු බස්නායක නිලමෙ සහ දේවාලයේ ලේකම්වරයා දැකිය හැකිය.ඔවන් දෙදෙනා දෙපස කපරු සහ පහන් ඇතැති හේවා කරුවෝ දෙදෙනෙක් සිටිති. දෙවියන් වැඩමවන ඇතු පිට මුඛ වාඩමින් සැරසුනු කපුරාලය. දෙවියන්ගේ ආරක්ෂාවට මෙන් එසේ ගමන් කරනුයේ මහ දේවාලයේ කපුරාලයි. ඇතු පිටපසින් අත්වැල් බැදගත් ආලත්ති අම්මලා ගමන් කරති.

උඩරට පහතරට හා සබරගමු ආදී සාම්ප්‍රදායික නර්තනාංග මෙන්ම කලු, ගොයම් හා රබන්, සවරම්, චාමර වෙවැල් තාලම ලී කඩු ආදිය විවිධ නැටුම් වලින්ද සිංහ නැටුම, මොනර නැටුම ආදී නිර්මාණ වලින්ද මෙම පෙරහැර අලංකාර වේ.ද්‍රවිඩ සංස්කෘතිය හා බැදුනු කාවාඩි නැටුම කොහොඹ කලය ආදි නැටුම් මෙම පෙරහැරේ සුවිශේෂිලක්ෂණ වේ.