8-වසර දහම් පාසල (බෞද්ධ)

34 පාඩම, සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)

  • සිංහල බෞද්ධකම පිරිහෙමින් පැවති වකවානුවක සිංහලයාගේ ජාතික ආගමික හැඟීම් පුබුදුවාලීමට සමත් වූ වීරවයෙකි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා.

  • අනගාරික ධර්මපාල තුමන් ගැන වැදගත් කරුණු.

    උපත - 1864 සැප්තැම්බර් 17.
     

    මුල් නම - ඩේවිඩ් හේවාවිතාරණ.
     

    පියා - දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා.
     

    මව - මල්ලිකා හේවාවිතාරණ මැතිණිය.
     

    අධ්‍යපනය -
    මූලික අධ්‍යාපනය ක්‍රිස්තියානි පසල් වලින්.
    විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගෙන් සිංහල, පාලි හා බුදුදහම උගත්තේය.

  • අනගාරික ධර්මපාලයන් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ලිපිකරු තනතුර අතහැර ආගමික කටයුතු වල නියැලිණි.

  • හෙතෙම 1894 දී ඩේවිඩ් නම අතහැර ධර්මපාල යන ආර්ය සිංහල නම භාවිතා කිරීමට පටන් ගත්තේය.

  • සිංහල මුස්ලිම් අරගල සමයේදී සිරභාරයට පත් වී වසර 7 ක් නිවාස අඩාස්සියේ සිටි ධර්මපාල තුමා එම කලය ආගමික කටයුතු සඳහා යෙදවීය.

    සටහන:-

    නිවාස අඩස්සියේ තැබීම යනු, උසාවිය විසින් සඳහන් කරනු ලබන යම් නිශ්චිත ප්‍රදේශයකට වඩා එපිටට බැහැරව යාම තහනම් කරමින් එම සීමාව තුල රඳවා තබා ගැනීම යි.

    කළ සේවය -

    1. සිංහල සිරිත් විරිත් රැකගැනීමටත් බුදු දහමේ උන්නතිය උදෙසාත් ඇප කැප වී ක්‍රියා කිරීම.

    2. ලංකවේ ප්‍රථම බාලිකා විදුහල වන කොළඹ සංඝමිත්තා විදුහල ඇරඹීමට පුරෝගාමී වීම.

    3. 1906 දී බෞද්ධ ජන මතය ව්‍යාප්ත කිරීමට සිංහල බෞද්ධයා පුවත්පත ඇරඹීම.

    4. ගව මස් කෑමට හා මත්පැන් බීමට විරුද්ධව හඬ නැගීම.

    5. දේශීය කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කිරීම.
     

    වෙදේශ සේවය -

    1. “සිංහලයිනි නැගිටිව්. බුද්ධගයාව බේරාගනිව්“ යන සටන් පාඨය ඔස්සේ සටන් වැද හින්දු පූජක මහන්තා යටතේ තිබූ බුද්ධගයව බෞද්ධයන් වෙත ලබාගැනීම.

    2. බුද්ධගයාව බේරාගැනීම සඳහා 1891 දී මහාබෝධි සමාගම ඇරඹීම සහ “බුඩිස්ට්“ සඟරාව ආරම්භ කිරීම.

    3. වන්දනා කරුවන් වෙනුවෙන් දඹදිව බරණැස් නගරයේ විශ්‍රාම ශාලාවක් කරවීම.

    4. ඉසිපතනයේ මිගදායේ මූලගන්ධගුටි විහාරය ඉදිකිරීම ආරම්භ කිරීම.

    5. 1920 දී කල්කටාවේ ධර්මරාජික විහාරය ඉදි කිරීම.

    6. ඇමරිකාව, එංගලන්තය, තායිලන්තය, ජපානය වැනි රටවල ධර්ම ප්‍රචාරය කිරීම.
     

    පැවිදි වීම - 1931 දී ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරයේදී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ එතුමා 1932 දී උපසපදාව ද ලැබීය.
     

    අපවත් වීම - 1933 අප්‍රේල් 29 දින සිරි දේවමිත්ත ධර්මපාල හිමියේ අපවත් වූහ.
     

    චරිතයෙන් ගත හැකි ආදර්ශ -

    1. උගත හැකි සියලු දේ හොඳින් ඉගෙනීම.

    2. උගත්, බුද්ධිමත් පඬිවරුන් ඇසුරු කිරීම.

    3. තනතුරු තාන්නමාන්න අහිමි වූවද විදේශීය ආධිපත්‍යට යටත් නොවී ස්වාධීනව නැගීසිටීම.

    4. සිංහල සිරිත් විරිත් අගය කිරීම හා ඒවා පිළිපැදීම.
     

    නායකත්ව ලක්ෂණ -

    1. චතුර කථිකත්වය.

    2. අවවාද දීමට ප්‍රථම ආදර්ශයෙන්ම එය කර පෙන්වීම.

    3. පුද්ගලයාගේ උස් පහත් කම් නොසළකා සැමට එක ලෙස සැළකීම.

    4. වරද දුටු තැන නොබියව හඬ නැගීම.

    5. කුමන බාධක ගැටලු පැමිණියද තමාගේ ඉලක්කය වෙත නොසැලී ගමන් කිරීම.
     

    අභ්‍යාස:-

    ශ්‍රේණි විභාගය 2016
    1. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ විදේශ ධර්මදූත සේවාව පිළිබඳ කෙටි විස්තරයක් සපයන්න. (ල. 5)


ලිපිය නිර්මාණය කලේ,
යසිරු නවෝදන


SUPER ADMIN

අදාල තවත් ලිපි,



යසිරු නවෝදන

8-වසර දහම් පාසල (බෞද්ධ)

අනෙකුත් ලිපි