12 වසර ,3 වෙනි පාඩම
- වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම -
එම පාඩමෙහි එන , මිල ප්‍රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු .
මිල ප්‍රතිපත්තියක් කියලා කියන්නේ,රජයක් විසින් කිසියම් නිෂ්පාදිතයක්, ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලේ අලෙවි විය යුතු වැඩිම මිල හෝ අඩුම මිල තීරණය කිරීමයි.
ඒ යටතේ එන, උපරිම මිල සීමාකරණය කියන්නේ,
වෙළැඳපොළ මිල යාන්ත්‍රණය යටතේ තීරණය වෙලා තියෙන සමතුලිත මිල,පාරිභෝගියාට අසාධාරණයක් යැයි රජයට ඒත්තු ගිය විට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා රජය විසින් නියම කරනු ලබන මිල යි.
දැන් අපි බලමු...
උපරිම මිල නිසා ඇතිවන ප්‍රථිවිපාක.
දැන් අපි ඒ කරුණු ගැන තේරෙන බාසාවෙන් පැහැදිලි කරගමු.
දැන්....රජය උපරිම මිලක් පනවන්නේ,දැනට පවතින සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයි කියලා තීරණය වුනාම නේ.
උපරිම මිල කියන්නේ,දැනට පවතින සමතුලිත මිල ට වඩා පහළ මිලක්.නිෂ්පාදිතයක මිලත් ,ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා,නිෂ්පාදිතයේ මිල අඩු වුනාම ඉල්ලුම වැඩිවෙනවා.
ඒත් ඒක්කම සාමාන්‍යයෙන් නිෂ්පාදිතයක මිල අඩුවුනාම නිෂ්පාදකයෝ ඒ නිෂ්පාදිතය සපයන්න ටිකක් අදි මදි කරනවා.මොකද profit එක අඩු වෙනවානේ.
ඉතිං,..ඉල්ලුමට සරිලන සැපයුමක් නැති නිසා තමයි භාණ්ඩ හිඟයක් ඇතිවෙලා,අධි ඉල්ලුමක් ඇතිවෙන්නේ.
මෙන්න මෙහෙමයි කළුකඩ මිලක් ඇතිවෙන්නේ.
අපි කලින් කිව්වා නේ ,අධි ඉල්ලුමක් ඇති වෙනවා කියලා,ඒ වගේම පවතින භාණඩද සීමිතයි.
මෙන්න මේ නිසා ගැනුම්කරුවන්ට පෝලිම්වල ඉන්න වෙනවා වගේම,එම භාණඩය මිලදී ගන්න ලොකු කාලයක් බලං ඉන්න වෙනවා.
ගොඩක් අයට එතරම් කාලයක් බලං ඉන්න බැරි නිසා,එයාලා මිල කීය වුනත් ගන්න පෙළඹෙන අවස්තා තියෙනවා.අන්න ඒක තේරුම් ගත්ත විකුණුම්කරුවෝ උපරිම මිල නොසලකා,ලැබෙන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන වැඩිමිලකට එම නිෂ්පාදිතය ඉල්ලන අයට විකුණනවා.අන්න එතනදි තමයි කළු කඩයක් බිහිවෙනවා කියන්නේ.
මිල පාලනය නිසා,සාපෙක්ෂ ලාභය අඩුවෙනව නේ.ඒ නිසා ගොඩක් අය එම නිෂ්පාදන ක්ෂේත්‍ර වල ආයෝජනය කරන එක සීමා කරනවා.
දැන්,මේ උපරිම මිල පැනෙව්වා කියලා ඇති වැඩක් නැද්ද?
උපරිම මිල අර්ථවත් කරගන්න රජයට මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.
(ඒ කියන්නේ,ඒ නිශ්පාදිතය ගැනුම්කරුවන් අතර සාදාරණ ලෙස බෙදා හරින්න ක්‍රමයක් හඳුන්වා දෙනවා කියන එකයි.)
සලාක ක්‍රම නම් ගොඩක් තියෙනවා.ඒ අතර මෙන්න මේ වගේ මිල නොවන සලාක ක්‍රමත් තියෙනවා.
ඒ කියන්නේ,මිල වැඩි භාණ්ඩයක් එක්ක මේ භාණඩයත් අලෙවි කරගැනීමයි.උදාහරණයක් විදිහට,ඔය හිටපු ගමන් කඩවල්වල සීනි කිලෝ එකක් ගත්තම තේ කුඩූ ග්‍රෑම් 500 ක් නොමිලේ දෙනවා කියලා කියනවා නේද?අන්න ඒ වගේ තත්ත්වයක් තමා මේ.
මේ මං පැහැදිලි කරේ තියරි කොටසනේ,ඉදිරියේදී,පාරිභෝගික අතිරික්තයටයි ,නිශ්පාදන අතිරික්තයටයි මොකද වෙන්නේ කියලත් රූප සටහන් ඇසුරෙන්ම කියලා දෙන්නම්.
දැනට මෙන්න මේ ටික ඔලුවේ තියාගන්නකෝ...
අතිරික්තයක් කියන්නේ ඉතුරුවක්.
උපරිම මිලක් පනවන්න කලින්,ඒ කියන්නේ සමතුලිත මිලේදී,
පා.අතිරික්තය = නි.අතිරික්තය.
උපරිම මිලේදී(කලු කඩයක් බිහිවෙන්න කලින්)
පා.අතිරික්තය > නි.අතිරික්තය
කලුකඩ මිලක් දාක්වා ගියා ම,
පා.අතිරික්තය < නි.අතිරික්තය
එහෙනම් තවත් මේ වගේ සරල බසින් සමන්විත විෂය කොටසකින් හම්බෙමු.
සැකසුම - නෙත්මි හසාරා