අශෝක රජතුමා - උසස්පෙළ ඉතිහාසය

අශෝක රජතුමා

අශෝක රජතුමා


මෞර්ය අධිරාජ්‍යයේ බිහිවූ ශ්‍රේෂඨතම පාලකයා වශයෙන් ලෝක ඉතිහාසය තුළ පිළිගැනීමට ලක් වනුයේ අශෝක අධිරාජ්‍යයායි. ක‍්‍රි.පූ. 322 දී චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගෙන් ආරම්භ වූ මෞර්ය රාජවංශයේ තුන්වන අධිරාජ්‍යයා වශයෙන් සටහන් වනුයේ අශෝක අධිරාජ්‍යයාය. දෙවන අධිරාජ්‍යයා වශයෙන් සඳහන් වන බින්දුසාර රජුගේ පුත‍්‍රයා වනුයේ මෙම අශෝක කුමරුය. දේවානම් පියදස්සී දෙවියන්ට ප‍්‍රිය වූ පි‍්‍රය දර්ශී වූ හෙවත් මිත‍්‍රශීලී බැල්මෙන් යුතු වූ තැනැත්තා ලෙස අසෝකයෝ හදුන්වා ඇත්තාහ මෙසේ මස්කි (කර්ණාටක) හා ගුංරාරා (මධ්‍යම ප‍්‍රදේශය) යන ශිලා ලිපි වලදී පමණක් අශෝක නමට සමානාර්ථ පර්යාය තනි යෙදුමක් ලෙස පියදස්සී යන නම සදහන් කරනු ලැබ තිබේ. මෙයින් සනාථ වන්නේ දෙවානම්පිය පියදස්සී සහ අශෝක යනුවෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයා බවය. සත්‍ය වශයෙන්ම දෙවානම්පිය යන අශෝක නාමයට මුලින් යෙදුණු ගෞරව නාමයක් හෙවත් උප පදයකි. මෙලෙස අශෝක රජු ඔහුගේ මානව හිතවාදී ක‍්‍රියාවන්හිදී ප‍්‍රසිද්ධව සිටියේ ඉහත නාමයෙනි. අශෝක කුමාරයා ක‍්‍රි.පූ. 274 දී රාජ්‍ය ප‍්‍රාප්තියට පත් වූ අතර දීපවංශය හා මහා වංශය වන ප‍්‍රමුඛ මූලාශ‍්‍රයන්හිද, සමන්තපාසාදිකාවේ ද අශෝක කුමරු පිළිබඳ සඳහන් ව ඇත. එසේම බොහෝ බෞද්ධ ග‍්‍රන්ථයන්හීද අශෝක අධිරාජ්‍යයා පිළිබඳ සඳහන් කරනු ලැබේ. විශේෂයෙන් තත් වාර්තා අනුව අශෝක කුමරා සිය සොහොයුරන් මරා රජ වීම හේතුවෙන් චණ්ඩාශෝක යන නාමයෙන් හැඳින්වීමට පටන් ගැනුණි. කෙසේ වුවත් පසුව ඇති වූ කාලිංග යුද්ධවෙන් ඇති වූ ජීවිත හානිය හා විනාශය දැක කළකිරීමට පත් වී බුදු සසුනේ පහස ලැබ ක‍්‍රමයෙන් ධාර්මික වූ අධිරජකු බවට පත් වීය. ඒ හේතුවෙන් මෙතෙක් පැවැති චණ්ඩාශෝක වෙනුවට ධර්මාශෝක යන නාමය භාවිත වූ බවක් දක්නට ලැබේ. දෙවානංපියපියදසී නමින් සිය ශිලා ලේඛන වල නිහතමානී ලෙස හදුන්වනු ලැබීමට ප‍්‍රියකළ අශෝක අධිරාජ්‍යයා ක‍්‍රි.පූ. 274 සිට ක‍්‍රි.පූ 232 දක්වා ඉන්දියාවේ විශාල අධිරාජ්‍යක් පාලනය කළ මෞර්ය වංශික රජ කෙනෙකි ගිර්නාර්, කාල්සි, බාර්ගර්හි , මන්සේහ්රා, ධෞලි, ජෞගදා සහ සොපාරා යන ස්ථානයන්හි දක්නට ඇති හතලිහක් පමණ වූ ශිලා ලේඛන වලින් ප‍්‍රධානතම ඒවාය.


අශෝක රජතුමා උපතින් ජෛන හෝ ආජිවක භක්තියකු ලෙස උපත ලබා ඇත. පාළි සාහිත්‍යය ග‍්‍රන්ථ අනුව මෙතුමා ආජිවකයන්ගේ දායකයකුව සිටි බව සඳහන් වේ. බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුවද මෙතුමා විසින් ආජීවයන් උදෙසා ලෙන් පුජා කළ බව සඳහන් වේ. විශේෂයෙන් ගිරි ලිපි අංක 12 හි සඳහන් වන ආකාරය අනුව බලන කළ ‘‘ පූජෙ තයාතු එව පරපාසංඩා තෙන තෙන ප‍්‍රකරනෙන ’’ අන්‍යය ආගමික පූජකයෝද ඒ හා සමාන වූ ක‍්‍රමයක් ඔස්සේ පීදීමට බඳුන් කළ යුතුය. මේ අනුව අශෝක රජතුමා කිසිදු ආගමකට ගර්හා නොකළ බවත් එසේ කිරීම ද බෞද්ධ දහමට සපුරා එකඟ වනුයේය. එහිදී තම මුල් ආගමට ගරු කොට සැළකීම ඉතා උචිත වූ කාරියක් වශයෙන් බුද්ධ දේශනාව තුළද දක්වනුයේ මැනවිනි. මෙහිදී අශෝක බෞද්ධයකු වූ ආකාරයත් මෙහිදී යම් පරිද්දකින් විමසා බැලිය යුතුය. ඒ අනුව නිග්‍රොධ සාමණේරයාණන් වහන්සේගෙන් අප්පමාදො අමත පදං යනාදී වූ ධර්ම දේසනයට සවන්දීමෙන්ම හෙතම බෞද්ධයකු බවට පත් වී ඇත. ඉන් පස් ක‍්‍රමයෙන් එතුමා බුදුදහම හා සම්බන්ධ වූ අයුරු ගවීමට් ගිරි ලිපියෙහි අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් මම ගිහි උපාසකයෙක්ව විසීමි. එහෙන් මම මහත් උනන්දුවෙන් මනාව පිළිපැදීමක් නො කෙළෙමි. අවුරුද්දකට වැඩි කාලයක් සංඝයා වෙත එළඹ සංඝයා සමග ආශ‍්‍රයෙන් විසුවෙමි. ඒ කාලය තුළ හොදින් පිළිපැද්දෙමි. මේ ආකාරයට බුදුදහම කෙරෙහි පැහැදුණු මෙතුමා කාලිංග යුද්ධයෙන් වුණු විනාශයට සාධාරණයක් ඉෂ්ඨ කරන්නට සැමවිට උත්සහගත් බව සදහන් කරුනු වලින් පැහැදිළිය.