තේ වගාව
ශ්‍රී ලංකාව තුල නිපදවන තේ වර්ගවලින් වැඩිම ඉල්ලුමක් ඇත්තේ පහතරට තේ සදහාය.
තේ ශාකයේ පවතින රූප විද්‍යාත්මක ලක්ෂණ
තේ ශාකයේ පවතින ප්‍රබේධ
පැරණි ප්‍රබේධ - 2025, 2026
නව ප්‍රබේධ - 2027, 3055, 4042, 4049
තේ ශාකයේ ප්‍රචාරණය
මෙය ප්‍රධාන ආකාර 02කට සිදුවේ
තේ වගා කරන්නන් අතර බහුලතම ප්‍රචාරණ ක්‍රමය වී ඇත්තේ බීජ මගින් කෙරෙන ප්‍රචාරණයයි. නමුත් පර පරාගනය වීමේදී අතෙකුත් වර්ග වල ලත්ෂණ මිශු වීම නිසා මෙම ක්‍රමය මගින් සමාන ලක්ෂණ සහිත ඒකාකාර වගාවක් ලබා ගත නොහැක. මුදුන් මුලක් සහිත වීම , විවිධ ක්ලෝන ලබා ගැනීමට හැකි වීම යන කරුණු වාසි ගෙනේ
අතු මගින් ප්‍රචාරණය කිරීමේදී මුදුන් මුලක් රහිත පැල ලැබෙන අතර වඩාත් උසස් ගුණාංග සහිත ශාක ව්‍යාප්ත කර ගත හැකි අතර ඒකාකාරී වගාවක් ලබා ගත හැක.
වර්ධක කදන් මගින් ප්‍රචාරණයට සුදුසු මාතෘ ශාකයන් තේරීම
කදන් කැබලි සැකසීම
කප්පාදු කළ පදුරු වලින් ප්‍රරෝහණ කැබලි ලබා ගත යුතු අතර ඒ සදහාම පුරුදු කරනු ලැබූ ශාක වගා බිම් වල පවතී. පදුරේ මධ්‍ය ප්‍රදේශ වලට ආසන්නවත් වඩාත්ම වියලීමට ලක් වන උස ප්‍රමාණයේ ඇති අතු වලින් කැබලි ලබා නොගත යුතුය. මෙලෙස ලබා ගන්නා ප්‍රරෝහණ කැබලි වර්ග 02කි.
පැළ තවානට සුදුසු ඉස්ථානයක් තේරීම
මුල් ඇති කිරීමට යොදා ගන්නා මාධ්‍ය ප්‍රශස්ථ pH අගය 4.5 – 5 දක්වා හොද වයනයක් සහිත නෙමටෝඩාවන් ආදී ව්‍යාධිජනකයින්ගෙන් තොර විය යුතුය.
තවාන් පාත්ති සැකසීම
අගල් 15-18 වන තුරු පස බුරුල් කර ගල් මුල් ඉවත් කර පතුලට අගල් 2- 3පමණ බොරළු තට්ටුවක් දමා ජල වහනය දියුණු කරයි. ඉන් පසුව වගා මාධ්‍ය යොදා බීජ සිටුවයි.
කදන් කැබලි පැළ කිරීම සදහා ගේජ් 150 පොලිතින් වලින් දිග අගල් 9 හා පළල විශ්කම්භය 5 වන සේ බෑගය සාදා මාධ්‍ය පුරවා ඒ තුල දඩු කැබලි පැළ කිරීම සිදු කරයි. දඩු සිටුවීටම්දී ඇල අතට සිටු වීම මගින් පත්‍ර තලය භූමියට සමාන්තරව පැවතීම නිසා සුළං මගින් වන හානි අවම කර ගත හැක. ඉන්පසුව තවාන ආවරණය කළ යුතුය.
මෙලෙස සකසාගත් පැළ භූමිය තුල සිටු වීමට පෙර බිම් සැකසිය යුතුය. සාමාන්‍යෙයන් තේ වගා කිරීමට අදහස් කරන ගොවින් තේ වගා කිරීමට පෙර ගෝතමාලා , සැවැන්දරා වැනි තෘණ වර්ග මාස 6ක් පමණ වගා කිරීම මගින් පස සරු කර ගනී. පාංශු වයනය පාංශු වාතනය දියුණු කර ගනී. මෙම තෘණ අවශ්‍ය විට ගලවා ඉවත් කරන අතර සාමානයෙන් තේවගා කරනුයේ බැවුම් සහිත ඉඩම් වල බැවින් සමෝච්ච ක්‍රමයට කාණු පද්ධතිය හා වලවල් සකකුණු කර ගත යුතුය. සාමානයෙන් තේ පැළ සමෝච්ච ක්‍රමයට මෙන්ම ත්‍රිකෝණාකාරව, සමචතුරස්‍රාකාරව සිටුවයි. තවන් කරන ලද තේ පැළ මාස 9- 11 පමණ වන විට ක්ෂේත්‍රෙය් වර්ෂා කාළයක් සමග සිටවනු ලැබේ. අඩි 1 ½ - 2 පමණ ගැඹුරට සහ විශ්කම්භය අගල් 9- 12 පමණ වලවල් මීටර් 1.2 * 0.6 පරතැයට සකසා ගනී. හෙක්ටෙයාරයට පැළ 13600ක් පමණ අවශ්‍ය වන අතැ සුළගින් වන හානිය අවම කැ ගත යුතු අතර සම්පූර්ණ ක්ෂේත්‍රෙය්ම එකවර පැළ සිටුවීම සිදු නොකරයි.
තේ සදහා ආවරණ බෝග වගාව/ සෙවන ශාක සිටුවීම
උදා - ගෝතමාලා, මානා
තේ ශාකය නඩත්තු කිරීම.
ක්ෂේත්‍රය තුල තේ පැළ පිහිටුවා මසකට පමණ පසුව ශාකය නමා කරු ගැසිය යුතුය. ඉන්පසුව නැවත ඇති වන අතුද මාස 3 – 6 පසුව ඉහත පරිදිම නමා කරු ගැසිය යුතුය. මෙලෙස අවසන් වරට නැටමීමෙන් පසුව බිම් මට්ටමේ සිට සෙ.මී 60 උසක් දක්වා කදන් වර්ධනය වීමට ඉඩ හැර බිම් මට්ටමේ සිට සෙ.මී 30 – 40 උසින් තිරස්ව කපා දමයි. ඉන් පසුව එම පදුරු සෙ.මී 45 – 50 දළු ඉවත් කර දළු කැඩීමට සුදුසු තත්වයට පත් කරයි.
ගස් වසරක් පමණ කාලයක් නිදහසේ වැඩීමට සලස්වා බිම් මට්ටමේ සිට සෙ. මී 30 ඉහලින් කපයි. දෙවන වර කැපීම උස සෙ.මී 35- 40 සිදු කරන අතර සෙ. මී 45 – 50 උසකදී අග්‍රස්ථය ඉවත් කර තේ දළු නෙලයි. පාර්ශවික අතු නොමැති විට නමා කරු ගසයි. පාර්ශවින අතු සහිත විට මෙම හරස් අතට කැපීම සිදු කරයි.
මධ්‍යගත කිරීමේදී පදුරේ මැද ඇති කදන් පමණක් කප්පාදු කරයි.
වල් පැළ පාලනය
මෙහිදී වල් පැළෑටි පාලනය මසකට වරක් පමණ කළ යුතු අතර එය සාමාන්‍යෙයන් අතින්ම සිදු නරන අතර ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වල් පැළෑටි වලින් තොර අවස්ථාවට පත් නොකරයි.
රසායනික වල් නාශක යෙදීමේදී ප්‍රධාන ආකාර 02ක් පවතී.
තේ වගාව සදහා පොහොර යෙදීම
තේ වගාවේදී ප්‍රධාන අවස්ථා කිහිපයකදීම පොහොර යෙදීම සිදු කරයි.
තවාන් සදහා පොහොර මිශ්‍රණය යෙදීම
20 : 15 : 15 : 15
වර්ධනය වන පැළ වලට පොහොර යෙදීම
100 : 50 : 25 : 25
අස්වනු නෙලන අවධියේදී පොහොර භාවිතය
500 : 100 : 100 : 50
පරිණත වගාවක් සදහා පොහොර යෙදීම
තේ කප්පාදු කිරීම .
තේ පදුරේ මනා උසක් පවත්වා ගැනීමටත් ප්‍රතිස්ථාපනය මගින් ශාක නිෂ්පාධනය ඉහළ දැමීමටත් වර්ධක අවධිය අකණ්ඩව පවත්වා ගැනීමටත් යන කරුණු මත ශාකය කප්පාදු කරයි. තේ දළු කුඩීමද එක්තරා කප්පාදු කිරීමේ ක්‍රමයකි. සාමානෆයන් පහතරට ප්‍රෙදෟශයේදී මැයි මස මැද සිට ජූල් මස මැද සිට හෝ ඔක්තෝම්බර් මැද සිට නොවැම්බර් අවසන් වන තුරු සෙ.මී 50 -60 පමණ උසකට කප්පාදු කරයි.
කප්පාදු කිරීම සදහා ප්‍රධාන ක්‍රම 2ක් උපයෝගී කර ගනී
දැඩි කප්පාදුව
පොළොවේ සිට සෙ.මී 35 පමණ උසින් පදුර ඉතිරි වන සේ කප්පාදු කරයි. වියළි ප්‍රදේශවලදී දැඩි කප්පාදුවේදී අතු කිහිපයක් ඉතිරි කරයි. කප්පාදු කර සති 4 – 6 කාළයක් තුලදී දළු නෙලීම සිදු නොකරයි.
සියුම් කප්පාදුව
තේ පදුර සාමානයෙන් අවුරුදු 3 – 4 වරක් කප්පාදු කරයි. පෙර කප්පාදුවෙන් සෙ.මී 4 – 5 උසකට කරයි. මෙමගින් හොද හැඩයක් පවත්වා ගැනීම, පදුරේ පැති පාළනය කිරීම, ලෙඩ රෝග හා පළිබෝධ පාළනය කිරීම.
දළු නෙළීම.
තේ පදුරක සජීවී හා අජීවී ලෙස දළු වර්ග දෙකක් පවතී. මෙහිදීඅජීවී අංකුර කඩා ඉවත් කළ යුතු අතර ජීව අංකුර නෙළා ගත් පසු නැවත ජීව අංකුර ඇතිවේ. අංකුර සුප්ත තාවය හෙවත් බංජි අංකුර හැකිතාක් ඉවත් කළ යුතුය.
තේ දළු නෙළීමේදී සැළකිළිමත් විය යුතු කරුණු
දළු නෙළීමේ ප්‍රධාන ආකාර 03කි.
මෙලෙස නෙළාගත් දළු අනවශ මේරූ නොටස් අහඹු ලෙස ඉවත් කරමින් තේරීමකට ලක් කරයි. ඉන් පසුව බර කිරීමකට ලක් කර කර්මාණ්තශාලා සදහා ප්‍රවාහනය කරයි.
තේ කොළ නිෂ්පාධනය.
මෙහිදී ප්‍රධාන පියවරවල් කිහිපයක් යටතේ තේ කොළ නිෂ්පාධනය සිදු කෙරේ. මෙහිදී අවශ්‍ය පැහැය හා රසය ලබා ගැනීමට මෙය අත්‍යාවශ්‍ය වේ. එම පියවරවල් ලෙස
1. තව් මැරීම
තේ පත්‍ර වල ඇති ජල ප්‍රමාණය 70% දක්වා අඩු වේ. තේ කොළ දැලක් සහිත ද්‍රෝණියකට දමා ගනු ලැබේ. දැළ හරහා දැඩි වායු දහරාවක් යවා පත්‍ර වල ජල වාශ්ප ඒකාකාරී අයුරින් ඉවත් කරයි. මෙහිදී සාමානයෙන් පැය 12 – 17 කාළයක් මෙම කාර්ය කරයි. ක්‍රියාවලිය අවසානයේදී තේ පත්‍ර නැමෙන සුළු ස්වභාවයට පත් වේ.
02.රෝලර් කිරීම
ඉන් පසුව එම පත්‍ර රෝලර් යන්ත්‍රයක් හරහා යවන්‍ර ලබයි. තේ කොළ ඇඹරුණ වයර් වැනි තත්වයට පත් වේ. මෙම පියවර තේ වල රසය වැඩි කිරීමට දායක වේ.
03.පැසවීම
ඔක්සිකරණය වීමට අවශ්‍ය පාරිසරික තත්ව වෙනස් කරන ලද කුටියක තබා නැවත ක්‍රමයෙන් පැහැය වෙනස් වීමට ඉඩ හරී
04.වියලීම
මෙහිදී තේ වල ජල ප්‍රතිශතය 3% දක්වා අඩු කරනු ලබයි. එවිට සියළුම එන්සයිම ක්‍රියා නතර වන අතර වියලීම මගින් තේ කොළ නිෂ්පාධනයේ නිමාව සිදු කරයි.
05.ශ්‍රේණි කිරීම
තේ කොළ වල ගුණාත්මය මත රදා පවතින ගුණයකි. සම්පූර්ණ කොළ, කැඩුණු කොළ, තැළුණු කොළ , කුඩු ලෙස වර්ග කරයි.
06.ඇසුරුම් කිරීම
ප්‍රධාන වශයෙන් ලී පෙට්ටි , කඩදාසි උර, හෝ ප්ලාස්ටික් පෙට්ටි යොදා ගනී. අවශළුතාවය දත කුඩා ප්‍රමාණමේ ඇසුරැම්ද යොදා ගත හැක.