The Zoonotic Diseases යනු..
සතුන් තුල සාමාන්‍යයෙන් පවතින රෝගයන් වන නමුත්, මිනිසුන්ට ආසාධනය කල හැකි හෝ විය හැකි රෝග වේ.
මිනිසාට ආසාදනය වීම…
a) වෛරස්
b) බැක්ටීරියා
c) දිලීර
d) වෙනත් - පරපෝෂිත
ප්‍රෝටසෝවා
යන රෝග වාහකයන් මගින් සිදුවේ.
Zoonotic Decease සම්ප්‍රේෂණය විය හැකි ආකාර…
´දූෂිත මස් හෝ පලතුරු ආහාරයට ගැනීමෙන්
´ආසාදිත සත්ව සමග සමීප සම්බන්ධතා හරහා
´ආසාදිත සතෙක් ස්පර්ශ කළ ප්‍රදේශයක් හෝ මතුපිටක් ස්පර්ශ කිරීමෙන්
´ කුරුල්ලන් හෝ කිනිතුල්ලන් වැනි කෘමි සපාකෑම් හරහා
මෙම රෝග මුළු මහත් මානව වර්ගයාටම වැළඳිය හැකි අතර ඒ අතරින්ද ;
´ගර්භනී කාන්තාවන්
´වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වැඩිහිටියන්
´දරුවන් වයස අවුරුදු 5 ක් හෝ ඊට වැඩි ය
´H.I.V. රෝගීන්
´චිකිත්සක ප්‍රතිකාර හරහා පිළිකා ඇති අය
´දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත අනෙකුත් අය සඳහා රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතියි.
සතුන්ගෙන් මිනිසාට බෝවන රෝග
උමතු ගව රෝගය
(Mad cow disease)
රෝගයේ ස්වභාවය - මෙම රෝගය හටගන්නේ මොළයේ පවතින ප්‍රෝටිනයක් වෙනස් වීමෙන් සෑදෙන
‘ප්‍රියෝන’ මගිනි. මෙම ප්‍රියෝන වල නෂ්ටියක් නොමැති අතර පවතින්නේ නෂ්ටික ද්‍රව්‍ය පමණි. තාපය, uv කිරණ, සාමාන්‍ය ජීවානුහරණය, විකිරණ ආදියට ප්‍රතිරෝධී වේ. 1300 ºc හමුවේ වුවද විනාශ නොවේ.
රෝග ලක්ෂණ - රෝගී වූ ගවයින්ගේ මස්තිෂ්ක පටක, ස්නායු පටක, ඇස් වල retin කොටසේ මෙන්ම ඇට මිදුළු වල රෝග කාරක තිබිය හැක. මෙම ආසාධිත කොටස් කිසියම් මිනිසෙකු ආහාරයට ගතහොත් රෝගය ශරීරගත වේ. කෙසේ වෙතත් මෙහි බිජෞෂණ කාලය වසර 10 – 15 ක් පමණ වන නිසා රෝග ලක්ෂණ මතු වීමට සෑහෙන කාලයක් ගත විය හැක.
රෝග නිවාරණය -
ගවයා තුල.. -
´රෝගී ගවයන් හඳුනා ගැනීම
´රෝගී ගවයින්ගේ මස් වෙළඳපොළට නිකුත් කිරීමෙන් වැලකීම.
´රෝගී ගවයින්ගේ මළ ශරීර පුළුස්සා විනාශ කර දැමීම.
කුරුළු උණ (Bird Flue)
රෝග ලක්ෂණ |
රෝග නිවාරණය |
සෙම්ප්‍රතිශ්‍යා ගතිය |
ගොවිපොළ පක්ෂින්ගේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම. |
කැස්ස |
යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම. |
තදින් උණ ගැනීම |
රෝගී පක්ෂීන් හඳුනා ගැනීම. |
මාංශ පේශි වල තද බල වේදනාව |
රෝගී මිය ගිය පක්ෂීන් පුළුස්සා විනාශ කිරීම |
පාද වල කුඩා කුඩා තුවාල හට ගැනීම |
හැකි ඉකමනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම |
හුස්ම ගැනීමේ අපහසුතා |
|
සිහි මද ගතිය |
බෘසෙල්ලෝසිස්
(බෝවන ගබ්සාව)
රෝග කාරකයා බැක්ටීරියාවකි. මෙම රෝගය ආසාධනය කරන දැනට හඳුනාගෙන සිටින බ්රුසෙල්ලෝසිස් කාණ්ඩයට අයත් බැක්ටීරියා විශේෂ 5 කි.
´B. abortus
´B. canis
´B. melitensis
´B. suis
රෝග ලක්ෂණ |
රෝග නිවාරණය |
තදින් උණ ගැනීම හිසරදය |
කිරි පරිභෝජනයේදී පස්චරිකරණය කරභාවිතයට ගැනීම. |
ශරීරය වෙව්ලීම හන්දි වේදනාව |
සතුන් සමග සබඳතා පැවැත්වූ පසු දෑත් දෙපා හොඳින් පිරිසිදු කර ගැනීම. |
ශරීරය දුර්වල වීම |
ගොවිපොළ සතුන්ගේ සනීපාරක්ෂාව පිලිබඳ සැලකීම |
මාංශ පේශි වල තද බල වේදනාව |
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම |
සූකර උණ (Swine flue)
රෝග නිවාරණය -
´ගොවිපොළ සනීපාරක්ෂාවන් ඉහල මට්ටමින් තබා ගැනීම
´සතුන් සමඟ ගනු දෙනුවේදී සනීපාරක්ෂක ක්‍රම භාවිතය.
´වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
´රෝග ව්‍යාප්තිය, සුළඟ,ස්පර්ශයෙන්, කෙල බිඳිති ආදිය මගින් සිදු විය හැකි නිසා රෝගය බහුල අවස්ථාවල ජනගහනය වැඩි පරිසර වල ගැවසීමෙන් හැකිතාක් වැලකීම.
´ආසාධිතන් සමඟ කටයුතු කිරීමේදී සනීපාරක්ෂක ක්‍රම භාවිතය.
´ රෝගය ආසාධනය වුවන් හැකිතාක් විවේක ගත යුතුය.
´වයස අවරුදු 6ට වැඩි පුද්ගලයින් ප්‍රතිශක්තිකරණ එන්නත පෙර සිට ලබා ගෙන සිටීමෙන් රෝගය වැළඳීමේ අවදානමෙන් මිදිය හැක.
ලෙප්ටොස්පයිරෝසිස්
´Leptospira නම් බැක්ටීරියාව මෙහි රෝග කාරකයා වේ. ගොවිපොළ සතුන්ගේ යූරීන් මත වර්ධනය වන බැක්ටීරියාව මිනිසාගේ ශරීරයේ තුවාල, මුඛය,ඇස් සහ නාසය ආදී බාහිර විවර හරහා ශරීරගත වේ.
´කිරි ගොවියන්, ගොවිපොළ කම්කරුවන් සහ සතුන් ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයන් තුලීන් මෙම රෝගය වාර්තා වී ඇත.
´2001 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් රෝගීන් 40 දෙනෙක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන් 40 දෙනෙකුද වාර්තා වී ඇත.
රෝග ලක්ෂණ -
රෝග නිවාරණය -