අනුරාධපුර යුගයේ සිතුවම් - උසස්පෙළ චිත්‍ර කලාව

අනුරාධපුර යුගයේ සිතුවම්

බුදු දහම පැමිනීමෙන් පසු එය පතුරුවා හැරීමේ ප්ර්බල මාද්‍යක් ලෙස චිත්‍ර කලාව උපයෝගී කොටගෙන ඇත .වැඩ අවසන් නොවූ රුවන්වැලි සෑයේ ඉතිරි කොටස සද්දාතිස්ස රජු විසින් සුදු රෙදිවලින් වසා සිත්තරුන් ලවා සිතුවම් කල බවත් එහි දාතු ගර්බය ඇතුලත පන්සිය පනස් ජාතකය සිතුවම් කර තිබූ බවත් මහා වංශයේ සඳහන් වේ .

අනුරාදපුර යුගයේ ඉතා විශිශ්ටම චිත්‍ර ඇති ස්තානයක් ලෙස සීගිරිය හැදින්විය හැකිය .

1 වන කාශ්‍යප රජතුමා විසින් ක්‍රි.පූ 3 වන සියවසේදී සීගිරිය කල බවට සඳහන් වේ .මෙම සීගිරි බලකොටුවේ සීගිරි බිතු සිතුවම් පන්සියයක් පමන තිබූ බව එහි කැටපත් පෞරේ තිබූ කුරුටු ගීයක සඳහන් වේ .නමුත් වර්තමානයේදී අපට එහි දැකගත හැකි වන්නේ බිතුසිතුවම් දහ නවයක් පමනි .මේ සිතුවම් සඳහා තේමා වී ඇත්තේ කාන්තා රූප පමනකි .නමුත් සිගිරි කැටපත් පවුර පිටුපස පිරිමි රූපයක් සහිත සිතුවම් කිහිපයක් තිබූ බවට වර්තමානයේ අනාවරනය කරගෙන තිබේ .මෙම කාන්තා රූපවල  උඩු කය පමනක් දක්නට ලැබේ .එනම් ඉනෙන් උඩ කොටස පමනක් සිත්තරා විසින් සිතුවම් කර ඇත .

මෙම සීගිරි සිතුවම් ප්‍රෙස්කෝ  බුවනෝ ආකාරයට සිතුවම් කර තිබේ .එනම් බිත්තියක් මත බදාමයක් ගා ඒ බදාමය මත සුදු හුනු තවරා තෙත බිත්තිය මත සිතුවම් ඇදීම ප්‍රෙස්කෝ බුවනෝ සිතුවම් ලෙස හදුන්වනු ලබයි .මෙහිදී මෙම සිතුවම් නිර්මාණය කිරීම සඳහා ශිල්පියා දේශීය අමුද්‍රව්‍ය බාවිතා කොට ඇති අතර වර්න හැන්වීම සඳහා දිවුල් ලාටු හා බිත්තර සුදු මදය බාවිතා කොට ඇත .ශිල්පියා විසින් වර්න සංයෝජනය කිරීමේදී අදුරු කහ ,කොල ,දුබුරු ,කලු වැනි තරමක් අදුරු වර්න බාවිත කොට ඇත .නමුත් මෙම සිතුවම් නිර්මානයේදී වැරදුනු රේකා මැකීම පිලිබද අවදානයක් ශිල්පියා විසින් සලකා න්මැත .

මෙහිදී ශිල්පියා විශින් නිල් වර්නය බාවිතා කොට ඇත්තේ ඉතාමත් අඩු ලෙසය .මෙම සීගිරි කාන්තා රූප උඩුකය නිරුවතින් සිටී .නමුත් පරිවාර ස්ත්‍රීහු 4 දෙනෙක් පමනක් උඩට ඇදුම් ඇඳගෙන සිටිනු දක්නට ලැබේ .එච් සී පී බෙල් මහතාගේ මතයට අනුව මේවා පැරනි මූර්ති අතර සුලබව දක්නට ලැබෙන දෝතිය නැමැති ඇදුම් විශේෂයක් වන අතර ඒවා විනිවිද =පෙනෙන දුහුල් සැට්ට විශේශයක් වේ .බෙල් මහතාගේ විද්වත් මතයට අනුව මෙම සීගිරි ලලනාවන් තුලින් දැක්වෙනුයේ කාශ්‍යප රජුගේ බිසවුන් සීගිරියට උතුරින් හා නුදුරින් පිහිටි පිදුරංගල විහාරය සඳහා වන්දනාවේ යන බවයි .උතුරු දෙසට සිතුවම් ඇද තිබීම ඊට හේතුවක් ලෙස එම මහතා ප්‍රකාශ කර සිටී .මේ බිතු සිතුවම් අතර තිබෙන එක් කාන්තවක් නෙලුම් මල් පුබුදුවන අතර අනෙක් කාන්තාව පිටුපසින් සිට මල්වට්ටිය ක් උරහිසින් තබාගෙන සිටින සිතුවම විසේස ස්තානයක් හිමි කරගනී ,,සෙනරත් පරනවිතාන මහතාගේ මතයට අනුව මෙහි සිටින රන්වන් පැහැති කාන්තාවන් විදුලියත්  නිල්පැහැයට හුරු කාන්තාවන් මේගයත්  යනුවෙන් ය .

1967-9-14 දින කිසියම් සාහසිකයකු විසින් මෙම සීගිරි සිතුවම් තුල කලු පැහැති තාර වැනි තින්ත වර්ගයක් ආලේප කොට එම මිලකල නොහැකි සීගිරි බිතු සිතුවම් විනාශ කිරීමට උත්සාහ ගෙන ඇත ..එම සීගිරි චිත්‍ර නැවතත් සංරක්ෂණය කිරීමට ප්‍රතම වතාවට පැවරුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජා ද සිල්වා මහතාටයි .එතුමා ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි චිත්‍ර ශිල්පියා ලවා මෙම චිත්‍ර නැවතත් යතා තත්වයට ගනු ලැබූ අතර ඉන් පසුව ඔහු සමග දෙමටගල විහාරය ,කැලණි විහාරය ,හිඳගල විහාරය වැනි විහාරවල සිතුවම් තුල කලු පැහැති දැලි ඉවත් කොට නැවතත් සංරක්ෂණය කරන ලදී .කෙසේ වෙතත් මේ චිත්‍ර පාමුල ඇති ලෙන් වලද මීට සමාන සිතුවම් හමු වී තිබේ.ඉන්දියාවේ අජන්තා සිතුවම්ද සීගිරි සිතුවම් වලට සමානතාවයක් දක්වන අතර මෙම සීගිරිය ලොව 8 වන පුදුමය ලෙසද හදුන්වා ඇත .

තවත් වටිනා ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් . .(ටෙනිල් ප්‍රබාත් ප්‍රේමතිලක )