හොඳයි මුලින්ම අපි යමු අපේ මාතෘකාවට.
මොකක්ද මේ පුනර්ජීවයක් නැත්තම් පුනර්ජීවන යුගයක් කියන්නෙ ..සාමාන්‍යයෙන් යම්කිසි අර්ත දැක්වීමට අනුව යලි පිබිදීමකට පුනර්ජීවනයක් කියල කියනව .මේ පුනර්ජීවන යුගය ඇති උනේ ඉතාලියේ .ලියන් බොහෝමයක් ඉන්න රට ඉතාලිය කියල සමහරු හදුන්වනව.නමුත් අපිට මේ පුනර්ජීවන යුගය බොහොමයක් වටිනව.මේ පුනර්ජීවන යුගය ඇතිවෙන්නෙ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ .චිත්‍ර ශිල්පීන් බොහොමයක් බිහි වූ රටක් හා කාලයක් ලෙස ඉතාලියේ පුනර්ජීවන යුගය හඳුන්වනු ලබනවා.ඊට කලිනුත් විවිද සම්ප්‍රදායන් තිබුන .අපි ඒ සම්ප්රදායයන් හදුන්වනව ගොතික් කලාව නැත්තම් බයිසන්තියානු කලාව කියල .මේ ගොතික් කලාව හෙවත් බයිසන්තියානු කලාවේ විසේසත්වය වන්නෙ කෙටියෙන්ම කිඋවොත් සන්කීර්න නැහැ.සාමාන්‍ය ලස්සන විතරයි ඔවුන්ට අවශ්‍යව තිබුනෙ ..ඔවුන් ගොඩක් දුරට දේවත්වය සැලකුව ඔඋන්ගේ සියලුම දෙ යටපත් කරල .සාමාන්‍ය හැඩතල සන්කීර්න ලෙස බාවිතා කරමින් මුලින්ම නව චිත්‍ර සම්ප්රදායක් හදුන්වා දෙන්න මුලින්ම සමත් උනේ සීබෝ නැමැති චිත්‍ර ශිල්පියෙක් .පුනර්ජීවන යුගය ආරම්භ වෙන්නෙ 15-16 සියවස් වලදී වෙනව .
අපිට පුනර්ජීවන යුගයේ වැදගත් වෙන චිත්‍ර ශිල්පීන් 3 දෙනෙක් ඉන්නවා.ඔවුන්,
ලියනාදෝ ඩාවින්චි
මයිකල් ඇන්ජලෝ
රෆායල් සැන්ශියෝ යන චිත්‍ර ශිල්පීන් 3 දෙනායි .
ලියනාදෝ ඩාවින්චි ====
පුනර්ජීවන යුගයේ සිටි සම්බාව්ය ගුරු චිත්‍ර ශිල්පියෙක් ලෙස ලියනදෝ ඩාවින්චි ශිල්පියා හදුනා ගන්න පුලුවන් .චිත්‍ර කලාවට පමනක් නොව වාස්තු විද්‍යාව,ඉංජිනේරු විද්‍යාව ,යුද ආබරන නිපැයුම් ශිල්පියෙක් ලෙස අපිට ඩාවින්චි හදුනා ගන්න පුලුවන් ..කුඩා කල සිටම ඉහත කී සියලුම ශිල්පයන්ට දක්ස ඩාවින්චි වයස අවුරුදු 17 දී තම පියා විසින් ෆ්ලෝරන්ස් නගරයේ ප්‍රබල චිත්‍ර හා මූර්ති ශිල්ප ගුරුවරයෙකු වූ වෙරෝකියෝ වෙත ඩාවින්චිව අද්යාපනය සදහා යොමු කරවනව ..වෙරෝකියෝ නැමැති ගුරු චිත්‍ර ශිල්පියා යටතේ ඩාවින්චි වසර 6ක් චිත්‍ර කලාව හදාරනව .වයස අවුරුදු 23 දී ඩාවින්චිට තම ගුරු වරයා විසින් විශේස වූ කාර්යක් බාර දෙනව .ඒක තමයි වෙරෝකියෝ නිම කරමින් සිටි ක්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්මය නැමැති චිත්රයේ දේව දූත චරිතයන් දෙක නිර්මානය කිරීම.මේ කාර්ය ඉතාමත් හොදින් නිම කෙරූ ඩාවින්චි වසර 30ක් ෆ්ලෝරන්ස් නගරයේ ඉද පසුව මිලාන් නගරයේ ලුඩුවිකෝ ඉල් මොරේට් ආදිපාද වරයා යටතේ සේවයේ යෙදීය .එහිදි අදින ලද ලොව පූජනීය සිතුවමක් ලෙස අන්තිම රාත්‍රී බෝජන සංග්‍රහය හදුන්වා දිය හැකිය .තවත් ඔහු ඇදි සිතුවම් ලෙස මොනාලිසා,ගිරිඅරනේ කන්‍ය මරිය මවුතුමිය ,මරිය මව්තුමිය හා කානේශන් මල ,පර්වත මස්තකයේ දේව මෑනියෝ හැදින්විය හැකිය ,මේ ශිල්පියා අවසන් වරට ප්‍රන්ශයේ ෆ්‍රැන්සිස් රජුගේ යටතේ සේවයේ යෙදී සිටියදී සදහටම අප අතරින් වෙන් විය .
මයිකල් ඇන්ජලෝ ====
ඩාවින්චිට වඩා වසර 22 ක් පමන වයසින් අඩු වූ මයිකල් ඇන්ජලෝ ෆ්ලෝරන්ස් නගරයේ සිටි තවත් අති දක්ශ ශිල්පියෙක් වේ .මොහු චිත්‍ර ශිල්පයට මෙන්ම මූර්ති ශිල්පයටද ඉතාමත් දක්සයෙකු විය .මොහුගේ ගුරුවරයා වූයේ ෆ්ලෝරන්හී ප්‍රවීන මූර්ති ශිල්පියෙකු වූ ගර්ලින්ඩායෝ නැමැති ශිල්පියායි .තවද මොහු ඩාවින්චි යටතේද අද්යාපනය ලැබීය .ජෙත්තො ,පෙරුජිනෝ ,මසාවියෝ නැමැති ශිල්පීන්ගේ කෘති හොදින් අද්‍යනය කල මොහු මෘතදේහ වල අබ්යන්තරය කපා කොටා හොදින් නීරීක්සනය කලේය ,,ඒවා ඒ අයුරින්ම ඇදීමට උත්සහ mකල ඔහු මූර්ති නෙලීමටද උත්සහ කලේය .වයස අවුරුදු 30 වන විට මොහු තමාගේ සියලු ගුරු ශිල්පීන් අබිබවා යෑමට සමත් ශිල්පියෙකු විය ..ප්‍රකට දෙවු මැදුරක් වන සිස්ටයින් දෙව් මැදුරේ ප්‍රදාන ඉංජිනේරුවා වූ මොහු එහි අබ්යන්තරයේ සිවිලිම මත වර්ග අඩි 10000ක ප්‍රමානයක් චිත්‍ර වස්ත්‍ර මගින් අලන්කාර කලේය .එහි අඩි 350 ක වියන්තලයේ ඇදි ලෝකෝත්පත්ති කතාව නැමැති සිතුවම තුල මානව රූප 349ක ප්‍රමානයක් ඇත.මොහු විසින් අදින ලද සිතුවම් අතරින් අන්තිම විනිශ්චය නැමැති සිතුවම ලොව විශාලතම ප්‍රෙස්කෝ සිතුවම ලෙස හදුන්වා දිය හැකිය .තවද මොහුගේ සිතුවම් ලෙස ,ශුද්ද වූ පවුල වැනි සිතුවම්ද ඩේවිඩ්,මොසෙස් ,මියයන වහලා ,පියෙටා නැමැති කිරිගරුඩින් තැනූ මූර්ති ලෙස පෙන්වා දිය හැකිය .
රෆායල් සැන්ශියෝ ====
පුනර්ජීවන යුගයේ සිටි ශිල්පියෙකු වන රෆායල් ගේ ගුරුවරයා වූයේ පෙරුජිනෝ නැමැති ශිල්පියායි ,නමුදු මොහු මයිකල් ඇන්ජලෝ ,ලියනාඩෝ ඩාවින්චි නැමැති ශිල්පීන්ගේ යටතේ චිත්‍ර කලාව හා මූර්ති කලාව හදාරා ඇත .රෝමයට ගිය රෆායල් වතිකානු මාලිගයේ ස්ටැන්සාඩෙල්ලා සිග්නැචුරා නැමැති දේවස්තානයේ කොටස් 4ක චිත්‍ර වස්ත්‍ර නිර්මානය කලේය .මොහු විසින් ඇදි සිතුවම් අතර පර්නාසස් ,මැඩෝනා ,ඇල්බා මැඩෝනා ,ඇතෑන්ස් පාසල ,ලදරු ශාන්ත ජෝන් සහ ජේසු බිලිදා නැමැති සිතුවම් පෙන්වා දිය හැකි අතර වයස අවුරුදූ 37 දී වැලදුන උන රෝගයක් හේතුවෙන් ලාබාල වියේදීම සදහටම අප අතරින් වෙන් විය .
හොදයි එහෙන්ම් පුනර්ජීවන යුගයේ ශිල්පීන් පිලිබද නව අවබෝදයක් ලබාදීමට ගත් උත්සහය සාර්තක වේ යැයි සිතමින් තවත් ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් (ටෙනිල් ප්‍රබාත් ප්‍රේමතිලක)