උසස්පෙළ ජීව විද්‍යාව

නව විෂය නිර්දේශය

නව විෂය නිර්දේශය


 

ජීව විද්‍යාව , සියලුම ජීවීන්ට ජෛව හා අජෛව පරිසර සමග සහජීවනයෙන් වෙසෙන්නට අත්‍යවශ්‍ය වන , ජිවීන් පිලිබදව විද්‍යාත්මකව අධ්‍යනයකි. ජීව විද්‍යාව ඉගෙනීම අංශ ගණනාවකින් වැදගත් වේ.

  1. ජීවීන් හා සම්බන්ධ සංකල්ප , මුලධර්ම හා වාද පිළිබද පුළුල් දැක්මක් ඇති කර ගැනීම.

  2. පරිසර හායනය , කෘෂිකාර්මික නිෂ්පාදන අඩු වීම , පිලිකා , HIV ආදී පුළුල් ලෙස පැතිරී යන රෝග වැනි වත්මනෙහි මිනිසා මුහුණ පාන ගැටළු වලට විසදුම් සහ විකල්ප සොයා ගැනීම.

  3. ස්වභා දහම හා පරිසරය සංරක්ෂණය හා සබැදි හර පද්ධති පෝෂණය කෙරෙන ආකල්පත් , සතිමත් බවත් , සංවර්ධනය කිරීම.

අ.පො.ස ( උ.පෙළ ) ජීව විද්‍යා විෂය නිර්දේශය ගොඩ නගා ඇත්තේ නිපුණතා පාදක , ශිෂ්‍ය කේන්ද්‍රීය සහ ක්‍රියාකාරකම් දිශාභිමුඛ ප්‍රවේශයක් සහිතවය. එමගින් ඉලක්ක සිසු කණ්ඩායම් තුල පුද්ගල හැකියා , අන්තර් පුද්ගල සබදතා සහ චින්තන කුසලතා සංවර්ධනය කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම මෙම විෂය නිර්දේශය ජාත්‍යන්තර විෂය නිර්දේශය සමගද සමගාමී වේ.මෙම ජීව විද්‍යාව විෂය නිර්දේශය සංස්කරණයේදී තෘතීක මට්ටමේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ අවශ්‍යතා පිළිබද අවධානය යොමු කරන ලද අතරම වෙනත් විෂය පත ඔස්සේ ඉදිරියට යන බහුතරයක් වූ සිසුන්ගේ අවශ්‍යතා ද සැලකිල්ලට ගන්නා ලදී. ඒ හැරුණු විට ජීව විද්‍යාත්මක මුලධර්ම හා ඒවායේ භාවිත පිළිබද ලබාගන්නා පුළුල් දැනුම එදිනෙදා ජිවිත කටයුතු වලදී මෙන්ම සමාජ අවශ්‍යතා සදහාද වාසිදායක වේ.

මෙම විෂය නිර්දේශය සංස්කරණයේදී පහත දැක්වෙන ප්‍රධාන වෙනස්කම් සිදුකර ඇත.

  • සදාචාරාත්මක අවශ්‍යතාවක් ලෙස සලකා නව ජීව විද්‍යා විෂය මාලාවෙන් සත්ව විච්චේදන සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. එවැනි විශය ක්ෂේත්‍ර ඉගැන්වීමේදී ආකෘති , රූප සටහන් සහ පරිගණක ආශ්‍රිත ආදර්ශන යොදා ගැනීමට යෝජනා කෙරේ.

  • පැවතී ජීව විද්‍යා විෂය නිර්දේශයේ තිබුණු ඒකක 9 දැන් ඒකක 14 කට බෙදා වෙන් කර ඇත. ක්‍රියකාරී ශාකය හා ක්‍රියාකාරී සත්වයා ලෙස පැවති ඒකක නව විෂය නිර්දේශයේ , ශාක සහ සතුන්ගේ කායික විද්‍යාත්මක කෘත්‍ය පදනම් කරගෙන ඒකක වලට බෙදා තිබීම කැපී පෙනන වෙනසකි. මෙමගින් සිසුනට ශාක සහ සත්ව කායික කෘත්‍ය පිළිබද සමෝධානික ප්‍රවේශයක් ලබා ගත හැකි වේ.

  • ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ සෛද්ධාන්තික සංරචක සමගම ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද , සමගාමීව සිදු කිරීමට අපේක්ෂා කෙරේ. අවශ්‍යතා වලට අනුව අතිරේකව ද ප්‍රායෝගික සැසි සහ ක්‍රියාකාරකම් සිදු කල හැක.

  • විෂය සන්ධාරය අඩු කිරීමේ අරමුණින් පැවති විෂය නිර්දේශයේ තිබුණු “මුලික සංඛ්‍යානය ” නම් වූ ඒකකය ඉවත් කර ඇත.

  • වර්ගීකරණය හා නාම කරණය ඇතුලත් වන්නේ “ජීවීන්ගේ විවධත්වය” යන ඒකකය යටතේය.

  • නුතන ජීවී වර්ගීකරණ පද්ධතියට අදාළ අනුක්‍රමාධිපත්‍ය මට්ටමක් වශයෙන් “අධිරාජධානි ” හදුන්වා දී තිබේ.

  • පැවතී විෂය නිර්දේශයේ අඩංගු වූ දිලීර වල ජිවන චක්‍ර සම්පුර්නයෙන්මත් , ශාක වල ජිවන චක්‍ර වල ප්‍රජනක ව්‍යුහ පිළිබද විස්තර ප්‍රජනක ව්‍යුහ පිළිබද විස්තරයත් ඉවත් කර ඇත.

  • සත්ව රාජධානියේ වර්ගීකරණය පැහැදිලි ලෙස වෙන් කර දක්වා ඇති අතර ප්‍රොටෝසෝවා රාජධානියේ වර්ග සංස්කරණය කර ඇත.

  • නව විෂය නිර්දේශයේ ජාන පිළිසකර කල ජීවීන් භාවිත කිරීම පිළිබද සමාජමය ගැටලුව සහ ශ්‍රී ලංකාවට අදාළව “අපජලය” නිදහස් කිරීමට පදනම් වූ නෛතික සීමා හදුනවා දී ඇත. එයින් අපේක්ෂා කරන්නේ සංවර්ධන ක්‍රියාවලිය නිසා මිනිසා විසින්ම උත්පාදනය කර ඇති ගැටළු කෙරෙහි අවධානය යොමු කරවීමයි.

  • රෝග සෑදීමේ වැදගත් කාරකයක් ලෙස ප්‍රීයෝන හදුන්වා දී ඇත.

  • ශ්‍රී ලාංකේය පරිසර පද්ධති වල අති මහත් විවිධත්වයට හුරුපුරුදු කරනු වස් එම පරිසර පද්ධති පිලිබදව අධ්‍යනය පුළුල් කෙරේ.

  • ව්‍යවහාරික ජීව විද්‍යා ඒකකය තුලට ජලජ ශාක රෝපණය කිරීම අඩංගු කර ඇත. කාලීන ව්‍යාපෘතිය සලකමින් සමහර පලිබෝධයින් ඉවත් කිරීමත් තවත් සමහරක් අතුලත් කිරීමත් සිදු කර ඇත.

  • පැවති විෂය නිර්දේශයේ “වී වගාව” ආශ්‍රිත වැදගත් රෝග ගැන පමණක් අවධාරණය කර ඇති නමුත් නව විෂය නිර්දේශයේ ක්ෂුද්‍ර ජීවින් හේතුවෙන් ඇති වන ශාක රෝග පිලිබදව සාමාන්‍ය අධ්‍යනයක් ඇතුලත් කෙරේ.

 

විෂය නිර්දේශයේ අරමුණු

  • ජීව විද්‍යා ක්ෂේත්‍රය සම්බන්දව පෘථුල ලෙසත් , ගැඹුරිනුත් දැනුම ලබා ගැනීමට උනන්දුවක් සහ ඇල්මක් ගොඩ නාග ගනී.

  • සහයෝගී ඉගෙනුමෙහි නිරත වෙමින් ජීව විද්‍යාවේ සංකල්ප , සංසිද්ධි , මුලධර්ම හා ක්‍රියාවලි අවබෝධ කරගනී.

  • ස්වභාවික හා සාමාජීය පරිසරයට ඇති වන බලපෑම් හා අන්තර් ක්‍රියා අවබෝධ කරගනිමින් ස්වභාවයේ අපට හිමි ස්ථානය නිශ්චය කර ගනී.

  • ජීව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ගැටළු විසදීම සදහා ගවේෂනාත්මක ක්‍රියාවලි සැලසුම් කිරීමේ හැකියාව ගොඩ නගා ගනී.

  • දේශයේ ස්වභාවික වාසස්ථාන හදුනා ගනිමින් , වෘක්ෂලතා සහ සත්ව වර්ගයාඅ කෙරෙහි ඇති කර ගනු ලබන ධනාත්මක ආකල්ප සහිතව , පරිසර සංරක්ෂණ සහ පරිසරයේ ගුණාත්මය රැකීමේ වගකීම සහ දායකත්වය උදෙසා තමාත් පරිසරයේම කොටසක් යන හැගීම ගොඩ නගා ගනී.

  • එදිනෙද ජීවිතයේදී හමුවන ප්‍රායෝගික ගැටළු පිලිබදව සංවේදී බව ඇති කරගනි.

  • ස්වස්ථතාව ජිවිතයේ ගුණාත්මය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන යහ පුරුදු පිළිබද සිතීමත් වේ.

 

ඒකක හා කාලච්ඡේද

මාතෘකාව

කාලච්ඡේද ගණන

01 ඒකකය - ජීව විද්‍යාව හැදින්වීම

07

02 ඒකකය - ජීවයේ රසායනික හා සෛලීය පදනම

62

03 ඒකකය - ජිවින්ගේ විවිධත්වය

40

04 ඒකකය - පෝෂණය

14

05 ඒකකය - ශ්වසනය

10

06 ඒකකය - පරිවහනය

32

07 ඒකකය - සමායෝජනය හා සමස්ථිතිය

45

08 ඒකකය - බහිස්ශ්‍රාවය

15

09 ඒකකය - සන්ධාරණය හා චලනය

33

10 ඒකකය - ප්‍රජනය ,වර්ධනය හා විකසනය

60

11 ඒකකය - ප්‍රවේණිය

44

12 ඒකකය - පාරිසරික ජීව විද්‍යාව

39

13 ඒකකය - ක්ෂුද්‍ර ජීව විද්‍යාව

49

14 ඒකකය - ව්‍යවහාරික ජීව විද්‍යාව

30

 

විෂය නිර්දේශය වාර වශයෙන් බෙදා ගැනීමට යෝජිත සැලැස්ම

ශ්‍රේණිය

වාරය

නිපුණතා මට්ටම

12

1

 

2

 

3

 

13

1

 

2

 

3

 

1 ඒකකය - ජීව විද්‍යාව හැදින්වීම

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලච්ඡේද

ජීව විද්‍යාත්මක පදනමකින් ගවේෂණය මෙහයවයි.

මානව අභියෝග වලට විශේෂ අවධානයක්සහිතව ජීව විද්‍යාවේ ස්වභාවය , විෂය පථය හා වැදගත්කම විස්තාරණය කරයි.

  • ජීව විද්‍යාව හා බැදුණු ගැටළු

  • ජිවින්ගේ විවිධත්වය පිළිබද අවබෝධය

  • මිනිස් සිරුර හා එහි ක්‍රියාකාරිත්වය පිළිබද අවබෝධය

  • ස්වභාවික සම්පත් හා පරිසර කළමනාකරණය

  • තිරසාර ආහාර නිෂ්පාදනය

  • රෝග පිළිබද අවබෝධය

1

ජීවි ලෝකයේ ස්වභාවය සහ සංවිධාන රටා පිලිබදව සමාලෝචනයෙහි යෙදෙයි.

  • ජිවින්ගේ ස්වභාවය - තරම , හැඩය ,ආකාරය , ව්‍යාප්තිය

  • ජිවින්ගේ අනන්‍ය ලක්ෂණ

  • ක්‍රමවත් බව හා සංවිධානය

  • පරිවෘතීය

  • වර්ධනය හා විකසනය

  • උද්දීප්‍යතාව හා සමායෝජනය

  • අනුවර්තනය ප්‍රජනනය

  • ප්‍රවේණිය හා පරිණාමය

  • ජීව සංවිධානයේ ධුරාවලි මට්ටම්

  • අණු

  • ඉන්ද්‍රයිකා හා සෛල

  • පටක

  • අවයව

  • අවයව පද්ධති

  • ජිවියා

  • ගහනය

  • ප්‍රජාව

  • පරිසර පද්ධති

  • ජෛව ගෝලය

  • ජීවයේ මුලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ලෙස සෛලය

4

 

ජීව විද්‍යාත්මක ගැටළු විසදීමට විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරයි

  • ජීව විද්‍යාත්මක ගැටළු විසදා ගැනීමට විද්‍යාත්මක ක්‍රමය යොදා ගැනීමේ වැදගත්කම

  • විද්‍යාත්මක ක්‍රමයේ පියවර

  • නිරීක්ෂණ තුලින් ගැටලුව හදුනා ගැනීම.

  • කල්පිත ගොඩ නැගීම.

  • කල්පිත පරීක්ෂා කිරීම සදහා පාලිත පරීක්ෂණ සිදු කිරීම.

  • වඩාත් උචිත කල්පිතය තෝරා ගැනීම.

  • න්‍යාය ගොඩ නැගීම.

2

 

2 ඒකකය - ජීවයේ රසායනික හා සෛලීය පදනම

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජීවයේ රසායනික පදනම පිළිබද විමසා බලයි.

ජීවි දේහයේ මුලද්‍රව්‍යමය සංයුතිය පිළිබද විමසා බලයි.

  • සජීවී පදාර්ථයේ මුලද්‍රව්‍ය සංයුතිය

  • අධිමාත්‍ර මුලද්‍රව්‍ය

  • අංශුමාත්‍ර මුලද්‍රව්‍ය

  • අධිමාත්‍ර හා අංශුමාත්‍ර මුලද්‍රව්‍ය වල

2

ජිවය සදහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ පිළිබද විමර්ශනය කරයි.

  • ජිවය සදහා ජලයේ ඇති වැදගත්කම

  • ජලයේ භෞතික හා රසායනික ගුණ ජිවය සදහා වැදගත් වන ආකාරය

2

ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝගවල රසායනික ස්වභාවය සහ කෘත්‍ය විමර්ශනය කරයි.

  • ජීවින් තුල ඇති ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4 හි ව්‍යුහ හා කෘත්‍ය

  • කාබෝහයිඩ්‍රේට,ප්‍රෝටීන ,ලිපිඩ හා නියුක්ලෙයික් අම්ල

  • කාබෝහයිඩ්‍රේට -මොනොසැකරයිඩ , ඩයි සැකරයිඩ , පොලිසැකරයිඩ

  • ලිපිඩ - මේද හා තෙල් , පොස්පෝ ලිපිඩ , ස්ටෙරොයිඩ , ලිපිඩ වල කෘත්‍ය

  • ප්‍රෝටීන - ඇමයිනෝ අම්ල හා පෙප්ටයිඩ බන්ධන , ප්‍රෝටීන වල ප්‍රාථමික , ද්වීතීක , තෘතීක හා චාතුර්ථ ව්‍යුහ , ප්‍රෝටීන වල කෘත්‍ය

  • නියුක්ලෙයික් අම්ල -නියුක්ලියෝටයිඩ හා පොලි නියුක්ලියෝටයිඩ , DNAහා RNA වල ව්‍යුහය , DNA ද්විත්ව හෙලික්සීය ව්‍යුහය , DNA ප්‍රතිවලිත වීම , DNA හා RNA වල කෘත්‍ය

  • ඔක්සිහාරක හා නිර් ඔක්සිහාරක සීනි , පිෂ්ටය , ප්‍රෝටීන් , මේද හා තෙල් හදුනා ගැනීම සදහා සරල විද්‍යාගාර පරීක්ෂා

8

ජිවින්ගේ ක්‍රියාකාරිත්වය සදහා සෛල හා පටක වල දායකත්වය විමසා බලයි.

සෛල හා සෛලීය සංවිධාන පිළිබද දැනුම පුළුල් කරගැනීම සදහා අන්වීක්ෂ වල දායකත්වය විස්තාරණය කරයි.

  • ජීව විද්‍යාවේ භාවිතා වන මෙවලමක් වශයෙන් අන්වීක්ෂ

  • ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය

  • ආලෝක අන්වීක්ෂය

  • සෛල වාදය

  • සෛලීය සංවිධාන

  • ප්‍රාග් න්‍යෂ්ටික

  • සු න්‍යෂ්ටික

  • ආලෝක අන්වීක්ෂයේ කොටස් , කෘත්‍ය හා නිදර්ශක නිරීක්ෂණය සදහා අන්වීක්ෂ භාවිතය

  • සෛලීය සංඝටක වල ව්‍යුහය අවබෝධ කරගැනීමට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායා රූප භාවිතය

4

ශාක පටක වල ව්‍යුහය , ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා ගොඩ නගයි.

  • බහු සෛලීක ජිවින්ගේ පටක

  • ශාක පටක වර්ග , ඒවායේ ව්‍යුහ හා කෘත්‍ය

  • මෘදුස්තර

  • ස්ථූලකෝණාස්තර

  • දෘඩස්තර

  • ශෛලම

  • ෆ්ලෝයම

  • විවධ ශාක පටක අන්වීක්‍ෂණයෙන් නිරීක්ෂණය කිරීම හා හදුනා ගැනීම .

5

උප සෛලීය ඒකක වල ව්‍යුහය හා කෘත්‍ය විග්‍රහ කරයි.

  • ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායා රූප මගින් දැක්වෙන පරිදි දර්ශීය ශාක හා සත්ව සෛල වල ව්‍යුහ

  • ඉන්ද්‍රයිකා හා උප සෛලීය සංඝටක වල ව්‍යුහ හා කෘත්‍ය

  • සෛල බිත්තිය

  • ප්ලාස්ම පටලය

  • න්‍යෂ්ටිය

  • රයිබෝසෝම

  • රළු හා සිනිදු අන්ත:ප්ලාස්මීය ජාලිකා

  • ගොල්ජි දේහ

  • ලයිසොසෝම

  • මයිටෝකොන්ඩ්‍රයා

  • හරිතලව

  • ක්ෂුද්‍ර නාලිකා

  • ක්ෂුද්‍ර දේහ

  • රික්තක

  • සෛල සන්ධි

  • සෛල සැකිල්ල

  • කෂිකා හා පක්ෂ්ම

  • කේන්ද්‍රිකා

7

සත්ව පටක වල ව්‍යුහය , ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා ගොඩ නගයි.

  • සත්ව පටක වර්ග ව්‍යුහ හා කෘත්‍ය

  • අපිච්ඡද

  • සම්බන්ධක පටක

  • පේශි

  • ස්නායු

  • විවධ සත්ව පටක අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කිරීම හා හදුනා ගැනීම.

5

සෛල විභාජනයේ වැදගත්කම විමසා බලයි

සෛල විභාජන ක්‍රියාවලිය විශ්ලේෂණය කරයි.

  • සෛල චක්‍රය

  • අනුනනය

  • අනුනන විභාජනයේ දී වර්ණදේහ වල හා සෛලයේ අනෙකුත් කොටස් වල හැසිරීම

  • අනුනන විභාජනයේ වැදගත්කම

  • ඌනන විභාජනය

  • ඌනන විභාජනයේ දී වර්ණදේහ වල හා සෛලයේ අනිකුත් කොටස් වල හැසිරීම

  • ඌනන විභාජනයේ වැදගත්කම

  • අන්වීක්ෂීය කදා මගින් අනුනනයේ සහ ඌනනයේ විවධ අවස්ථා හදුනා ගැනීම.

6

ජිවින්ගේ පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා විමර්ශනය කරයි.

පරිවෘත්තීය ක්‍රියාවලි වල ශක්ති සම්බන්ධතා විශ්ලේෂණය කරයි.

  • ජීවි පද්ධති සදහා ශක්ති අවශ්‍යතාව

  • සංවෘතීය හා අප වෘත්තීය ප්‍රතික්‍රියා

  • ශක්ති පරිවාහකයක් ලෙස ATP වල වැදගත්කම

  • ශක්තිය හා සම්බන්ධ සෛලීය ක්‍රියා

1

ජෛව ක්‍රියාවලි යාමනය සදහා එන්සයිම වල කාර්ය භාරය විමර්ශනය කරයි.

  • එන්සයිම

  • එන්සයිම වල පොදු ලක්ෂණ

  • සහ සාධක

  • ප්‍රතික්‍රියා යාන්ත්‍රණය

  • එන්සයිම ප්‍රතික්‍රියා සදහා බලපාන සාධක

  • එන්සයිම ක්‍රියාකාරිත්වය ආදර්ශනය කිරීම සහ එන්සයිමීය ප්‍රතික්‍රියා වල සිඝ්‍රතාව නිර්ණය කිරීම සදහා විද්‍යාගාර පරීක්ෂණ ( පිෂ්ටය - ඇමයිලේස් )

6

ශක්තිය තිර කිරීමේ ක්‍රියාවලියක් වශයෙන් ප්‍රභාසංශ්ලේෂණය විමසා බලයි.

  • ප්‍රභාසංලේෂණයේ වැදගත්කම

  • ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියා

  • ප්‍රභා පද්ධති 1 - Ps 1

  • ප්‍රභා පද්ධති 2 - Ps 2

  • ජලයේ ප්‍රභා විච්චේදනය

  • NADPH හා ATP සංශ්ලේෂණය

  • ප්‍රභාසංස්ලේෂණයේ අදුරු ප්‍රතික්‍රියාව

  • කාබෝක්සිල්කරණය - RuBP කාබෝක්සිලෙස් වල ක්‍රියාව

  • ඔක්සිහරණය - PGA ඔක්සිහරණය හා කාබෝහයිඩ්‍රේට සංස්ලේෂණය

  • RUBP ප්‍රතිජනනය

  • ප්‍රභාසංශ්ලේෂණය C4 පථය

  • ප්‍රභාසංශ්ලේෂණය කෙරෙහි බලපාන සාධක

  • කාබන්ඩයොක්සයිඩ්

  • ජලය

  • ආලෝකය

  • උෂ්ණත්වය

  • සීමාකාරී සාධක පිළිබද මුලධර්මය

  • නිදහස් කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාව නිර්ණය කිරීම.

  • ශාක පත්‍රයක හරස්කඩක අන්වීක්ෂීය නිරීක්ෂණය

8

ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලියක් වශයෙන් සෛලීය ශ්වසනය පිළිබද විමර්ශනය කරයි.

  • සෛලීය ශ්වසනය

  • සෛලීය ශ්වසනයේ වැදගත්කම

  • සවායු හා නිර්වායු ක්‍රියාවලි

  • සවායු ශ්වසනය

  • ග්ලයිකොලිසිය

  • ක්රෙබ්ස් චක්‍රය

  • ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය

  • නිර්වායු ශ්වසනය

  • ශ්වසන ලබ්ධිය

  • ප්‍රරෝහණය වන බීජ භාවිතයෙන් ශ්වසන වේගය නිර්ණය කිරීම.

8

 

3 ඒකකය - ජීවීන්ගේ විවිධත්වය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජිවින්ගේ විවධත්වය ගවේෂණය කරයි

විද්‍යාත්මක පදනමක් මත තක්සෝන දුරාවලිය ගොඩනගයි.

  • ජීවීන් හදුනාගැනීම , වර්ගීකරණය හා නාමකරණය

  • ද්විපද නාමකරණය

  • ස්වභාවික හා කෘතීම වර්ගීකරණ ක්‍රම

  • සුචි භාවිත

  • වර්ගීකරණ පද්ධති

  • තක්සෝන ධුරාවලිය , අධි රාජධානි සිට විශේය දක්වා

  • වර්තමාන වර්ගීකරණ පද්ධතිය හා එහි පදනම

  • අධිරාජධානි

  • බැක්ටීරියා

  • ආකියා

  • යුකැරියා

  • වයිරස

  • යුකැරියා වල රාජධානි

8

බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

  • අධිරාජධානි බැක්ටීරියා

  • බැක්ටීරියා හා සයනෝ බැක්ටීරියා වල ආවේණික ලක්ෂණ

  • දර්ශීය බැක්ටීරියා හා සයනෝ බැක්ටීරියා වල ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

2

ප්‍රෝටීස්ටා රාජධානියේ වංශ වලට අයත් ජිවින්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

  • සීලියපෝරා , රයිසොපෝඩා , ක්‍රිසොපීටා , ෆියෝපයිටා , රොඩෝපීටා , ක්ලොරෝපීටා වංශ වල ආවේනික ලක්ෂණ

  • ඉහත වංශ වල දර්ශීය ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම

4

දිලීර රාජධානියේ වංශ වලට අයත් ජිවින්ගේ විවධත්වය ගවේෂණය කරයි.

  • කිට්‍රියෝමයිකෝටා , සයිගොමයිකෝටා , අස්කොමයිකෝටා , බසිඩියෝමයිකෝටා යන වංශ වල ආවේනික ලක්ෂණ

  • ඉහත වංශ වල දර්ශීය ජිවින්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

4

.

ශාක රාජධානියේ ජිවින්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

  • බ්‍රයෝපයිටා , ලයිකොපයිටා , ටෙරෝපයිටා , සීකඩොපයිටා , කොනිපෙරෝපයිටා , අන්තොපයිටා යන වංශ වල අවේණික ලක්ෂණ.

  • ඉහත වංශ හා වර්ග වල දර්ශීය ජිවින්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

6

සත්ව රාජධානියේ ජිවින්ගේ විවධත්වය ගවේෂණයන් කරයි.

  • රාජධානිය ඇනිමාලියා

  • පහත දැක්වෙන වංශ වල ආවේණික ලක්ෂණ

  • සිලෙන්ටරේටා

  • ප්ලටිහෙල්මින්තෙස්

  • නෙමටෝඩා

  • ඇනලීඩා

  • මොලුස්කා

  • ආත්‍රපෝඩා

  • එකිනඩොමෙටා

  • කෝඩේටා

  • ඉහත වංශ වල දර්ශීය ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

5

සත්ත්ව රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

  • බාහිර ලක්ෂණ භාවිතයෙන් ප්‍රධාන වර්ග හදුනා ගැනීම.

  • වංශ වර්ග වලට අයත් දර්ශීය ජිවින්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

6

කෝඩේටා වංශයට අයත් ජීවින් අධ්‍යනය සදහා ආවේණික ලක්ෂණ භාවිත කරයි.

  • කෝඩේටා වංශයේ වර්ග වල ආවේණික ලක්ෂණ

  • එම වර්ග වල දර්ශීය ජිවින්ගේ ලාක්ෂණික ලක්ෂණ නිරීක්ෂණය කිරීම.

5

 

4 ඒකකය -පෝෂණය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජෛව ලෝකයේ පෝෂණ ක්‍රියාවලි වල විවිධත්වය ගවේෂණය කරයි.

ජිවින්ගේ පෝෂණය විධි විමසා බලයි.

  • පෝෂණය හා එහි අවශ්‍යතාව

  • ස්වයංපෝෂි පෝෂණය

  • විෂමපෝෂි පෝෂණය

  • විෂමපෝෂි පෝෂණය ක්‍රියාවලිය

  • විෂමපෝෂී පෝෂණ ආකාර

  • කෘමි භක්ෂක ශාක.

6

ශාකවල ප්‍රශස්ත වර්ධනය සදහා ඇති පෝෂණ අවශ්‍යතා විශ්ලේෂණය කරයි.

  • ශාක වලට අවශ්‍ය අධිමාත්‍ර හා අංශුමාත්‍ර මුලද්‍රව්‍ය , අවශෝෂණය කරගන්න ආකාරය , කෘත්‍ය හා ඌනතා ලක්ෂණ

1

මිනිස් ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය එහි කෘත්‍ය වලට සම්බන්ධ කරයි.

  • මිනිස් ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය

  • ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි

  • මිනිසාගේ ආහාර ජිරණයේ ස්නායුමය හා අන්තරාසර්ග යාමනය

  • ආහාර වල අඩංගු සංරචක හා කෘත්‍ය

  • ප්‍රභව හා ඌනතා ලක්ෂණ

  • ආහාර ආශ්‍රිත ආහාර මාර්ගයේ අසාමාන්‍යතා

  • මිනිස් ආහාර මාර්ගයේ මුලික පටක විද්‍යාත්මක ව්‍යුහය අධ්‍යනය හා එහි එක් එක් ප්‍රදේශ වල ඇති ප්‍රධාන වෙනස්කම් ඒවායේ කෘත්‍යයට සම්බන්ධ කිරීම.

7

 

5 ඒකකය - ශ්වසනය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

සතුන්ගේ වායු හුවමාරු ක්‍රියාවලිය

සත්ත්ව රාජධානියේ ශ්වසන ව්‍යුහ විවිධත්වය ගවේෂණය කරයි.

  • ශ්වසන පෘෂ්ට වල ලාක්ෂණික .

  • විසරණය සහ ස්වසන පෘෂ්ටීය පරිමා අනුපාතය .

  • සතුන්ගේ ශ්වසන ව්‍යුහ (කෘමීන්ගේ ශ්වාසනාල පද්ධතිය හා අස්ථික මත්ස්‍යයන්ගේ ජලක්ලෝම වල ව්‍යුහය අවශ්‍ය නැත )

  • දේහාවරණය

  • බාහිර ජලක්ලෝම

  • අභ්‍යන්තර ජලක්ලෝම

  • ශ්වාසනාල

  • පත් පෙනහැලි

  • පෙනහැලි

4

මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහ එහි කෘත්‍ය වලට දක්වන සම්බන්ධතා අනාවරණය කරයි

  • මිනිසාගේ ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය

  • පෙනහැලි වාතනය කිරීමේ යාන්ත්‍රණය

  • ශ්වසන චක්‍රය හා ශ්වසන වායු පරිමා

  • රුධිරය හා වාතය අතර වායු හුවමාරුව

  • රුධිරය හා පටක අතර වායු හුවමාරුව

  • මිනිසාගේ ශ්වසන යාමනය

  • ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ

  • දුම් බීම ශ්වසන පද්ධතිය කෙරෙහි ඇති කෙරෙන බලපෑම

  • දුවිලි ශ්වසන පද්ධතිය කෙරෙහි ඇති කෙරෙන බලපෑම

  • සිලිකා හා ඇස්බැස්ටෝස් අංශු වලට නිරාවරණය වීමෙන් ඇති වන වෘත්තීමය ආබාධ

  • ආකෘති හා රූප සටහන් භාවිතයෙන් මිනිස් ශ්වසන පද්ධතිය අධ්‍යනය කිරීම හා ව්‍යායාම මගින් ශ්වසන වේගය හා නාඩි වේගයට ඇති බලපෑම නිරීක්ෂණය කිරීම .

6

 

6 ඒකකය - පරිවහනය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජීවින් තුල සිදු වන ද්‍රව්‍ය පරිවහනය හා සම්බන්ධ ක්‍රියාවලි විමසා බලයි.

ශාක තුල ජලය හා ඛනිජ පරිවහනය සදහා අදාළ සංකල්ප හා ක්‍රියාවලි පිලිබදව විමර්ශනය කරයි.

  • පරිවහනයේ අවශ්‍යතාව

  • ජල විභව සංකල්ප

  • සෛලයක ජල විභවය

  • රික්තක සහිත සෛල තුලට ජලය ඇතුළු වීම , ශුන්‍යතාව හා විශුනතාව

  • ශාක මුලෙහි ව්‍යුහය

  • ශාක දේහය තුල සිදු වන ජල පරිවහනය

  • ඛනිජ හා ජලය ශාකයක් තුල උඩුකුරු සන්නයනය

  • සංසක්ති ආසක්ති ආතති වාදය

  • හබරල පත්‍ර වෘන්ත වල / අර්තාපල් ආකන්ධ තීරු වල ජල විභවය නිර්ණය කිරීම.

  • රෝයෝ (Rhoeo) අපිචර්මීය සිවි වල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම.

8

ශාක වල වායු හුවමාරුව සිදු වන ආකාරය විමසා බලයි.

  • ප්‍රධාන වායු හුවමාරු පෘෂ්ටය ලෙස ශාක පත්‍ර

  • පුටිකා හා වා සිදුරු මගින් කෙරෙන වායු හුවමාරුව

1

ශාක තුලින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය විමසා බලයි.

  • උත්ස්වේදනය

  • මුල පීඩනය හා බින්දුදය

  • ශාක පත්‍ර සහ ප්‍රරෝහ වල උත්ස්වේදන සීග්‍රතා නිර්ණය කිරීම.

2

ශාක තුල ආහාර පරිසංක්‍රමණය කෙරෙහි දායක වන ක්‍රියාවලි විමසා බලයි.

  • ප්ලෝයමීය පරිසංක්‍රමණය

2

 

සතුන්ගේ සංසරණ පද්ධති වල සංවිධානය විමසා බලයි.

  • සතුන් තුල දැකිය හැකි ප්‍රධාන සංසරණ පද්ධති

  • සංවෘත හා විවෘත සංසරණ පද්ධති

  • ඒක සංසරණය හා ද්විත්ව සංසරණය

2

මිනිසාගේ සංසරණ පද්ධතියේ ව්‍යුහය එහි කෘත්‍ය වලට දක්වන සම්බන්ධතා අනාවරණය කරයි.

  • මිනිස් පරිවහනය පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය

  • ශල්‍ය ප්‍රතිකර්ම

10

රුධිරයේ කාර්ය භාරය විමසා බලයි.

  • රුධිරයේ සංයුතිය

  • මිනිසාගේ ශ්වසන වර්ණක

  • වෙනත් සතුන්ගේ ශ්වසන වර්ණක

  • ශ්වසන වායු හා වෙනත් ද්‍රව්‍ය පරිවහනය

  • රුධිරයේ වෙනත් කෘත්‍ය

  • රුධිර පරීක්ෂණ තුලින් රෝග හදුනා ගැනීම.

  • රුධිර ගණ

  • නිදර්ශක / ආකෘති / රූප සටහන් භාවිතයෙන් මිනිස් සංසරණ පද්ධතිය අධ්‍යනය කිරීම.

6

 

7 ඒකකය - සමායෝජනය හා සමස්ථිතිය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජිවින්ගේ සමායෝජනය සහ සමස්තිථියට අදාළ ව්‍යුහ හා කෘත්‍ය විමර්ශනය කරයි.

සමායෝජන ක්‍රියාවලිය හා ඊට දායක වන පද්ධති පිළිබද විමර්ශනය කරයි.

  • සමායෝජනය අවශ්‍යතාව

  • සමායෝජනය සදහා රුධිර සංසරණ පද්ධතියේ දායකත්වය

  • ස්නායු පද්ධතියේ හා අන්තරාසර්ග පද්ධතියේ දායකත්වය

  • ස්නායු පද්ධතියේ හා අන්තරාසර්ග පද්ධතියේ සමානතා හා අසාමානතා (සමායෝජනයට අදාළ )

2

සතුන්ගේ ස්නායුක සංවිධාන සැලැස්ම පිළිබද විස්තාරණය කරයි.

  • සතුන්ගේ ස්නායුක සංවිධාන වර්ග

  • ආකෘති හා රුප සටහන් භාවිතයෙන් සතුන්ගේ ස්නායු පද්ධති වල රටා අධ්‍යනය කිරීම.

2

මිනිස් ස්නායු පද්ධතියේ දළ ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

  • මිනිස් ස්නායු පද්ධතියේ සංවිධානය හා ප්‍රධාන අංග

4

ස්නායු ආවේග ජනනය වීම හා සම්ප්‍රේෂණය සිදු වන ආකාරය ගවේෂණය කරයි.

  • මිනිස් ස්නායු පද්ධතියේ සංවිධානය

  • නියුරෝන වල කායික විද්‍යාව

  • උපාගමය

  • ප්‍රතීක චාපය

6

මිනිස් මොලයේ ව්‍යුහය හා කෘත්‍ය ගවේෂණය කරයි.

  • මිනිස් මොලයේ ප්‍රධාන කොටස් හා කෘත්‍ය

6

ජිවින්ගේ විවධ සංවේදී ව්‍යුහ වල ක්‍රියාකාරීත්වය ගවේෂණය කරයි.

  • මිනිසාගේ සංවේදී ව්‍යුහ

  • සතුන් තුල දැකිය හැකි ප්‍රතිග්‍රාහක වර්ග

  • රුප සටහන් / ආකෘති / චාට් සටහන් භාවිතයෙන් සතුන්ගේ තෝරා ගත් සංවේදී ව්‍යුහ අධ්‍යනය

5

මිනිස් ඇසෙහි හා කනෙහි ව්‍යුහ ඒවායේ කෘත්‍ය වලට දක්වන සම්බන්ධතා අනාවරණය කරයි.

  • මිනිස් ඇසෙහි මුලික ව්‍යුහය හා කෘත්‍ය

  • මිනිස් කනෙහි මුලික ව්‍යුහය හා කෘත්‍ය

  • චාට් සටහන් , රුප සටහන් සහ ආකෘති භාවිතයෙන් මිනිස් ඇසෙහි හා කනෙහි ව්‍යුහ අධ්‍යනය කිරීම.

6

මිනිස් අන්තරාසර්ග පද්ධතියේ කාර්ය භාරය විශ්ලේෂණය කරයි.

  • මිනිස් අන්තරා සර්ග පද්ධතිය

  • ප්‍රති පෝෂි යාන්ත්‍රණ

7

දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගන්නා ආකාරය විමසා බලයි.

  • සමස්ථිතිය

  • මිනිසාගේ උෂ්ණත්ව ක්‍රියාවලිය සමස්ථිතිය සම්බන්ධ අක්මාවේ කාර්ය භාරය

5

මිනිස් සමෙහි මුලික ව්‍යුහය හා කෘත්‍ය අන්වේෂණය කරයි.

  • මිනිස් සමෙහි මුලික ස්ථර

  • රෝම

  • ග්‍රන්ථි

  • ප්‍රතිග්‍රාහක

  • සමෙහි කෘත්‍ය

2

 

8 ඒකකය - බහිස්ශ්‍රාවය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

නිරෝගී දිවි පැවැත්මක් උදෙසා බහිස්ශ්‍රාවී පද්ධතියේ දායකත්වය විශ්ලේෂණය කරයි.

ජිවින්ගේ පරිවෘත්තීය හා බහිස්ශ්‍රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතා ගොඩ නගයි.

  • බහිස්ශ්‍රාවය , එහි වැදගත්කම හා අවශ්‍යතාව

  • බහිස්ශ්‍රාවීය ද්‍රව්‍ය හා පරිවෘත්තීය අතර සම්බන්ධතාව

  • නයිට්‍රජනීය බහිස්ශ්‍රාවයේ අන්තඵල

  • ඉහත අන්තඵල බහිස්ශ්‍රාවය කිරීමේ වාසි හා අවාසි

  • අන්තඵල සහ ජිවත් වන පරිසරය අතර සම්බන්ධතාව

  • බහිස්ශ්‍රාවයේ වෙනත් අන්තඵල

4

ජිවින්ගේ බහිස්ශ්‍රාවී ව්‍යුහ වල විවිධත්වය විමසා බලයි.

  • සතුන්ගේ දක්නට ලැබෙන විවධ බහිස්ශ්‍රාවීය ව්‍යුහ

  • චාට් සටහන් හා රූප සටහන් භාවිතයෙන් සතුන්ගේ ප්‍රධාන බහිස්ශ්‍රාවී ව්‍යුහ අධ්‍යයනය කිරීම.

2

මිනිස් බහිස්ශ්‍රාවීය පද්ධතියේ දළ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබද විමර්ශනය කරයි.

  • මිනිසාගේ මුත්‍ර පද්ධතිය

  • වෘක්ක ක්‍රියාකාරීත්වය කෙරෙහි හෝර්මෝන වල බලපෑම

  • වෘක්කයේ වෙනත් කෘත්‍ය

  • රුධිර පරිමාව හා රුධිර පීඩන යාමනය

  • මිනිස් බහිස්ශ්‍රාවී පද්ධතිය ආශ්‍රිත සුලබ ආබාධ

  • ආබාධ වැලක්වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග

  • රෝග හදුනා ගැනීමේ දී මුත්‍ර වල කාර්ය භාරය

9

 

9 ඒකකය - සන්ධාරණය හා චලනය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජිවින්ගේ සන්ධාරණය සදහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා බලයි.

සතුන්ගේ සැකිලි පද්ධති වල ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

  • සතුන්ගේ දක්නට ලැබෙන ප්‍රධාන සැකිලි වර්ග හා ඒවායේ සංවිධානය

  • මිනිසාගේ අස්ථි හා කාටිලේජ වල අන්වීක්ෂීය ව්‍යුහය

  • අස්ථි පද්ධතියේ කෘත්‍ය

6

මිනිසාගේ ආක්ෂක ඇට සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍ය අන්වේෂණය කරයි.

  • මිනිස් කංකාල පද්ධතියේ සංවිධානය

  • ආකෘති රූප සටහන් හා නිදර්ශක භාවිතයෙන් මිනිස් හිස් කබල හා කශේරුවේ දළ ව්‍යුහය එහි විවිධ කොටස් වල කෘත්‍ය වලට අදාළව අධ්‍යයනය කිරීම.

8

මිනිසාගේ ගාත්‍රා ඇට සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍ය අන්වේෂණය කරයි.

  • ගාත්‍රා ඇට සැකිල්ල

  • ආබාධ හා අසාමාන්‍යතා

  • ආකෘති රූප සටහන් හා නිදර්ශක භාවිතයෙන් මිනිසාගේ උර මේඛලාව , ශ්‍රෝණි මේඛලාව හා ගාත්‍රා ඇට සැකිල්ල අධ්‍යයනය කිරීම.

6

සතුන්ගේ සංචරණ ව්‍යුහ ගවේෂණය කරයි.

  • චලනය

  • සංචරණ ආකාර

2

විවිධ පේශි පටක වල මුලික ව්‍යුහය හා කායික විද්‍යාව අන්වේෂණය කරයි

  • පේශි පටකය

  • මුලික ලක්ෂණ

  • පේශි වර්ග සහ පේශි තන්තු වල මුලික ව්‍යුහය හා කායකර්මය

  • සිනිදු පේශි

  • හෘත් පේශි

  • කංකාල පේශි

  • සාකොමියරයේ ව්‍යුහය හා කංකාල පේශි චලනයේ මුලික යාන්ත්‍රණය

  • සර්පන සුත්‍රිකා වාදයේ මුලික සංකල්ප

6

ශාක වල සන්ධාරණය හා චලන ආකාර පිළිබද විමර්ශනය කරයි.

  • ශාක වල සන්ධාරණය

  • ශුන්‍යතාව

  • ප්‍රාථමික හා ද්විතීක ශාක දේහ වල සංධාරණ ශක්තිය ලබා දෙන පටක

  • ශාක චලන

  • ආවර්ති චලන

  • සාර්වසර චලන

  • සන්නමන චලන

5

 

10 ඒකකය - ප්‍රජනනය , වර්ධනය හා විකසනය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

ජිවින්ගේ ප්‍රජනන ක්‍රියාවලිය විමසා බලයි.

ජිවින්ගේ ප්‍රජනන රටා විමසා බලයි.

  • ජීවින් තුල දක්නට ලැබෙන විවිධ ප්‍රජනන ක්‍රම

  • අලිංගික හා ලිංගික ප්‍රජනනය

4

පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

  • පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

  • ආකෘති හා රූප සටහන් භාවිතයෙන් පුරුෂ ප්‍රජනක පද්ධතිය අධ්‍යයනය කිරීම.

8

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

  • ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

  • ගර්භාශයික ප්‍රනාල / පැලෝපීය නාල / ඩිම්බ ප්‍රනාල

  • යෝනි මාර්ගය

  • මල්වර වීම.

  • ඔසප් චක්‍රය හා එහි හෝමෝනමය පාලනය

  • ආර්තවාභාවය

  • ආකෘති රූප සටහන් භාවිතයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය අධ්‍යයනය කිරීම.

8

සංසේචනයේ සිට උපත තෙක් ක්‍රියාවලි විමසා බලයි.

  • සංසේචනය සිදු වන ස්ථානය

  • සංසේචන ක්‍රියාවලිය

  • අධිරෝපණය

  • කලල බන්ධය , කලල පටල හා පෙකණි වැල

  • ගර්භනී කාලය තුල මාස 3 ක කාලය තුල භ්‍රාණයේ සිදු වන ප්‍රධාන වෙනස් වීම්.

  • ප්‍රසුතිය

5

දරුවාගේ පෝෂණය හා විකසනය පිළිබද විමසා බලයි.

  • ස්තන ග්‍රන්ථි

  • මව් කිරි නිපදවීම ( ක්ශීරණය ) හා කිරි මුදා හැරීමේ හෝමෝනමය හා ස්නායුමය පාලනය

  • නවජ අවධිය තුල පෝෂණය

  • ළදරුවාගේ හා ළමයාගේ මානසික වර්ධනය

2

ප්‍රජනක සෞඛ්‍ය පිළිබද සතිමත් වෙයි.

  • යෞවනෝදය හා ඒ ආශ්‍රිත ප්‍රධාන ශාරීරික වෙනස් කම්

  • ගර්භනීභාවය හදුනා ගත හැකි ලක්ෂණ

  • ගර්භනීභාවය හදුනා ගැනීම සදහා පරීක්ෂණ

  • පවුල් සංවිධානය

  • උපත් පාලන ක්‍රම

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන

  • වදභාවය

  • දරුවෙකු පිළිසිද ගැන්වීම සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක උපක්‍රම

4

ශාක ප්‍රචාරණ ක්‍රම පලදායි ලෙස යොදා ගැනීමේ හුරුව ලබයි.

  • ශාක වල වර්ධක ප්‍රජනනය

  • ශාක වල වර්ධක ප්‍රචාරණය

  • ශාක පටක රෝපණය

  • භෞමික ශාක වල ලිංගික ප්‍රජනනය

10

සපුෂ්ප ශාක වල ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය හා කෘත්‍ය පිළිබද අන්වේෂණයේ යෙදෙයි.

  • සපුෂ්ප ශාක වල ලිංගික ප්‍රජනනය

  • පුෂ්පයේ ව්‍යුහය හා කෘත්‍ය

  • පරාගනය හා සංසේචනය

  • කලලය , ඵල හා බීජ විකසනය

  • පාතෙනොඵලනය

  • බීජ ප්‍රරෝහනය හා බීජ සුප්තතාව

4

වර්ධනයේදී හා විකසනයේදී ශාක වර්ධක ද්‍රව්‍ය වල කාර්ය භාරය විමසා බලයි.

  • ශාක වල වර්ධනය හා විකසනය ‘

  • ශාක වර්ධක ද්‍රව්‍ය වල කාර්ය භාරය

  • ශාක වර්ධක ද්‍රව්‍ය වල භාවිත

3

ශාක වර්ධනයේදී සහ විකසනයේ දී සිදු වන අභ්‍යන්තර හා බාහිර වෙනස්වීම් පරීක්ෂා කරයි.

  • ශාක දේහයේ ප්‍රාථමික ව්‍යුහය

  • ශාක වල ද්විතීක වර්ධනය

  • ද්විබීජ පත්‍රී හා ඒකබීජ පත්‍රී ප්‍රාථමික මුලේ හා ප්‍රථමික කදේ හරස්කඩ ඡේද අධ්‍යයනය කිරීම.

  • ද්විබීජ පත්‍රී ශාක කදේ කාෂ්ටයෙහි අන්වීක්ෂීය හා මහේක්ෂීය ව්‍යුහය අධ්‍යයනය කිරීම.

8

 

11 ඒකකය - ප්‍රවේණිය

නිපුණතාව

නිපුණතා මට්ටම

සන්ධාරය

කාලඡ්චේද

භාවිතය සදහා ප්‍රවේණි විද්‍යාවේ මුලික සිද්ධාන්ත ගවේෂණය කරයි.

මෙන්ඩලීය පරීක්ෂණ වල විද්‍යාත්මක පදනම විමසා බලයි.

  • මෙන්ඩලීය ප්‍රවේණිය

  • මෙන්ඩල්ගේ පරීක්ෂණ

  • මෙන්ඩල්ගේ පරීක්ෂණ වල සාර්ථකත්වය

6

ලක්ෂණ ආවේණි ගත වීම සදහා වර්ණදේහ වල දායකත්වය විග්‍රහ කරයි.

  • ප්‍රවේණියේ වර්ණදේහ පදනම

  • ඌනන විභාජනයේ වැදගත්කම

  • අනුනන විභාජනයේ වැදගත්ක