unit 3 - ජීවීන්ගේ විවිධත්වය - 1 - උසස්පෙළ ජීව විද්‍යාව

unit 3 - ජීවීන්ගේ විවිධත්වය - 1

ජීවීන් හඳුනා ගැනීම , වර්ගීකරණය හා නාමකරණය

පෘථිවියේ ජෛව විවිධත්වයට ශාක හා සත්ව විශේෂ මිලියන 30ක් පමණ අයත් වෙතයි විශ්වාස කරයි.මොවුන්ගෙන් හඳුනාගත් මෙන්ම හඳුනා නොගත් ජීවීන් රාශියකි.ජීව විද්‍යාව හැදෑරීමේදී මෙම ජීවීන් පිළිබඳව දැනුම අත්‍යවශ්‍යය වේ.එහෙත් එම ජීවීන් වෙන වෙනම අධ්‍යනය අසීරු  කරුණකි.ජීවීන් හඳුනා ගනිමින් කෙටි කලකින් පහසුවෙන් වැඩි විශේෂ ගණනක් ක්‍රමානුකුලව අධ්‍යනයට වර්ගීකරණය හා නාමකරණය අවැසි ය.

මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මිනිසුන් ශාක හා සත්ව හඳුනා ගැනීම හා නම් කිරීම සිදු කර ඇත.එයට හේතුව ඔවුන්ගේ පැවැත්ම ශාක හා සතුන් මත පදනම් වූ බැවිනි.විශේෂිත ගති ලක්ෂණ භාවිතයෙන් ජීව විශේෂ හඳුනා ගෙන ඇත.                උදා :-  තෘණ වර්ග   මත්ස්‍යයින්    සර්පයින්       පක්‍ෂීන්

කෙසේ වුවද ඔවුන් ඒ සඳහා භාවිතා කල නම් භාෂාව හා ස්ථානය අනුව වෙනස් වේ.නමුත් පෘථිවියේ ඇති මහත් ජෛව විවධත්වය ජීව විද්‍යාත්මකව අධ්‍යනයට ඒකීය වර්ගීකරණයක් හා නාමකරණයක් අවැසි ය. ක්‍රමානුකුලව ජීවීන් වර්ගීකරණය කල පළමු තැනැත්තා ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ( ක්‍රි.පු. 384- 322 ) ය. මොහු විසින් පැහැදිලිව හඳුනාගෙන කොට්ඨාශ රාශියකට වෙන් කර ඒවා නම් කළේ ය.

ජීවීන් නාමකරණය

                සාමාන්‍ය නාමකරණය

යම් භාෂාවකට අනුව ජීවීන් වර්ග කෙරේ.
         උදා:- කපුටා   crow    කාහම්
එකම භාෂාවේ වුවද රටක ප්‍රාදේශීයව ද එකම ජිවීයට වෙනස් නම් භාවිත වේ.
         උදා:- වටමාර ලාඩප්පා         වැටහිර           ග්ලිරිසීරියා
මෙය ගැටළු සහගත ය.මෙයින් ජීවී විශේෂ හඳුනා ගැනීම අපහසු ය.මේ නිසා ජිවීයෙකු හඳුනා ගැනීමට එකම නමක් තිබිය යුතු ය.ඒ සඳහා භාවිතා වන්නේ ද්විපද නාමකරණයයි.

                ද්විපද නාමකරණය

විද්‍යාවේ හා ජීව විද්‍යාවේ දැනුම පුළුල් වීමත් සමඟ විවිධ විද්වතුන් නාමකරණයට හා වර්ගීකරණයට විවිධ වෙනස් ක්‍රම භාවිත කළහ.18 වන ශතවර්ෂය දක්වා බොහෝ දුරට  බහුපද නාමකරණයක් භාවිතා කළහ.

ලෝ පුරා පිළිගත් ද්විපද නාමකරණ පද්ධතිය 1753 දී කැරෝලස් ලිනෙයස්  ( 1707-1778 ) විසින් යෝජනා කරන ලද්දකි.ද්විපද නාමකරණයේ දී ජිවීයෙකු හැඳින්වීමට ඝන නාමය හා විශේෂ නාමය ලෙස කොටස් 2කින් දක්වයි.ඝන නාමය බොහෝවිට නාමපදයකි. සුළු නාමය යම් ලක්ෂණයක් විස්තර කිරීමකි.

උදා:-   Homo sapiens
          Homo - මිනිසා          sapiens - බුද්ධිමත්/විමර්ෂණශීලී

          Homo erectus
          Homo - මිනිසා          erectus - පළමුවෙන් කෙලින් සිට ගත්

එකිනෙකට බන්ධුතා දක්වන ජීවීන්ට එකම ඝන නාමය සමඟ වෙනස් වූ සුළු නාම දේ.මේ අනුව ඝන නාමය නාම පදයක් මෙන්ම පොදු ලක්ෂණ සහිත විශේෂ කීපයකට තිබිය හැක.සුළු නාමය එක විශේෂයකට විශිෂ්ඨ 1කි.එය යම් ලක්ෂණය විස්තර වන්නකි.

ද්විපද නාමකරණයේ නිවැරිදි භාවය සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් නිතී පද්ධතියක් පසුකලෙක සකස් කිරීමට උත්සහ කර ඇත.නමුත් සියලුම ජීවීන් සඳහා පොදු එකඟතාවයකට පත්ව නැත.
           ශාක නම් කිරීමට ICBN නිතී මාලාව ද
           සතුන් නම් කිරීමට ICZN නිතී මාලාව ද
           බැක්ටීරියා නම් කිරීමට ICND නිතී මාලාව ද
           වෛරස නම් කිරීමට ICTV නිතී මාලාව ද භාවිතා කරයි.

ද්විපද නාමකරණය සම්බන්ධ ජාත්‍යන්තර සංකේත

නාමකරණය සඳහා පිළිගත් නිතී හෝ නාමකරණ වයවස්තා ඇත.මේවා ශාක , සතුන් , බැක්ටීරියා හා වෛරස සඳහා සුළු වශයෙන් වෙනස්කම් ඇත.නමුත් බැක්ටීරියා , ශාක , සතුන් , දිලීර නාමකරණයේ දී වැදගත් වන පොදු නීති කීපයක් පහත පරිදි ය.

  1. ජීවී විශේෂ 2කට එකම නාමය තිබිය නොහැක.
  2. සෑම විශේශයකටම ඝන නාමය හා සුළු නාමයන් ඇති අතර මෙම නාම 2 එකතුවෙන් විද්‍යාත්මක නාමය සැදේ.   
  3. නාමය ලතින් හුරුවක් ඇති වචන වන අතර එය රෝමන් අකුරු වලින් ලිවිය යුතු ය.
  4. ඇත අකුරින් ලියන විට යටින් ඉරක් ඇඳිය යුතු අතර මුද්‍රණය කරනවිට ඇල අකුරු ලිවිය යුතු ය.
  5. ඝන නාමයේ මුලකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් විය යුතු අතර සුළු නාමය ඉංග්‍රීසි සිම්පල් අකුරින් ලිවිය යුතු ය.
  6. විද්‍යාත්මක කාර්යයවලදී නාමය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම කැපිටල් අකුරින් හෝ කෙටිකර දැක්වීමක් හෝ සම්පුර්ණ නම ලෙසින් හෝ අගින් දක්වයි.
                Elephas maximus .L.               ආසියාතික අලියා
                
    Ipomoea aquatic .Frosk.         කංකුන්
  7. උප විශේෂ හූ ප්‍රබේද ඇති විට හැඳින්වීමට තෙවැනි පදයක් යොදා ගත හැක.
                Panthera pardus kotiya          ශ්‍රී ලංකා දිවියා            
                
    Panthera pardus pardus        අප්‍රිකානු දිවියා
  8. ඝන නාමය දන්නා සුළු නාමය නොදන්නා විට එම සුළු නාමය/විශේෂය වෙනුවට sp ද විශේෂ කීපයකට spp ද යොදා භාවිතා කරයි.
                Cucurbita sp               වට්ටක්කා
                Cucurbita spp             වට්ටක්කා