ආංකිත ආර්ථිකය Digital Economy
ආංකිත ආර්ථිකය යනු ආංකිත සන්නිවේදන ජාල පරිඝණක මෘදුකාංග සහ වෙනත් තොරතුරු තාක්ෂණයන් අන්තර්ගත ආංකිත තාක්ෂණයන් මත පදනම් වූ ආර්ථිකය වේ.මෙය අන්තර්ජාල ආර්ථිකය, වෙබ් ආර්ථිකය ලෙසද හදුන්වයි.
ආංකිත ආර්ථිකයේ ප්‍රධාන ක්‍රම
ආපසු වෙන්දේසිය (Reverse Auction )
ආපසු වෙන්දේසියකදී එක් ගැණුම්කරුවෙක් හා විකුණුම්කරුවන් ගණනාවක් සිටින බැවින් තරගය ඇති වන්නේ විකුණුම්කරුවන් අතරය. මෙහිදී විකුණුම්කරුවන් තම භාන්ඩ හෝ සේවා අලෙවි කිරීම සදහා තරගකාරී ලෙස මිල ගණන් අඩු කිරිම සිදු කරයි. මෙහි දී අවම ලංසු තබන්නා වෙන්දේසිය ජය ගනී.
මෙහි ඇති විශේෂත්වයන්:-
ආපසු වෙන්දේසියක වාසි:-
කණ්ඩායම් මිලදී ගැනීම (Group Purchasing )
විධ වර්ගයේ භාණ්ඩ හෝ සේවා වට්ටම් සහිත අනුපාත වලට මිලදී ගැනීමේ අරමුණින් යම් පුද්ගලයන් හෝ ව්‍යාපාර එකට එකතු වීමේ ක්‍රියාවලිය වේ. එමගින් මිලදී ගන්නන්ට යම්කිසි ලාභයක් ලබා ගත හැකිය. මෙහි දී ප්‍රධාන අරමුණ වන්නේ සියලුම සාමජිකයන්ගේ මිල දී ගැනීමේ බලය එකතු කිරීමයි. වි
e-වෙලදපොල (e-market place)
මෙය කිසියම් පුද්ගලයෙක් හෝ සමාගමක් සතු අනෙකුත් සමාගම් වලට හෝ පුද්ගලයන්ට ඔවුන්ගේ නිෂ්පාදන සදහා නව සැපයුම්කරුවන් හෝ මිල දී ගන්නන් ලබා ගැනීම ගණුදෙණු තැම්පත් කිරීම හා බෙදා හැරීම පහසු හා කාර්යක්ෂම කිරීමට පිහිටුවා ඇති අන්තර්ජාල පිහිටුමකි.
e-වෙලදපොල කාර්යන්:-
e-වෙලදපොල ප්‍රධාන ක්‍රියාවලි 2 කි.
සංවිධාන වර්ග Types of Organization
ව්‍යාපාර කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන ප්‍රධාන සංවිධාන තුනකි.
1.Pure Brick (මාර්ග අපගත වෙලද සංවිධාන)
ගොඩනැගිල්ලක් තුළ පමණක් භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීමේ කාර්්‍යය සිදු කරයි. මේය සාම්ප්‍රදායික වෙළඳ සංවිධානයකි. මෙහිදී සියලු ගනුදෙනු සිදුවන්නේ මාර්ග අපගත ආකාරයටයි.
2.Brick and Click (මාර්ග අපගත හා මාර්ගගත වෙලද සංවිධාන)
මෙහිදී මාර්ග ගත හා මාර්ග අපගත යන ආකාර දෙකටම අනුව ව්‍යාපාර කටයුතු ද සිදු කරයි. බොහෝ ව්‍යාපාර භෞතිකව ස්ථානයක පවත්වා ගෙන යන අතරම web අඩවියක් හරහා භාණ්ඩ අලෙවි කිරීම ද සිදු කරයි.
3.Pure Click (මාර්ගගත වෙලද සංවිධාන)
මෙම සමාගම් තම භාණ්ඩ හා සේවා පිළිගැන්වීම සිදු කරන්නේ අන්තර්ජාලය හරහා පමණි. මෙය ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් වන අතර අවශ්‍ය ප්‍රාග්ධනය ද ඉතා අඩුයි.