උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ත්‍රිමාණ සජීවිකරණ සදහා භාවිතාවන Maya Animation හදුනා ගනිමු.

 

 

                   

සරල ත්‍රිමාන නිර්මාණයක්  කිරීම පටන් චිත්‍රපට  නිර්මාණය දක්කවා විහිදී

මායා ඇනිමේෂන් ඩිසයිනිo  වැඩසටහන යොදා ගන්නට පුළුවන්.

 

Maya යනු කුමක්ද යන්න හදුනාගනිමු.

ලොව ඇති බොහෝ ත්‍රිමාණ පරිගණක වැඩසටහන් (3D Animation software) අතරින්

සරල ග්රැෆික් නිර්මානයක පටන් ඉතා සංකීර්ණ මෙන්ම උසස් තත්වයකින් යුතු නර්මාණයක් කරගැනීමට

හැකි 3D Animation වැඩසටහනකි.

 

ඔටෝඩෙස්ක්  මායා වැඩසටහන පරිගණකයට ලබා ගැනීම.

මෙය වානිජ මෘදුකාංගයක් හෙවත් මිලදීගෙන පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරගත යුතුය.

නමුත් මායා වල අත්හදා බැලීමේ සංස්කරණයක් www.autodesk.com/products/maya/free-trial යන වෙබ්අඩවිය

තුලින් නොමිලේ download කර පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරගත හැකිය.

 

මායා වැඩසටහනක වැඩ කිරීමට පෙර එහි ඇති අප්ලිකේෂන් වින්ඩෝ එක පිලිබදව අවබෝදයක් තිබිය යුතුය.

අප මායා වැඩසටහනට මුලින්ම පිවිසිවිට එහි මුලින්ම දක්නට ලැබෙන්නේ ඇප්ලිකේෂන් වින්ඩෝ එකයි.

 

මුලින්ම Maya ඇප්ලිකේෂන් වින්ඩෝ එක හදුනා ගනිමු.

 

1 ටයිටිල් බාර් (title bar)

වින්ඩො වෙහි ඉහලින්ම දක්කනට ලැබෙන්නේ Title bar එකයි.

එහි  පිලිවෙලින් වැඩ සටහනේ name එක.

 scene name හෙවත් සංස්කරණය හා save කරඇති file එකහි name පෙන්වා ඇත.

 bar එකේ දකුණු පස කෙළවලේ  Minimize, Restor Down Close යන බට්න් ඇත.

 

 

ඔබට එම ican මෙලෙස පෙනේවි.                 

 

2 මෙනු බාර්  (Menu Bar)

මෙහි පවතින්නේ මායා ඇප්ලිකේෂන් වින්ඩෝ එක කළමනාකරණය කිරීමට අදාල  විධාන සියල්ල මෙහි පවතී.

object සැකසීම ඒවා edit කිරීම වැනි වැඩවලට අදාළ විධානද මෙ තුල පෙන්වයි.

 

ඔබට මෙම ican මෙලෙස පෙනේවි.             

 

3 මෙනු සෙටිස් මෙනු ( Menu Sets Menu )

Menu Bar එකට අදාළ විවිද කොටස් මෙමගින් tools තෝරා ගත හැකිය.

මෙය Menu Bar එකේ නොපවතින්නේ එහි ප්‍රමාණය වෙනස් වන බැවිණි.

මෙහි ඇති විවිධ කොටස් menu Sets ලෙස name එකක් ලෙස ඇතුලත් කර ඇත.

 

 එය වින්ඩෝ එක තුල මෙලෙස පෙනේවි.

 

4 ස්ටේටස් ලයින් (status line )

Menu තුල ඇති විශේෂ ක්‍රියා මෙහි ඇති ෂෝකට් ican තුල දක්වා ඇත.

මෙහිදී Menu එකට පිවිසීමට නෙවත ස්ටේටස් ලයින් ක හරහා ගොස් විවිද වැඩ කරගන්නටද හැකිය.

 

 මෙම ican එක වින්ඩෝ එක තුල මෙලස  පෙනේවි.

 

5 ෂේල්ෆ් (Shelf)

මෙය සකස් කර ඇත්තේද මෙනු බාර් එක තුල ඇති විවිධ මෙනුවල කටයුතුම මෙනු වලට නොයාම කරගත හැකි සේය.

සජිවිකරණයට යොදා ගන්නා විවිධ object , camera , සජීවිකරණ කොටස් ආදිය මෙහි පවතී.

ඉහලින් Shelf Tab එකින් එක ක්ලික් කර විවිධ විධාන දිය හැකිය.

 

 මෙය ican එක තුල වින්ඩෝ එක තුල මෙලෙස පෙනේවි.

 

6 ටූල් බොක්ස් (Tool box)

object එකක් edit ඒකරා ගැනීම එනම් object එක තෝරා ගැනීම, එහි පිහිටීම වෙනස් කිරීම,හැඩය හා පිහිටීම

වෙනස් කිරීම වැනි කටයුතු සදහා මෙම tools එක යොදා ගත හැකිය.

 

මෙය වින්ඩෝ එක තුල මෙලස පෙනේවි.

 

7 චැනල් බොක්ස් / ලේයර් එඩිටර් (Channel box/ Layer Editor )

 තෝරාගත් object එකක දිග, පළල,උස object එක පිහිටන තැන යනාදිය මෙ තුලින් සකස් කල හැකිය.

වැඩ කිරීමට අවශාවන් විවිද Layer මෙහි පහලින් layer editor තෝරාගත හැකිය.

 

 එය වින්ඩෝ එක තුල මෙ ආකාරයෙන් පෙනේවි.

 

8 වීව් පැනල් (veiw panel )

වින්ඩෝ එකහි වැඩි ප්‍රමාණයක් හිමි වන්නේ veiw panel එක සහාය.

මෙහිදී මුලින්ම දක්නට ඇත්තේ පර්ස්පෙක්ටිව් නම් veiw panel එකයි.

මෙහි tool box එකට පහලින් ඇති Panel Layout බට්න් තුනෙන් ඉහල සිට දෙවැනියට ඇති බට්න් එක ක්ලික් කිරීමෙන්.

මෙහි ඉදිරිපස පෙනුම, පැති පෙනුම, දැක ගත හැකි ලෙස veiw pot ලබාගත හැකිය.

මෙහිදී object ඉදිරිපස පෙනුම දැක් වීමට Front ලෙසද, ඉහල පෙනුම දැක්වීමට top, පති පෙනුම Side ලෙසද දැක්වේ

 

 එය වින්ඩෝ එක තුල මෙලෙස වේ.

 

9 ටයිම් ස්ලයිඩ් (time slider )

සජීවිකරණ සකසන විට එක් එක් රෑප රාමු වෙත යොමු කරයි.

මෙහි රෑප රාමු අංක ලෙස පෙන්වයි.

මෙහි Play Back Buttons මගින් සජීවිකරණ ධාවනය කිරීම හා ධාවනය නැවැත්විම කල හැකිය.

 

එය මෙලෙස පෙනේවි 

10 රේන්ජ් ස්ලයිඩ් (Range Slider)

ෆ්‍රේම් එකහි රෑප ගණන සකස් කිරීමට මෙය යොදා ගත හැකිය.

 

එය වින්ඩෝ එක තුල මෙලෙස පෙනේවි.

 

11 හෙල්ප් ලයින් (Halp Line )

මවුස් පොයින්ටර් යම් tool එකක් මත තැබූ විට එය පිලිබදව යම් විස්තරයක් පෙන්වයි.

 

12 කමාන්ඩ් ලයින් (Command Line )

සංකීර්ණ ඇනිමේෂන් තුලදී භාවිතාකරයි මෙහි Script Editor එක මගින් කේත ලිය Command කල හැකිය.

එය වින්ඩෝ  එක තුල මෙලස පෙනේවි. 

ඇප්ලිකේෂන් වින්ඩෝව හැසිරවීම පිලිබදව සුළු අවබෝදයක් ලබා ගනිමු.

මුල් වරට maya වෙත පිවිසන විට ඩිෆෝල්ට් වශයෙන් ඇති ටුල්ස් සියල්ල ඇත.

නමුත් මේවා අවශ්‍යවන්නේ වැඩ කරන ආකාරයටය.

මෙහිදී මේවා අවශ්‍ය ලෙස වින්ඩෝ එක තුල මෙම tool හසුරුවා ගත යුතුය

ඒවා වින්ඩො එකින ඉවත් කිරීම නැවත ලබා ගැනීම

ඒ සදහා Display නම් මෙනුව තුල ඇති ui Elements සබ් මේනුවෙහි ඇති විඩෝව තුලට

ඇතුලත් කල හැකි chek box විධාන තිබේ.

 

 

 

මෙම ලිපිය මගින් Maya Animation පිළිබද සරල අවබෝදයක් ලබා ගත හැකිය.

ලිපියේ යම් දෝෂයක් ඇති නම් සමාවෙන්න. ඔබට සුභ දවසක්.

 


ලිපිය නිර්මාණය කලේ,
නිරෝෂා මිහිරානි


MEMBER

අදාල තවත් ලිපි,



නිරෝෂා මිහිරානි

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අනෙකුත් ලිපි