12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය - 2015 මාර්තු
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - I කාලය පැය 2 යි.
සැ.යු : ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
01. පරිගණකයක කළමනාකරණය, කාර්ය සම්බන්ධීකරණය හා සම්පත් හවුලේ පරිහරණය යන ක්‍රියාවනට වගකිවයුත්තේ පහත සඳහන් ඒවා අතුරින් කවරක්ද?
02. නවීන පරිගණක පද්ධතියක් (Computer System) ස්ථර (layers) ලෙස වර්ගීකරණය කළහොත් එහි පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා අනුපිළිවෙලින් දැක්වෙනුයේ,
03. පරිගණක පද්ධතියක පරිශීලකයාහට (User) තම අවශ්‍යතාවය ඉටුකරදෙනු ලබන්නේ,
04. නිදහස් මෘදුකාංග (Open Source Software) භාවිතය පිළිබඳව වර්ථමාන සමාජයේ වැඩි පෙළඹවීමක් සහ නැඹුරුතාවයක් ඇතිවෙමින් පවතියි. එමගින් සමාජයට සහ රටට අත්වන වාසි වනුයේ,
a. වියදමකින් තොරව මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව
b. නිදහස් මෘදුකාංග වැඩිදියුණු කර අපට ගැලපෙන ආකාරයට භාවිතා කිරීමේ හැකියාව
c. මෘදුකාංග සඳහා පිටරටට ඇදීයන විනිමය ඉතිරි කරගත හැකි වීම.
d. එම මෘදුකාංග ඉලක්ක කරගත් වෛරස් ප්‍රමාණය වැඩිවීම.
05. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ (Windows Operating System) ඇති පිළිසකර බඳුන් (Recycle Bin) පිළිබඳව අසතH වනුයේ,
06. නීත්‍යානුකූලව නොවන ලෙස අඩු මුදලකට තෙවන පාර්ශවයකින් (Third Party) සපයාගත් මෘදුකාංග පිටපතක් (Software Copy) ඔබේ පරිගණකයේ ස්ථාපනය (Install) කර තිබීම නිසා නීතිමය වශයෙන් ඔබට දඬුවම් ලැබිය හැක්කේ පහත සඳහන් කුමන නීතිමය ප්‍රතිපාදනය (Legal Policy) අනුවද,
07. අන්තර්ජාලයෙන් ලබාගත් ලිපියක් තම ව්‍යාපෘති ලේඛනයක (Project Documents) ඇතුලත් කළ සිසුවෙක් එය ලබා ගත් වෙබ් අඩවියේ නම අවසාන පිටුවේ සඳහන් කරන ලදී. මෙය නිදසුනක් වන්නේ,
08. කමල් මිලදී ගත් පරිගණකයේ යම් දෝෂයක් ඇති බව කාලාන්තරයක් යනවිට ඔහුට වැටහිණි. මෙම දෝෂය ඇත්තේ ඔහුගේ පරිගණකයේ ප්‍රොසෙසරයේ (Processor) බව ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. නිමල් ඔහුගේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය (CPU – Central Processing Unit) විවෘත කළ අතර මව් පුවරුවේ ඇති ප්‍රොසෙසරය (Processor) සම්බන්ධ කිරීමේ සොකට්ටුවෙන් එය ඉවතට ගෙන එහි දූවිලි බැඳී තෙබෙනු දුටු ඔහු එය අතින් පිරිමැදීම සිදු කරන ලදී. මෙහිදී විය හැකි හානියක් වනුයේ,
09. අමල් දිනපතා ඔහුගේ විදේශගතව සිටින සොහොයුරාව අමතනුයේ අන්තර්ජාල දුරකථනය හරහාය (Internet Telephony). මෙහිදී ඔහු Skype නම් මෘදුකාංගය භාවිතා කරයි. ම්හු මෙම මෘදුකාංගය භාවිතා කරන අවස්ථාවේදී ඔහුගේ දුරකථන මාර්ගයේ දත්ත සම්ප්‍රේෂණ වේගය අඩුවීම හා පරිගණකයේ බලය අඩුවීම මගින් සිදුවිය හැකි දෝෂයක් වනුයේ ශබ්දය නිසිලෙස සම්ප්‍රේෂණය නොවීමයි. මෙහි ප්‍රථිඵලයක් විය නොහැක්කේ,
10. පොතක් මිලදී ගැනීම සඳහා පියාගෙන් රුපියල් 40 ක් ද මවගෙන් රුපියල් 30 ක් ද පරාක්‍රමට ලැබෙයි. ම්හුට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ද්වීමය ආකාරයෙට තුල්‍ය වනුයේ,
11. 2011 වර්ෂය ද්වීමය ආකාරයෙන් පරිගණකයේ ප්‍රධාන මතකයේ තැන්පත් වනුයේ,
12. 1011102 + 1010 තුල්‍ය වනුයේ,
13. ද්වීමය කේතක ක්‍රමයේ (Binary Coded Decimal - BCD) දී දශමය සංඛ්‍යා පද්ධතියේ ඇති සෑම සංඛ්‍යාවක්ම (Digits) නිරූපණය කිරීම සඳහා බිටු 4 (4 bits) ක් භාවිතා කරයි. 28 නැමැති දශමය සංඛ්‍යාව ද්වීමය කේතික දශමය මගින් ආකේතනය (encode) කළ විට ලැබෙන බිටු රටාව (Bit Pattern) වනුයේ,
14. ASCII කේත ක්‍රමයේ දී "G" අනුලක්ෂනය (Character), 10001112 මගින් නිරූපනය කරයි නම් 10000102 මගින් ASCII හි නිරූපනය වන අනුලක්ෂනය (Character) වන්නේ,
15. මෙගාබයිටයක (Megabyte) ඇතුළත් වනුයේ,
16. සංඛ්‍යා පද්ධතියක් (Number System) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වනුයේ,
17. ASCII කේත යන්නෙහි දිගු වචනයන් වනුයේ,
18. පරිගනකයේ මධ්‍ය සැකසුම් ඒකකය (CPU) සමන්විත වනුයේ,
19. එක්තරා ආචයන උපාංගයක් (Storage Device) මෙගා බයිට (Megabyte) කිහිපයක සිට ගිගා බයිට (Giga byte) ගණනාවක් දක්වා ඉතා ඉහළ ධාරිතාවයකින් (High Capacity) යුක්තව දත්ත සටහන් කිරීම සඳහා චුම්භක හිසක් (Magnetic Head) භාවිතා කරයි. සාමාන්‍ය පිවිසුම් වේගය (Access Speed) ඉතාම ඉහලයි. මෙම උපාංගය විය හැක්කේ,
20. පහත වගුවේ දෘඩ තැටිය (Hard Disk) සහ යතුරු පුවරුව (Key Board) යන තීරු දෙක නිවැරදිව ගැලපෙන්නේ කුමන පේලියේද,
පේලිය |
දෘඩ තැටිය |
යතුරු පුවරුව |
A |
ආදාන |
ප්‍රතිදාන |
B |
ආදාන |
ආචයන |
C |
ආචයන |
ආදාන |
D |
ප්‍රතිදාන |
ආදාන |
තවත් කොටසක් බලා පොරොත්තු වන්න....