151. පරිගණක මතක ධූරාවලියේ (Memory Hierarchy ) ඉහළ සිට පහළට ද්විතීයක මතක වර්ග (Secondary Storage Memories) වල අනුපිළිවෙල දැක්වෙන පිළිතුර වනුයේ,
- චුම්භක මාධ්‍ය දෘඩ තැටි, ප්‍රකාශ මාධ්‍ය උපංග, ප්‍රාථමික මතක උපාංග
- ප්‍රකාශ මාධ්‍ය උපංග, චුම්භක මාධ්‍ය දෘඩ තැටි, අනුපූරක ප්‍රවේශ මතක
- අනුපූරක ප්‍රවේශ මතක, චුම්භක මාධ්‍ය දෘඩ තැටි, ප්‍රකාශ මාධ්‍ය උපංග
- හුම්භක මාධ්‍ය දෘඩ තැටි, ප්‍රකාශ මාධ්‍ය උපංග, අනුපූරක ප්‍රවේශ මතක
- අනුපූරක ප්‍රවේශ මතක, ප්‍රකාශ මාධ්‍ය උපංග,චුම්භක මාධ්‍ය දෘඩ තැටි
152. විශේෂ කාර්යය සඳහා වූ පරිගණකවල (Special Purpose Computer) කාර්යය වනුයේ,
- විවිධ කාර්යයන් පහසුවෙන් ඉටු කිරීම
- බහුකාර්‍යය නොවීම
- භාවිතා කරන්නා හට කැමති යෙදුම් මෘදුකාංග යොදාගත හැකි වීම
- විශේෂ පරිගණක උපාංග ඇසුරෙන් නිපදවා ඇත.
- ඕනෑම අවස්ථාවකදී යෙදුම් මෘදුකාංග වෙනස් කල හැකි වීම
153. සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන (General Purpose Computer) පරිගණකයේ කාර්‍යය වනුයේ,
- බහුකාර්යය වීම.
- විවිධ ප්‍රභේද යටතේ ඇති කාර්යයන් හා මෙහෙයුම් ත්‍රයාවට නැංවීම සඳහා යොදාගත් හැකි වීම
- මුද්‍රණ කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම.
- අන්තර්ජාලයට ඉතාමත් ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාව.
- පරිශීලක අවශ්‍යතා වලට අනුගත වීම.
154. වාණිජ මට්ටමින් නිපද වූ ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය (UNIVAC – Universal Automatic Computer) නිර්මාණය කරන ලද්දේ,
- බ්ලේස් පැස්කල් (Blaise Pascal)
- චාර්ල්ස් බැබේජ් (Charles Babbage)
- ජෝන් වොන් නියුමාන් (John Von Neumann)
- ජෝන්. වී. අටන්සොෆ්ට් (John V. Atanasoft)
- ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper Eckert)
155. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
- පූර්ව යාන්ත්‍රික යුගය, . විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය, යාන්ත්‍රික යුගය
- විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය, යාන්ත්‍රික යුගය, පූර්ව යාන්ත්‍රික යුගය
- පූර්ව යාන්ත්‍රික යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය
- පූර්ව යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය
- යාන්ත්‍රික යුගය, පූර්ව යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය
156. 1822 දී චාල්ස් බැබේජ් විසින් "ලොව ප්‍රථම යාන්ත්‍රික පරිගණකය" සඳහා අවශ්‍ය කරන ආකෘතියක් ඉදිරිපත් කළහ. මෙය හඳුන්වන ලද්දේ,
- ආකලන යන්ත්‍රය (Adding Machine)
- ENIAC
- Difference Engine
- Step Reckoner යන්ත්‍රය
- ඇනලිටිකල් යන්ත්‍රය (Analytical Engine)
157. ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකය (The 1st digital computer which used stored programs) ලෙස නම් කරන ලද්දේ,
- ENIAC
- Difference Engine
- EDVAC
- UNIVAC
- Analytical Engine
158. VLSI යන්නෙහි දිගු නාමය වනුයේ,
- Very Large Size Implementation
- Very Large Scale Implementation
- Very Large Scale Integration
- Very Least Scale Integration
- ඉහත කිසිවක් නොවේ.
159. වැඩහල් පරිගණක යන්ත්‍ර (Workstations) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- වඩා වැඩි හැකියාවන්ගෙන් යුතු ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා භාවිතා කරයි.
- වැඩි පිරිසකට එකවර වැඩ කළ හැකිවේ.
- ආදාන හා ප්‍රතිදාන උපාංග ලෙස ටර්මිනල (Terminals) යොදා ගනියි.
- ව්‍යාපාරික ස්ථාන වල භාවිතා කරන POS ටර්මිනල (Point of Sale Terminals) මේ සඳහා උදාහරණ වේ.
- ත්‍රිමාණ සහ සජීවිකරණ නිර්මාන (Animations) කටයුතු සඳහා යොදා ගනියි.
160. උකුල් / ලැප්ටොප් පරිගණක යන්ත්‍රයකට වඩා තරමක් කුඩා වූ පරිගණක වර්ගයක් වන මේවා තැනින් තැන පහසුවෙන් රැගෙන යා හැකිය. මෙම ක්ෂුද්‍ර පරිගණක වර්ගය හඳුන්වනු ලබන්නේ,
- උකුල් පරිගණක (Laptop Computer)
- අත්ල පරිගණක (Palmtop Computer)
- පුද්ගලික සංඛ්‍යාංක සහකරු (PDA – Personal Digital Assistant)
- නෝට්බුක් පරිගණකය (Notebook Computer)
- සාක්කු පරිගණකය (Pocket PC)
විවරණ සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...