2.0 : නූතන පරිගණක වල කාර්යයසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේශණය කිරීම.
බහුවරණ ප්‍රශ්න (Multiple Choice Questions - MCQ)
01. විශ්ලේෂණාත්මක එන්ජිම (Analytical Engine) සොයා ගනු ලැබුවේ කවුරුන් විසින් ද? (2011 A/L, 1)
02. දෙවන පරම්පරාවේ (Second Generation) පරිගණක වල භාවිත වන්නේ පහත සඳහන් කවර තාක්ෂණය ද? (2011 A/L, 2)
03. පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. (2011 A/L, 33)
වොන් නියුමාන් (Vonn Neumann) නිර්මාණකරණය ඉක්මවන සේ තාක්ෂණික වර්ධනය වළක්වන ලද්දේ ඉහත දැක්වෙන කවරක් විසින් ද?
04. ප්‍රථම පරිගණක ක්‍රමලේඛකයා ලෙස සැලකෙන්නේ කවුරුන් ද? (2012 A/L, 1)
05. තුන්වන පරම්පරාවේ පරිගණක වල භාවිතා කරන ලද්දේ පහත දැක්වෙන කුමන තාක්ෂණයද? (2012 A/L, 2)
06. CPU තුළට ආහරණ (fetch) කරන ලද උපදෙස් විකේතනය (decode) කරනු ලබන සංරචකය හඳුන්වනු ලබන්නේ, (2012 A/L, 28)
07. ක්‍රියාකරවීම (execution) අතරතුර දී දත්ත හා උපදෙස් දරා ගනිමින්, ක්ෂුද්‍ර සකසනයේ (microprocessor) කොටසක් ලෙස පවතින, අධිවේගී තාවකාලික ආචයනයක් (high speed temporary storage) ...................... ලෙස හැඳින්වේ. ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක් ද? (2013 A/L, 03)
08. බැබේජ්ගේ "Difference යන්ත්‍රය" පාදක වී ඇත්තේ ................ මත ය. (2013 A/L, 7)
ඉහත හිස්තැන පිරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
09. Electronic Numerical Integrator and Computer (ENIAC) පරිගණකයේ ප්‍රධාන නිපැයුම්කරුවකු වන්නේ, (2014 A/L, 1)
10. ආගණන උපක්‍රම (computing devices) වල පරිණාමය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කුමන වගන්තිය ද? (2014 A/L, 2)
ව්‍යවූහගත රචනා ප්‍රශ්න (Structured essay questions)
1. (2011 A/L, 1.a) ප්‍රථම පරිගණක පරම්පරා හතර සඳහා භාවිත කර ඇති ප්‍රධාන තාක්ෂණ සඳහන් කරන්න.
2. (2011 A/L, 1.b) ක්‍රමලේඛ ක්‍රියාත්මක වීමේ දී භාවිත වන ආහරන - ක්‍රියාකරවුම් චක්‍රය (Fetch – execute cycle) නිරූපණය කිරීමට රූපසටහනක් අඳින්න.
3. (2011 A/L, 4.b) දත්ත ගබඩා කිරීම / සමුද්ධරණය (Retrieve) සඳහා භාවිත වන මාධ්‍යය (Medium) පාදක කරගෙන පරිගණක ආචයන (Storage) පද්ධති ආකාර තුනකට වර්ග කල හැකිය. මෙම ආකාර තුන සඳහන් කර, එක් එක් ආකාරයට උදාහරණය බැගින් ලබා දෙන්න.
මෙම ප්‍රශ්න ශ්‍රී ලංකා විභාග දෙපාර්තමෙන්තුව මගින් නිකුත් කල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මගින් උපුටා ගන්නා ලද අතර මා විසින් සිදු කර ඇත්තේ කෙටි විශ්ලේශණයක්ම පමණි. අ.පො.ස (උ.පෙළ ) තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය මාලාවේ 2 වන පාඩමට අයත් ප්‍රශ්න මෙහි ගොනු කර දක්වා ඇත්තේ පරිශීලකයාගේ පහසුව තකා පමණක් බව කරුණාවෙන් සලකන්න.
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න....