61. පරිගණකයේ ඇරඹුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වන BIOS (Basic Input Output System)වැඩසටහන තැන්පත් කිරීමට පඨන මාත්‍ර මතකයක් (ROM – Read Only Memory) යොදා ගැනීමට හේතුවක් නොවන්නේ,
1. නෂ්‍ය නොවන (Nonvolatile) එනම් ස්ථිර මතකයක් වීම.
2. පඨන මාත්‍ර මතකය ක්‍රියාරම්භ (initialize) කිරීමට අවශ්‍ය නොවීම.
3. නිතර නඩත්තු කිරීම් සහ අළුත්වැඩියා කිරීමක් අවශ්‍ය නොවීම.
4. වෛරස ආදිය පරිගණකයට හානිකර වැඩසටහන් පඨනමාත්‍ර මතකය වෙත පිවිසීම අසීරු කාර්යයක් වීම.
5. BIOS වැඩසටහන තැන්පත් කිරීමට ඉතා කුඩා මතක අවකාශයක් ප්‍රමාණවත් වීම.
62. GRUB (GNU grand unified boot loader) සහ NTLDR (NT loader) සහ යනු කුමක් සඳහා උදාහරණයන් ද?
1. මෙහෙයුම් පද්ධති (Operating Systems)
2. හරයයන් (Kernels)
3. ස්වාරම්භක වැඩසටහන් (Bootstrap program / bootstrap loader)
4. ඇරඹුම් ධාවකයන් (Boot drivers)
5. ඇරඹුම් පටිපාටීන් (Boot sequences)
63. මෙහෙයුම් පද්ධති වර්ගීකරණයට (Classification of Operating Systems) ඇතුළත් නොවන ආකාරයක් වියහැක්කේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. බහු පරිශීලක – තනි කර්යය (Multi user – Single Task)
64. යන්තසූත්‍ර, කාර්මික පද්ධති, විද්‍යාත්මක පද්ධති වැනි සංකීර්ණ පද්ධති පාලනය කිරීම සඳහා යොදා ගන්නා පද්ධති වර්ගීකරණය කිරීමට යොදා ගනුයේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
65. UNIX, Windows Server වැනි මෙහෙයුම් පද්ධති අයත්වන වර්ගීකරණය වන්නේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
66. එක වෙලාවකට එක පරිශීලකයෙකුට වැඩ කිහිපයක් කල හැකි අද බහුලව ඩෙස්ක්ටොප් පරිගණකයේ (Desktop Computer) හෝ උකුල් පරිගණකයේ (Laptop Computer) භාවිතා වන මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කළ හැක්කේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
67. ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
68. පරිගණකය භාවිතා කරනු ලබන පරිශීලකයින් (Users) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
69. සම්පත් කළමනාකරණය (Resource Management) මෙහෙයුම් පද්ධතියේ (Operating System) ප්‍රධාන කාර්යයකි. පහත වාක්‍ය අතුරින් අසත්‍ය වන්නේ,
70. පරිගණකය ක්‍රමලේඛගත කිරීම සඳහා අතථ්‍ය යන්ත්‍රයක් (Virtual Machine) ලබා ගැනීම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයකි. මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
71. ගොනු (Files) සහ ඒවායේ අවශ්‍යතාවය පිළිබඳව පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
72. පරිගණකයේ ගොනු (Files) දෘඩ තැටි (Hard Disk) වැනි බාහිර ආචයන උපක්‍රම තුළ ගබඩා කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වනුයේ,
73. මෙහෙයුම් පද්ධතියෙහි ගොනු (Files) සමඟ ගනුදෙනු කරන කොටස හඳුන්වනු ලබන්නේ,
1. ගොනු පද්ධතිය (File System)
2. හරය (Kernel)
3. ද්විතීයක ආචයනය (Secondary Storage)
4. ගොනු ආකෘතිය (File Structure)
5. MBR (Master Boot Record)
74. ගොනු (Files) වර්ගීකරණය කළ හැකි ආකාර තුන නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
75. සාමාන්‍ය ගොනු (Regular Files) වර්ගීකරණය කරනු ලබන ආකාර දෙක නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
1. ASCII Files, Character Files
2. ASCII Files, Binary Files
3. Character Files, Block Files
4. Block Files, ASCII Files
5. Block Files, Binary Files
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.