HTML #02

HTML ලේඛන තුළ Headings ඉතා වැදගත් වේ. <h1> සිට <h6> දක්වා වූ Tags මඟින් Headings නිරූපණය කරයි. <h1> Tag එක මඟින් ඉතාම වැදගත් Headings නිරූපණය කෙරෙන අතර වැදගත්කම අඩු වන පිළිවෙළින් ගොස් වැගත්කම අඩුම Headings <h6> Tag එක මඟින් නිරූපණය කරයි.

 

වැදගත් කරුණු


1. Browsers මගින් සෑම Heading එකකටම පෙර හා පසුව ස්වයංක්‍රීයවම හිස් අවකාශයක් එකතු කෙරේ.

2. Heading නිරූපණය කිරීම සඳහා පමණක් HTML Headings Tags භාවිතා කරන්න. වගන්ති විශාල කර පෙන්වීමට හෝ Bold කර පෙන්වීම ආදිය සඳහා Headings Tags භාවිතයෙන් වළකින්න.

3. සෙවුම් යන්ත්‍ර (Search Engine) ඔබගේ වෙබ් පිටුවල ව්‍යුහය හා අන්තර්ගතය පෙළගැස්වීම සඳහා Headings භාවිතා කරයි.

4. පාඨකයන් ඔබගේ වෙබ් පිටු Headings හරහා උඩින් උඩින් කියවා ගෙන යාමට පෙළඹිය හැකි නිසා ලිපියේ ව්‍යුහය පෙන්වීමට Headings භාවිතා කිරීම වැදගත්ය.

 


HTML Lines


<hr> Tag එක මඟින් වෙබ් පිටුවේ තිරස් රේඛාවක් නිර්මාණය කළ හැක. වෙබ් පිටුවේ අන්තර්ගතය කොටස්වලට වෙන් කිරීම සඳහා <hr> Tag එක භාවිතා කළ හැක.

 

HTML Comments


HTML කේතයක් (Code) කියවා අවබෝධ කර ගැනීම පහසු කරවීම පිණිස ඒ තුළට Comments ඇතුළත් කළ හැක. Browsers මඟින් Comments නොසලකා හරිනු ලැබේ. Comments පහත දැක්වෙන පරිදි ලියනු ලැබේ.

<! This is a comment >

 

HTML ලේඛන Paragraphs වලට වෙන්කර දැක්වේ. <p> Tag එක මඟින් Paragraphs නිරූපණය කෙරේ.


වැදගත් කරුණු

1. Browsers මඟින් සෑම Paragraph එකකටම පෙර හා පසුව ස්වයංක්‍රීයවම හිස් තීරුවක් එකතු කෙරේ.

2. End Tag එක අමතක නොකරන්න. අනාගත HTML Versions මඟින් End Tag නොසලකා හැරීමට ඉඩ නොදෙනු ඇත.


HTML Line Breaks

අළුත් Paragraph එකක් ආරම්භ කිරීමකින් තොරව අළුත් පේළියකට යාමට අවශ්‍ය නම් එනම් Line Break එකක් අවශ්‍ය නම් ඒ සඳහා <br> Tag එක භාවිතා කළ හැක.


HTML Output

HTML කේතයක් ප්‍රදර්ශනය වන ආකාරය සහතික කළ නොහැක. තිරයේ ප්‍රමාණය හා Window එකේ ප්‍රමාණය ආදීය පදනම් කර ගනිමින් ප්‍රතිඵල දිස් වන ආකාරය වෙනස් විය හැක.

HTML හිදී පිටුව දිස්වන ආකාරය අතිරේක Spaces හෝ අතිරේක පේළි කේතය තුළ අන්තර්ගත කිරීම මඟින් වෙනස් කළ නොහැක. වෙබ් පිටුව ප්‍රදර්ශනය වන අවස්ථාවේ දී Browser එක මඟින් අතිරේක Spaces හා පේළි ඉවත් කරනු ලැබේ.

 

සෑම වෙබ් පිටුවකටම පාහේ Links දැකිය හැක. Links මත Click කිරීම මඟින් පිටු අතර ගමන් කිරීමට අවස්ථාව සලසා දේ.

 

HTML Hyperlinks (Links)


Hyperlinks (හෝ Link) එකක් යනු ඒ මත Click කිරීම මඟින් වෙනත් පිටුවකට හෝ එම පිටුවේම වෙනත් ස්ථානයකට පාඨකයන් යොමු කරවන වචනයක්, වචන කාණ්ඩයක් හෝ පිළිරුවකි. වෙබ් පිටුවක ඇති Link එකක් මතට දර්ශකය ගෙන ගිය විට ඊ-හිස සලකුණ කුඩා අතක් වැනි සලකුණක් බවට පත්වේ.

HTML හිදී <a> Tag එක මඟින් Links නිරූපණය කරයි. එය ආකාර දෙකකින් සිදුකළ හැක.

1. href Attribute එක භාවිතා කරමින් වෙනත් පිටුවකට Link එකක් නිර්මාණය කිරීම.
2. name Attribute එක භාවිතා කරමින් එම පිටුව තුළම Bookmark එකක් නිර්මාණය කිරීම.

 

HTML Link සංකේතය


HTML තුළ Link එකක් නිරූපණය කිරීම ඉතා සරලය. එය මෙසේය.

 

<a href="url">Link text</a>


මෙහි href Attribute එක මඟින් Link එක Click කළ පසු යා යුතු ස්ථානය නිරූපණය කරයි.

 

HTML Links - The target Attribute


target Attribute එක මඟින් Link කරන ලද පිටුව විවෘත විය යුතු ස්ථානය නිරූපණය කරයි. target Attribute එකෙහි value එක "_blank" ලෙස දැක්වීම මඟින් Link කර ඇති පිටුව අළුත් Window එකකින් හෝ Tab එකකින් විවෘත කරගත හැක.

 


එහෙනම් දැනට මේ සිදුකරන ලද හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ ලිපියෙන් HTML Head එකේ සිට ඒ ඒ කොටස් ගැන කතා කරමු.