HTML #03

The HTML <head> Element


පෙර කී Head යනු HTML ලේඛනයක එක් ප්‍රධාන කොටසකි. ඒ අනුව <head> Element එක යනු HTML ලේඛනය පිළිබඳ තොරතුරු දක්වන Element වල එකතුවකි. පහත සඳහන් Tags Head කොටස තුළ අන්තර්ගත විය හැක.

<title>, <base>, <link>, <meta>, <script> සහ <style>

 

The HTML <title> Element


<title> Tag එක මඟින් පිටුවේ නම නැත්නම් මාතෘකාව නිරූපණය කරයි. සියළුම ලේඛන සඳහා <title> Tag Element එක අනිවාර්ය වේ.

 

The HTML <base> Element


<base> Tag එක මඟින් පිටුවේ ඇති සියළුම Links සඳහා පොදු වන Address එකක් හෝ ඉලක්කයක් (Target) නිරූපණය කරයි.

 

The HTML <link> Element


<link> Tag එක මඟින් HTML පිටුව හා බාහිර දෙයක් අතර ඇති සම්බන්ධතාවය නිරූපණය කරයි. <link> Tag එක බහුලව භාවිතා කෙරෙනුයේ Style Sheets සම්බන්ධ කිරීම සඳහාය.

 

The HTML <style> Element


<style> Tag එක මඟින් පිටුවේ අලංකරන තොරතුරු නිරූපණය කරයි. <style> Element එක තුළ Browser එක මඟින් HTML Elements ගෙනහැර දැක්විය යුතු ආකාරය සඳහන් කළයුතුය.

 

The HTML <meta> Element


Metadata යනු දත්ත පිළිබඳ තොරතුරුය. <meta> Tag එක මඟින් HTML පිටුව පිළිබඳ Metadata සපයයි. Metadata වෙබ් පිටුව මත දිස් නොවන නමුත් පරගණකයට අවබෝධ කරගත හැක. Meta Elements නියමාකාරයෙන් භාවිතා වනුයේ පිටුව පිළිබඳ විස්තරයක්, මූලික පද (keywords), කතෘ හා වෙනත් Metadata සඳහන් කිරීමටය.

<meta> Tag එක සෑම විටම <head> Element තුළ ඇතුළත් කළයුතුය.

 

Keywords for Search Engines


සමහර Search Engines මඟින් වෙබ් පිටු පෙළගැස්වීම සඳහා Meta Element එකෙහි name හා content යන Attributes භාවිතා කරයි.

පහත Meta Element එක මඟින් පිටුවක් පිළිබඳ විස්තරයක් නිරූපණය කරයි.
<meta name="description" content="Free Web tutorials on HTML, CSS, XML">

පහත Meta Element එක මඟින් පිටුවක් සඳහා මූලික පද (keywords) නිරූපණය කරයි.
<meta name="keywords" content="HTML, CSS, XML">

මෙම Attributes දෙකෙහි පරමාර්ථය වන්නේ පිටුවක අන්තර්ගතය විස්තර කිරීමයි.

 

The HTML <script> Element


<script> Tag එක මඟින් JavaScript වැනි client-side scripts නිරූපණය කරයි.

 

<img> Tag සහ Src Attribute


HTML හිදී <img> Tag එක යොදා ගනිමින් ඡායාරූප නිරූපණය කරයි. මෙම <img> Tag එක හිස් Tag එකකි. එනම් ඇත්තේ Attributes පමණි. වෙනත් අන්තර්ගතයක් හෝ Closing Tag එකක් නොමැත.

වෙබ් පිටුවක ඡායාරූපයක් ඇතුළත් කිරීම සඳහා src attribute එකක් භාවිතා කළ යුතුය. src යන්නෙන් අදහස් කෙරෙන්නේ Source යන්නයි. src attribute එකෙහි value එක ලෙස අදාල ඡායාරූපය තිබෙන ස්ථානය එනම් URL එක ලබාදිය යුතුය.

<img> Tag එක භාවිතා කිරීම පහත ආකාරයට සිදු කරයි.

<img src="url" alt="some_text">{code=htm}

 

HTML Images - The Alt Attribute

 

Alt Attribute එක මඟින් ඡායාරූපයක් සඳහා විකල්ප විස්තරයක් නිරූපණය කළ හැක. මෙය ඡායාරූපය හරිහැටි ප්‍රදර්ශනය කරගත නොහැකි අවස්ථාවලදී වැදගත් වේ. මෙහි value එක වන්නේ කතෘ මගින් ඉදිරිපත් කරන විස්තරයකි.

 

උදා -

{code=html}<img src="boat.gif" alt="Big Boat">

 

HTML Images - ඡායාරූපයක උස පළල සඳහන් කිරීම


height සහ width යන Attributes භාවිතා කරමින් ඡායාරූපයක උස සහ පළල සඳහන් කළ හැක. එවිට මෙහි අගයන් Pixel වලින් සඳහන් වේ.

උදා -
<img src="pulpit.jpg" alt="Pulpit rock" width="304" height="228">

ඡායාරූපයක උස සහ පළල සඳහන් කිරීම අනිවාර්ය නොවූවත් එය සඳහන් කිරීම හොඳ ක්‍රමයකි. එවිට ඡායාරූපය සඳහා වෙබ් පිටුවේ අදාල ඉඩ ප්‍රමාණය වෙන් කෙරෙනු ඇත.

 

වැදගත් කරුණු

 

පිටුව ඡායාරූප 10කින් සමන්විත වේ නම් පිටුව හරිහැටි ප්‍රදර්ශනය කිරීම සඳහා ෆයිල් 11ක් අවශ්‍ය වේ. මේ සඳහා බොහෝ වේලාවක් ගත විය හැක. එම නිසා ඡායාරූප භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය.