1833 කෝල්බෘෘක් - කැමරන් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බලපාන ලද හේතු.
1505දී ශ්‍රී ලංකාව පෘතුගීසි පාලනයට නතු වේ. ඉන්පසු ලංදේසීන් හා ඉංග්‍රීසීන් විසිනුත් ලංකාවේ පාලනය නතුකර ගනී. නමුත් මෙයින් බලවත්ම ආක්රමනයක් ගෙන යන්නේ ඉංග්‍රීසින් විසිනි. 1796 පෙබරවාරී 16 වන දින ඉංග්‍රීසීන් මෙරටට පැමිනේ. ඔවුන් ලංදේසි ජාතිකයින් හා ඇතිකරගත් ගිවිසුම හරහා සංග්රාම විරහිතව මුහුදුබඩ පලාත් යටත් කරගනී. මෙම පළාත් පෙරදිග ඉංදීය වෙළද සමාගමට ඉංග්‍රීසීන් විසින් පවරාදෙනු ලැබීය. ඒ අනුව 1798 වනතෙක් සම්පූර්ණ බලය පෙරදිග ඉංදීය සමාගම සතුවිය. නමුත් ඔවුන් ජනතාවගෙන් විශාල බදු ප්‍රමාණයක් අයකළ හෙයින් 1798දී ලංකාව ද්විත්ව පාලනයකට යටත් කරන ලදී. එහිදී පාලන බලතල ආණ්ඩුවටද, බදු එකතු කිරීමේ බලතල පෙරදිග ඉංදීය වෙළද සමාගමටද හිමිවිය. නමුත් පෙරදිග ඉංදීය වෙළද සමාගම බදු එකතු කිරීමේ ක්‍රියාදාමය එලෙසින්ම සිදුකරනු ලැබීය. එමනිසා 1802 ජනවාරි 10 වන දින එමීයන්ස් ගිවිසුම හරහා මුහුදුබඩ පළාත් පාලනය බ්‍රිතාන්‍ය කිරීටය සතු කරගන්නා ලදී.
මෙයින් පසු ඉංග්‍රීසීන්ට ඇතිවන ගැටලුව නම් කන්ද උඩරට වෙනම පාලනයක් තිබීමයි. මේනිසා ඔවුන්ගේ වෙළද ගමන්මග ඉතා දුෂ්කරවිය. මෙම දුෂ්කරතාවය මගහරවා ගැනීම පිණිස උඩරට ප්‍රභූවරුන්ගේ දුර්වලතාවය මත උඩරට ගිවිසුම හරහා 1815දී මුළු ලංකාවම බ්‍රිතාන්‍යයින් යටතට පත්විය. එවකට ප්‍රධන වෙළද කටයුතු බවට පත්වී තිබුනේ කුරුදු, දුංකොල, ගම්මිරිස්, කෝපි යන ඒවාය. එසේම පොල් සහ අරක්කු සෑදීමද සිදුකරන ලදී. එහි ප්‍රධාන වෙළදුන් බවට පත්වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ය.එකල විදේශ රටවල් සමග මෙරට විදේශීය වෙළදුන් වෙළදාම් කළද එම වෙළදාමට බාධා රැසක් දක්නට ලැබුනි. ඊට හේතුව අධික ලෙස ආණ්ඩුව විසින් බදු රැස් කරවීමයි. ශ්‍රී ලංකාවේ මුල්ම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ වීමට හේතුව වූවේද මෙය වේ. 1815 පාලනයේ කිසිදු වෙනසක් 1833 දක්වා නොවීම නිසා යුරෝපීයයන් වැඩි වශයෙන් ආණ්ඩවට එරෙහි වන්නට විය. ඒ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවට නව පාලන ක්‍රමයක් සැකසීම පිණිස කෙටුම්පත් වාර්තා ලබාගැනීමට කෝල්බෘෘක් කොමසාරිස්වරයා මෙරටට එවන ලදී.
මෙය එක් කොමසාරිස් වරයෙකුගෙන් සමන්විත විය. ඔහු නම් ලෙප්ටිනන්ට් කර්නල් විලියම් මැක්බ්රියන් ජෝර්ජ් කෝල්බෘෘක් ය. නමුත් ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීතිමය ගැටලු සාකච්ඡා කිරීම සදහා එඩිම්බරෝ නුවර නීතිඥයකු වූ කැම්බර්ල් ඩූමන්ට් මෙරටට එවන ලදී. නමුත් ඔහුට බ්‍රිතාන්‍ය කැදවීමක් ලැබුනු හෙයින් ඔහු වෙනුවට ස්කොට් ජාතික අධි නීතිඥයකු වන චාල්ස් කැමරන් මෙරටට එවන ලදී. ඒ අනුව 1830 අපේල් 27 වන දින ඔහු මෙරටට පැමිණ නීතිමය තත්ත්වය සළකා බලන අතර කෝල්බෘෘක් සාමීවරයා විසින් මුදල් සහ කාර්යය පිළිබද සළකා බලමින් හරබර වාර්තාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ ප්‍රධාන කරුනු ලෙස
කෝල්බෘෘක් කොමිසම මෙරටට පැමිනීමෙන් පසු ඔවුන්ට ප්‍රධාන ලෙස අවබෝධ වූයේ යටත් විජිත ලාභ ලබන ආයතන වෙනුවට පාඩු ලබන ආයතනයක් වන බවයි. එ් අනුව 1829 වර්ෂයේ ආදායම් වියදම් සංගනනය හරහා අවබෝධ කරගත් කාරණාව වූයේ ලංකාවේ ආදායමට වඩා වියදම අධික වන බවයි. ඒ අනුව වියදම් අවම කර ගැනීමටත් ලාභ ලබන යටත් විජිතයක් බවට පත්කර ගැනීමටත් 1833 මෙරට ප්‍රතිසංස්කරණ වාර්තාව නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණක් විය.
එමෙන්ම 1815 උඩරට ගිවිසුමෙන් පසුව ලංකාද්වීපයම යටත් වුවත් නොබෝ දිනකින්ම 1818 කැරැල්ලක් ඇතිවිය. එවැනි ක්‍රියාදාමයන් තවදුරටත් මෙරට සිදුවුවහොත් යටත්විජිතයෙ පාලනය තවදුරටත් යහපත් නොවන නිසා නව පාලනයක් පිහිටවිය යුතු බව බ්‍රිතාන්‍යයින්ගේ තර්කය විය. එමෙන්ම මෙරට ජනතාවගේ මානසිකත්වය වැඩවසම් ක්‍රමයෙන් ඉවත් කර ධනේෂ්වර ක්‍රමයකට රැගෙන යාමට සුදුසු මානසිකත්වය සැකසීමට අවශ්‍ය සමාජ වටපිටාව සකස් කිරීමද කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ මෙරටට හදුන්වා දීමට බලපාන ලද හේතුවක් විය. මෙම හේතුමත ලංකා ආණ්ඩුක්රමයේ වර්තමාන දේශපාලන රටාවට පදනම දමමින් 1833 දී කෝල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ලංකාවට හිමිවිය. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ.