වෙරළ ඛාදනය නිසා ඇති වන ඛාදිත භූ රූප - උසස්පෙළ භූගෝල විද්‍යාව

වෙරළ ඛාදනය නිසා ඇති වන ඛාදිත භූ රූප

වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක් තියෙනවා. ඒවා නම්


මුහුදු දඹය.
මුහුදු ගුහා.
හුම්මාන.
ආරුක්කුව.
මුහුදු කුළ.
බොක්ක.


මුහුදු දඹය

මෙය නිර්මාණය වන්නේ සාමාන්‍ය ඛාදනය නිසායි.වෙරළාසන්න සාගරයෙහි එක්වර ම සිරස්ව නැ‍ඟෙන බෑවුම් කෝණය ඉතාම වැඩි භූ රූපයකි. වෙරළ දිගින් දිගටම ඛාදනය වීම නිසා මතුවන හෝ වෙරළේ පතුළ හෑරීම නිසා ප්‍රතිරෝධක පාෂාණයන් හෝ ස්වභාවිකවම වෙරළේ පිහිටන ප්‍රතිරෝධක පාෂාණ ප්‍රති-ඛාදනයට ලක් වීම නිසාත් මේවා නිර්මාණය විය හැකියි.  එමෙන්ම පාෂාණයේ ඇති විභේද රේඛාවක් නිසා ඇති වන භින්න තීරු උනත් හේතු වන්නට පුළුවනි.දඹය මුහුදු ආරුක්කුවක් කඩා වැවීමෙන්ද සෑදේ.

එමෙන්ම දඹයක් කියන්නේ දිගු කාලීන නිර්මාණ ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසින් හඳුන්වා දෙන්නත් පුළුවන්. මුලින් ම පවතින්නේ යන්තමින් ඇති බෑවුමක් සහිත වෙරළක්. මේ වෙරළේ නිතර දෙවේලේ රළ වැදිම හේතුවෙන් ‘කට්ටයක්’ එහෙමත් නැත්නම් ‘කත්තුවක්’ නිර්මාණය වනවා. ක්‍රම ක්‍රමයෙන් මේ කට්ටය වර්ධනය වීම පසු කාලීනව දඹයක නිර්මාණ ක්‍රියාවලිය බවට පත්වනවා. මේවා රළඹුන් දඹ ලෙසින් ද හැදින්වේ. දඹ කඩා වැටීම පිළිබඳ අසන්නට ලැබේ. එයට අනුව මැටි හෝ එවැනි පාෂාණ මත හුණු ස්ථර පිහිටීම නිසා එවිට ඒ ස්ථර පහසුවෙන් ලිස්සා යා හැකි නිසා මෙසේ දඹ කඩා වැටේ.

එමෙන් ම තෘතියික මැටිවලින් හෝ වැලිගල් වලින් සෑදුණු ප්‍රපාතාකාර දඹ පහසුවෙන් ඛාදනය වන හෙයින් ඒවා කොන්ක්‍රීට් බැමි වැනි දේ යොදා ආරක්ෂා කිරීමට සිදුව ඇත. එහෙත් තෙත් දිනවල මේවා ගරා වැටීම සිදු වේ. උදාහරණ: ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරායේ දඔ ලක්ෂණයක් නැරඹිය හැක.

මුහුදු ගුහා

මුහුදු ගුහාවක් නිර්මාණය වන්නේ වෙරළ ආශ්‍රීතව ප්‍රතිරෝධක පාෂාණයක් ඇති විටය. මේ පාෂාණයට නිරන්තරයෙන් රළ වැදී බිඳීම හේතුවෙන් ඛාදනය වීම ඇරඹේ. මෙසේ කලක් ඛාදනය වන විට ගුහාවක් ආකාරයට සාගර ජල මට්ටටමට අනුව ඛාදනය වීම දැකිය හැක. මෙම ගුහාවල වහළ කඩා වැටීම නිසා ඒවා ප්‍රමාණයෙන් හා උසින් වැඩි වේ.  වා සිදුරක් තව දුරටත් වර්ධනය වීම නිසාද මුහුදු ගුහාවක් සෑදේ. වඩදිය බාදිය ඇති වීමේ ප්‍රබලතාවය අනුව මෙම ගුහා හොඳින් නිර්මාණය වේ. එමෙන්ම සාගර ජල මට්ටම අඩු වූ විට එවන් ගුහා වලට ඇතුළු විමටත් හැක.

ආරුක්කුව
ඉතාම ඉක්මනින් විනාශ වන දුර්ලභ භූ රූපයකි. මෙය කාන්තාර ප්‍රදේශ වල සුළං ඛාදිත භූ රූපයක් ලෙසින්ද දැකිය හැක. තුඩුවක් පැත්තෙන් ඛාදනය වීම නිසා මෙය සෑදේ. නිර්මාණය වීමට දිගු කලක් ගත වන අතර ප්‍රතිරෝධක පාෂාණයක් මැදිව පවතින දුර්වල පාෂාණ කොටස් නිසා බොහෝ විට සෑදේ.

උදාහරණ: පෘතුගාලයේ අගනුවර ලිස්බන්. මෙවනි ආරුක්කුවක් දැකගත හැක ස්පාඤ්ඤයට ත් අත්ලාන්තික් සාගරයටත් මැදිව පිහිටා ඇත.

බොක්ක
දිගු කාලයක් තිස්සේ භූමිය ඛාදනය වීම නිසා භූමිය / ගොඩබිම දෙස කා වැදුණු නැතහොත් හෑරී ගිය වෙරළ ලක්ෂණයක් වේ. බොක්කක් එහි ගැඹුර නිසා වෙනස් වේ. ස්වභාවිකවම සකස් වන ගැඹුරු බොකු ලෝකයේ සුප්‍රසිද්ධ එමෙන්ම ආරක්ෂිත වටිනා වරායන් වේ. නිදසුන්: ලංකාවේ ත්‍රිකුණාමලය, ආරුගම් බොක්ක, ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක, ඒඩන් බොක්ක, අරාබි බොක්ක වෙරළ ඛාදනය නිසා මෙවනි භූ රූප අපට දැක ගැනීමට හැක.

අප රටේ ද ඛාදනය හේතු කොටගෙන නිර්මාණය වුනු මෙ වැනි ලක්ෂණ වෙරළ බඩ ප්‍රදේශ වලින් දැක බලා ගැනීමට හැක. මුහුදු රළ නිසා එයින් ඇතිනන පීඩනයේ නිසා මෙවැනි වෙරළ ඛාදිත භූ රූප ලොව පුර ඇතැම් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල දැක ගැනීමට හැකියව ඇත.