සෑම සමීක්ෂණයක්ම දෝෂ වලට යටත් වේ. මෙම දෝෂ ප්රධාන කොටස් දෙකකි.
1 නියැදුම් දෝෂ
2 නියැදුම් නොවන දෝෂ
1. නියැදුම් දෝෂ
සමස්ත සංගහනයෙන්ම තොරතුරු ලබා ගැනීම වෙනුවට සංගහනයෙන් කොටසක පමණක් තොරතුරු පදනම් කරගෙන සංගහන පරාමිති නිර්මාණය කිරීම සහ සංගහනය පිළිබඳ නිගමන වලට එළඹීම නිසා සිදුවන දෝෂ නියැදුම් දෝෂ වේ. මේ අනුව සමස්ත සංගහනයම හැදෑරීමේදී නියැදුම් දෝෂ නොපවතී. සංගහනයෙන් ලබාගත හැකි සියලුම නියැදි සැලකීමේදී නියැදියෙන් නියැදියට ප්රතිචාරවලට සිදුවන විචල්යතා නිසා මේ දෝෂ ඇතිවේ. කෙටියෙන් කිවහොත් සංගහනය පරීක්ෂාවට භාජනය කිරීමෙන් ලැබෙන ප්රතිඵලය සහ එයින් ලබාගත් නියැදියක් සමීක්ෂණයට භාජනය කිරීමෙන් ලැබෙන ප්රතිඵලය අතර වෙනස නියැදුම් දෝෂ ලෙස හැඳින්වේ. නියැදුම් දෝෂ වල තරම සාධක කිහිපයක් මත රඳා පවතී.
i. නියැදි තරම
එනම් නියදි තරම වැඩි වන විට සාමාන්යයෙන් නියැදුම් දෝෂය අඩු වේ. කෙසේ වුවත් යම්කිසි මට්ටමකින් පසු නියැදි තරමක් තවදුරටත් වැඩි කිරීමේ දී නියැදුම් දෝෂ වල අඩු වීම ඉතා සුළු වශයෙන් විය හැකිය .
ii. අධ්යයනයට භාජනය කරන ලාක්ෂණිකයේ වෙනස් වීම
එනම් සංගහනයේ විචලනය වැඩි වන තරමට නියැදුම් දෝෂ වැඩි වන බවයි.
iii. නියැදි සැලසුම් ක්රමය
මින් අදහස් කරන්නේ සංගහනය පිළිබඳ ප්රමාණවත් තරම් පූර්ව තොරතුරු තිබේ නම් එම තොරතුරු භාවිතා කර නියදි සැලසුම් මෝස්තරය වැඩිදියුණු කිරීමෙන් නියැදුම් දෝෂ අඩු කරගත හැකි බවයි.
උදාහරණ: සරල සසම්භාවී නියැදීම වෙනුවට ජනගහනය ස්ථරවලට බෙදීමට තොරතුරු පවතී නම් ස්තෘත සසම්භාවී නියැදි ක්රමය යොදා ගෙන නියැදුම් දෝෂ දෝෂය අඩු කරගත හැකිය.
2 නියැඳුම් නොවන දෝෂ
නියදුම් නොවන දෝෂ නියැදි සමීක්ෂණ සහ සංගහනය යන දෙකෙහිම පවතී. සමීක්ෂණ ක්රියාවලියහි සෑම අදියරක් ම නොනියැදුම් දෝෂ පැවතීමට ඉඩ කඩ පවතින අතර මෙම දෝෂ වල තරම මැනීම ද පහසු නොවේ. එමෙන්ම නියැඳුම් නොවන දෝෂ නියැදුම් දෝෂ වලට වඩා වැඩි වීමට ද හැකිය. පූර්ණ සංගහනයකදී ලබා ගන්නා දත්ත නියැදුම් දෝෂ වලින් නිදහස් වුවද නියැදුම් නොවන දෝෂ වලට ලක් වන අතර නියැදි සමීක්ෂණයකදී ලබා සමීක්ෂණයකදී ලබාගන්නා දත්ත ඉහත දෝෂ ඇතිවීමට බලපාන කරුණු රාශියක් ඇතත් පහත ආකාරයට ඉන් කීපයක් කීපයක් දැක්විය හැකිය.
i. නියැදි සමීක්ෂණය සැලසුම් කිරීමේ දුර්වලතා
එනම් ඉලක්ක සංගහනය නිවැරදි ලෙස නිර්වචනය නොවීම, නියදි රාමුව ඉලක්ක සංගහනයෙන් වෙනස් වීම, නියැදුම් ඒකක සොයාගැනීම හා ලාක්ෂණික මැනීමට මිනුම් භාවිතා කිරීම, දුර්වල ලෙස ලෙස නිර්මාණය කරන ප්රශ්ණාවලිය, පුහුණු විමර්ශකයන් හා අධීක්ෂණ කාර්ය මණ්ඩලය හිඟ වීම ආදී කරුණු නිසා ඇති වන දෝෂ මේ ගණයට අයත් වේ.
ii. ප්රතිචාර දෝෂ
ප්රශ්නයක් නිසියාකාරව අවබෝධ කර නොගැනීම නිසා නොගැළපෙන තොරතුරු සැපයීම, ප්රතිචාරකයාගේ අභිමානය රැක ගැනීම සඳහා අධ්යාපනය රැකියාව වයස ආදී දේ සම්බන්ධයෙන් සත්ය තොරතුරු වසන් කිරීම, ප්රතිචාරකයාගේ මතකයේ දුර්වලතා නිසා සත්ය තොරතුරු නොලැබීම ආදිය ප්රතිචාර දෝෂ වේ.
iii. ආවරණය කිරීමේ දී ඇති වන දෝෂ
සමීක්ෂණයේ අරමුණු පැහැදිලි ලෙස ප්රකාශ කර නොමැති නම් නියැදියට ඇතුළත් විය යුතු ඒකක ඇතුලත් නොවීම, නියැදියට ඇතුළත් නොවිය යුතු ඒකක ඒකක ඇතුලත් වීම මගින් මෙම දෝෂය ඇති වෙයි
iv. සංස්කරණ දෝෂ
v. ප්රකාශන දෝෂ
වගුගත ප්රතිඵල ඉදිරිපත් කිරීම හා මුද්රණය කිරීමේදී මෙම දෝෂ ඇති වේ. එමෙන්ම සමීක්ෂණ ප්රතිඵල වල සීමා දැක්වීමට අපොහොසත් වීමෙන් ද මෙම දෝෂ ඇති වේ.