අනුරුද්ධ කුමාරයා සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදර අමිතෝදන රජුගේ පුත්රයාය. මේ කුමාරයා මහා පුණ්යවන්තයෙක් විය. මේ කුමාරයා රජ කුමරුන් සමඟ ගුල ක්රීඩාවෙහි යෙදී සිටියේ පැරදී පලා ගියේය. මේ අවස්ථාවේද සිසු රාජ කුමාරවරු කැවුම්ලිය තලියක් නොදුන්නොත් ක්රීඩා නොකර කීය. මේ කාරණය අනුරුද්ධ කුමාරයා මෑණියන්ට කියා පැරදුනු තුන් වාරය සඳහා කැවුම් තලි ගෙන්වා දී සතර වන වාරයේදි පැරදී කැවුම් තලියක් එවන ලෙස කියා යැවූ කළ කැවුම් එවීමට නැතැයි කියා පැවසූවේය. අනුරුද්ධ කුමාර " නැත " යන වචනය කිසි දිනක අසා නැති බැවින් එසේ නම් නැති පූ එවන්නැයි කියා මෑණියන්ට පණිවිඩයක් යැවීය. මෑණියෝ කුමාරයා" නැත " යන වචනයේ අර්ථය නොදන්නා බැවින් රජ පැමිණි කළ ඔහුට නැත යන වචන අදහස දැන ගත යුතු බැවින් එය ඔහුට නොකිය යුතු යැයි තීරණය කළහ. එසේ තීරණය කර නිකම් තලියක් යැව්වාය.නුවර අරක්ගත් දේවතාව ඒ තලිය දිව සුව සුවඳින් යුතු කැවුම් වලින් පිරෙව්වේ ය. ඒ කැවුම් කා මෑණියන් වෙත ගොඩ කෙරේ එල්ලී මට මෙතෙක් කලක් ආදරේ නැතිව ඔහු අද ආදරය පින් වී යැයි කී ඒ අවස්ථාවේදී මෑණියන් ඔහුට කියා සිටියේ තමන් තම පුතුට ආදරය ඇති බවය . ඒ අවස්ථාවේදී අනුරුද්ධ කුමාරයා මෑණියන්ට කියා සිටියේ සෑම දිනකම තමන්ට නැති පූ එවන ලෙස ය.
මේ තත්ත්වය ඇති වූයේ අනුරුද්ධ කුමාරයා පෙර කරන ලද මහත් පින් ඇති කෙනෙක් වීම නිසාය.එම මහා පින් බලයෙන් අනුරුද්ධ කුමාර කළ ඔහුව සුවදායක සැප සම්පත් විදීමට අවකාශ ලැබුනි .මේ නිසා අනුරුද්ධ කුමාරයාට උපයාගෙන කෑමේ ස්වභාවය අවබෝධ කරගැනීම නොහැකි විය. ඒ පිළිබඳව ඔහු අවබෝධය ලබා ගත්තේ සිය වැඩිමහල් සහෝදර මහානාම කුමරුන්ගෙන් ය. පසු කලෙක ගිහි ජීවිතය හා සම්බන්ධ කළ කිරුණු අනුරුද්ධ කුමාරයාගේ ඇතුළු අනුරුද්ධ ආනන්ද ,කම්බිල , භගු , දේවදත්ත හා මහානාම කුමාරවරුන් සිය දහස් ගණන් හැර දමා ගොස් පැවිදි වූහ. ඒ පිරිසට උපාලි කපුවා දැක්විය. කුමාරවරුන් සතු සම්පත් සියල්ල ශරීරයෙන් ඉවත් කර උපාලි කපුවාට දී මේ පිරිස පැවිදි වූහ. මේ පිරිසට පැවිදි වීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන්හ. එසේම උන්වහන්සේ මේ පිරිස පැවිදි උපසම්පදා කරවා ලෝකෝත්තර දායාදය හිමි කර දුන්හ. මයුරපාද පරිවෙනාධිපති අනුරුද්ධ කුමාර කතා වස්තුව ඉදිරිපත් කරමින් සැදැහැති ජනතාවට දෙනලද ධර්මෝපදේශය වූයේ කුලයේ ඇති ආනිසංස ඉතා තියුණු භාවයක් බවත්, කරන ලද මහා කුසල් කර්ම නිවන් පසක් කර ගැනීමට හේතු බවත්, පංච වස්තුන් පුද්ගලයා සසර තබන බවත්, රාජ්ය සම්පත් හැරදමා ලෝකෝත්තර සුවය සඳහා පැවිදි වීම අනුගතව කුසලකර්මයක් වන බවත්, එය නිර්වාණ අවබෝධය සඳහා හේතුවන බවත් කාම දිනට සංසාර දීර්ඝ කරන බවත් පැහැදිලි කරවීම තම අභිමතාර්ථය බවත්, මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්ර හිමියන් අනුරුද්ධ කුමාර කතාවෙන් පැහැදිලි කර ඇත. උන්වහන්සේ මෙම කතාව ගොනු කිරීමේදී උචිත භාෂා මධ්යය යොදාගනිමින් කතාවේ පෞඩත්වය ජන ප්රසාදයත් ඇති කරන පරිදි උපමා ආදිය යොදා ගනිමින් කතාව රචනා කර ඇත .
පූජාවලියෙහි එන අනුරුද්ධ කතාව තුළින් පූජාවලිය කතෘ භූත බුද්ධ පුත්ර හිමියන්ගේ නැතහොත් මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්ර හිමියන්ගේ කෘෂිකාර්මික ආර්ථික රටාව පිළිබඳව දැනුම ප්රායෝගික වශයෙන් මැනවින් පැහැදිලි කර ඇත. මෙහි එන අනුරුද්ධ කුමාර කතාවෙන් කතාව පැහැදිලි කරන්නෙ ගෘහස්ථ ජීවිතයෙහි කටුක කර්කශ බව සහ පැවිදි ජීවිතය හා සම්බන්ධ කුසුමහල බවයි.
මෙහිදී සකල සම්පතින් පරිපූර්ණ රජ පවුලක උපතලත් දරුවකු යැයි කියැවෙන සැප සම්පතින් අනූන මෙ රජකුලයෙහි උපන් මේ දරුවාට ගිහි ජීවිතයේ කර්කශ භාවය පැවිදි ජීවිතයේ සරලත්වය පැවිදි ජීවිතයේ දුක් විඳීමක් නොමැති බවත්. පැවිදි වීමේන් සුවසේ කාලය ගත කළ හැකි බවත් මේ කතෘවරයා තමන්ගේ වැඩිමහල් සොහොයුරාගෙන් දැන ගනියි.
මෙහිදී පැහැදිලි කරන්නේ ගිහි ජීවිතයේ කටු බව සහ පැවිදි ජීවිතයේ සරල බවයි.