අදුර අපේ දුක නිවාවි
ගුණදාස අමරසේකර මහතා
ගුණදාස අමරසේකරයන්ගේ අදුර අපේ දුක විවාවී නැමති පද්ය පන්තිය ගැමි අත්දැකීම් වස්තුවිෂය කොටගත්තකි. කෘෂි ජීවිතයෙන් යැපෙන ගැමියෙක්ග හා ගවයෙකු අතර තිබෙන බැදීම පැදිපෙළෙන් කලාත්මකව විවරණය වී අ ැත. මෙම පද්ය පන්තිය මාර්ටින් වික්රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතාවේ උපාලිස් හා හදයා අතර පැවති සම්බන්ධය ද සිහිපත් කරවයි. ගැමියාගේ ජීවිතය ගැටගසා ගැනීමට ප්රබල අ ාධාරකය ගවයා ය. ගවයාගෙන් වැඩ ගන්නා ගැමියා ද ඒ සත්වයාට සලකන්නේ අධික කරුණාවෙනි. දවස පුරා කය වෙහෙසා වැඩ කරන දිළිදු ගැමියාට විවේකය ලැබෙන්නේ රාත්රී කාලයේ දී ය. දෙෙනික වැඩවලින් විනිර්මුක්තව මදකට කය සතපා ගැනීමට අවස්ථාව ලබා දෙන අදුර දෙවියන් දුන් සම්පතක් වැනිය. මන්ද රාත්රිය නොපැමිණයහොත් නොනවත්වා වැඩ කිරීමට ගැමියාට සිදු වේ.
අදුර තමයි අපෙ අ ැගපත නිවන්න දෙවියෝ ඒව්වේ
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ
නූගත් ගැමියා දේව දායාදයක් ලෙස සලකන අදුරෙන් කය සතපා ගන්නා අයුරු ඉහත සරල වැකියෙන් පැහැදිලි වේ. ලැමියා අව්යාජ ය. සරල දිවියක් ගත කරයි. ඔහුගේ මානුෂික ලක්ෂණ රුපියල් ශතවලින් යට කළ නොහැක. කෘතවේදී ඔහු අනුන්ගේ දුක හදුනයි. ඒනිසා කිසිවිටකත් ශ්රමය සූරාකෑමට සූදානම් නැත. තම අත්උදව්කරුවා දෙස සානුකම්පිතව බැලීමටත් ඔහුට හිමිවිය යුතු ප්රතිලාභ නොඅඩුව ලබාදීමටත් සූදානම් ය.
උදේ හිටන් අව්කටටේ උඹව තියන් මැඩෙව්වාට
උඹේ හිතට අමාරු දැයි කියාපන්කෝ දැන්වත් මට
ගෙදර ගිහින් අ ැළගාවින් හොද තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට
සොච්චම් වැටුපකට ශ්රමය සූරා කන රුපියල් ශත වන්දනාවේ යෙදෙන ව්යාජ නාගරිකයන්ට ගැමියාගේ මෙම අව්යාජත්වය උපහාසයකි. තමාට උදව් කරන තිරිසන් සතා කෙරෙහි ගැමියා දක්වන අනුකම්පා සහගත උත්තරීතර මානුෂික ගුණාංගයකි. කෘතවේදී බව දක්නට ලැබේ. මෙම පද්ය පන්තිය රස විදීමේ දී පහත දැක්නූවෙන නූතන ගීතය නිරායාසයෙන් සහෘද මනසිට දැනේ.
උඹයි මට කන්න දුන්නේ උඹයි මට බොන්න දුන්නේ
ඒ ගැන මම දිවුරනවා
උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
මම උඹට පොරොන්දු වෙනවා
අසීමිත බලාපොරොත්තු නැති ගැමි සමාජය ජීවිතයේ කටුකත්වය උපේක්ෂා සහගතව ඉවසති. ඒ සදහා කරුම සංකල්පය ගැමියෝ යොදා ගනිති. පින් පව් ගැන සිහිපත් කර දී සිත සනසා ගනී. ඒ යහපත් සමාජ පාලනයට පිටුවහලකි.
කරුමෙ තමයි පලිසන් දෙන්නේ අපගේ මේ විදියට
බුදු හාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිවන්ට
දිළිදු ගැමියා රාත්රියේ විවේක ගෙන ලබන සැනසුම පැදිපෙළ තුළ අ ැත. ඔහුගේ සියලුම හන්දිපත් වේදනාවන් කායික වෙහෙස රෑ නින්දේ දී සමනය වෙයි. කායිකවෙහෙස නිසාම අලුයම වනතුරු නින්ද යයි. ඒනිසා මොහුගේ දාහක් ගින්දර නිවන ඒකම සැනසිලි මග අදුරයි. ගවයා ද සමග සැහැල්ලු මනසින් ගැමියා ගත කරන දිවිය සරලව ඉදිරිපත් කොට අ ැත.
ගවයා සමග කරනු ලබන සංවාදයක අ ාකාරයෙන් පද්ය පන්තිය ඉදිරිපත් කොට තිබීම විශේෂ ලක්ෂණයකි. දෙපද ජනකවි අ ාකෘතිය සමග ජන කවි බස, ජන කවි අ ාර යොදාගෙන ඉදිරිපත් කර අ ැති සාර්ථක නිර්මාණයකි.
අදුර දේව දායාදයක් බව කීප තැනකම පැවසීම පුනරුක්ති දෝෂයයි. ඒනම්
අදුර තමයි අපෙ අ ැගපත නිවන්න දෙයියෝ ඒව්වේ
දෙයියෝ තමයි අදුර දුන්නේ අපෙ අ ැගපත ගිනි නිවන්ට
දෙයියො තමයි අදුර දුන්නේ අපෙ අ ැගපත නිවාලන්ට .... යන්නයි
ගැමි අ ාකල්ප වඩාත් ඉස්මතු කිරීමට මෙසේ යොදාගන්නට අ ැත. නොඒසේනම් අදුරට අ ැති භක්තිය තහවුරු කිරීමට කවියා උත්සාහ ගෙන අ ැත.
පද බෙදීමේ දී කාව්යමය ගුණයක් මතු වී අ ැත. ඉන් කවි පන්තියේ මුඛ්ය අර්ථය තවත් තහවුරු වි අ ැත. කිව යුතු දෙය සෘජුවම කියා කළුවාගේ දුක සමග උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තම දුක නිරවුල් ව පළ කර අ ැත. අදුර ඉතා ප්රබල රූපකයක් ලෙස කවිපෙළෙහි සන්දර්භය ශක්තිමත් කර අ ැත. සමස්තයක් වශයෙන් කරුණු සලකන විට ගැමි ජීවිතයේ පැතිකඩක් ඉදිරිපත් කරන ලද සංකල්ප රූප මවන සරල සංක්ෂිප්ත සාර්ථක පැදිපෙළක් ලෙස මෙය හැදින්විය හැකි ය.
අ ාචාරිණී තක්ෂිලා ක්රිෂාන්ති