උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 01

ප්‍රස්තාව පිරුළු

 

 අඩන්න එපායැ කිරි එරෙන්න - ඉම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම

  

අගේ ඉ‍‍දන් කන කනවා වාගේ - කෙනෙකු සමීපව ඇසුරු කරමින්, ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් ඔහුටම විපත් සිදු කිරීම

 

අටුව කඩා පුටුව හැදුවා වාගේ - අඩු වටිනාකමකින් යුත් දෙයක් ලබා ගැනීම සදහා වැඩි වටිනාකමකින් යුත් දෙයක් විනාශ කිරීම

බොහෝ පැරණි ගෙවල් වල අටුවක් දක්නට ලැබුණි. බොහෝවිට ධාන්‍ය ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කරන ලදී. බිත්ති අතර බාල්ක යොදා ඒ මතට ශක්තිමත් ලෑලි දමා අටුවක් නිර්මාණය කරගනු ලබයි.  පුටුවක් යනු ඉතා කුඩා උපකරණයකි. පුටුවක් සෑදීමට අටුවක තිබෙන තරම් ලෑලි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා අටුවක් කඩා පුටුවක් සාදනවා යනු මොඩ ක්‍රියාවකි.   

 

අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වාගේ - යම් කාර්‍යයක් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට ඒ සදහා උදව් ලැබීම

 

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී - කිසියම් කාර්යක් එක් තැනක දීර්ඝ කාලයක් නොකර තැනින් තැනට මාරු වෙමින් ගොස් තමාගේ කටයුතු අසාර්ථක කර ගැනීම

 

අඩුව තිබියදී අත පුච්ච ගත්තා වාගේ - යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට විධිමත් ක්‍රමයක් තිබියදී අනියම් ක්‍රමයකින් සිදුකරන්නට ගොස් අමාරුවේ වැටීම

ලිපක රත්කරන ලද යකඩයක් අතින් අල්ලා ඉවතට ගැනීමට උත්සහ කළහොත් සිදු වන්නේ අත පිළිස්සීමයි. එය ඉවතට ගැනීමේ නිවැරදි ක්‍රමය නම් අඩුවක් ආධාර කර ගනිමින් පිටතට ගැනීමයි. නිවැරදි ක්‍රමයක් තිබියදී අනිසික්‍රම භාවිතයෙන් සිදුවන්නේ අඩුව තිබියදී අත පුළුස්සා ගැනීමකි.

 

අත දීලා දත නියවනවා වාගේ - කෙනෙකුට උදව් ලබාදී දියුණු වූවාට පසුව යම්යම් අදව් උපකාර ඉල්ලා සිටීම

 

අගෙන් කිරි දේව්වා වාගේ - මෝඩ ක්‍රියාවක යෙදීම

 

අතර මගදී අත්වැල කැඩුනා වාගේ - කෙනෙකුගේ ජීවිතය සාර්තක කර ගැනීම සදහා වෙනත් කෙනෙකුගෙන් ලැබුණු සහය නොසිතූ අවස්ථාකව නොලැබී යාම

  

අන්දරේ සීනි කෑවා වාගේ - ප්‍රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම

අන්දරේ යනු රජවාසලේ කවටයාය. එය ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “ මේමාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතාගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි අන්දරේ කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්‍රයා අමතා මෙසේ පැවසූහ. “ පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “ තාත්තේ” අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ.

කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතාද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. පුත්‍රයා නැවතත් “ තාත්තේ අම්මා මළා” යැයි කියමින් කෑ ගහන්නට විය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් වැලි උඹේ කටෙත් වැලි කියමින් සීනි පැදුරේ වාඩි වෙමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “ හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්‍ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය.

 

අලි මදිවට හරක් - එක් කරදරයකට මුහුණුපාන අතර තවත් කරදරයක‍ට පත්වීම

 


ලිපිය නිර්මාණය කලේ,
ගයාන් මධුශාන්ත


MEMBER

අදාල තවත් ලිපි,



ගයාන් මධුශාන්ත

උසස්පෙළ සිංහල

අනෙකුත් ලිපි