ප්‍රස්තාව පිරුළු 06 - උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 06

ප්‍රස්තාව පිරුළු

 

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි - තම කටයුතු පිළිබද අතිශයින් වර්නනා කිරීම

රජ වාසලට කකුරු සපයන එක්තරා පුද්ගලයෙක් ගම්මානයක වාසය කළේය. ඔහු රජවාසලට ගෙනෙන හකුරු සුදු පැහැතිය. “ මේ හකුරු මේ තරම් සුදු පැහැති වන්නේ කුමක් හෙයින්දැ” යි රජතුමා හකුරු ගෙනෙන මිනිසාගෙන් විමසුවේය. එම මිනිසා “ දේවයන් වහන්ස මා හකුරු වක්කරන්නේ උඩට උඩුවියන්ද පයට පාවඩද වටේට වටතිරද ඇදීමෙන් අනතුරුව යැ” යි කීවේය. මේ කතාවේ ඇත්ත නැත්ත විමසීමට රජතුමා වෙස්වලාගෙන හකුරු හදන ස්ථානයට ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට දක්නට ලැබුණේ දහඩිය පෙරාගෙන කිලිටි රෙදි කඩක් ඇදගෙන කුඩා අතු පැළක් තුළ වළං කබලක ලා පොල්කටු හැන්දකින් හකුරු හැදිගාන මිනිසෙකි. ඔහු රජ මැදුරේදී පැවසූ වටරෙදි, උඩුවියන්, පාවඩ මේ කිසිවක් මෙහිදී රජතුමාට දක්නට ලැබුණේ නැත. රජතුමා එම මිනිසාගෙන් ඒපිළිබදව විමසූ විය ඔහුගේ පිළිතුර වූයේ “කියනකොට එහෙමයි කරනතොට මෙහෙමයි” කියාය.  

 

 

ගමරාළගේ වංගෙඩිය වාගේ - කාර්ය ගණනාවක් සිදු කිරීම සදහා එකම උපකරණය භාවිතා කිරීම

වාඩිවීම, අටුවට නැගීම, දොරට හේත්තු කිරීම, වී කෙටීම ආදී කාර්යන් රාශියක් සදහා එක් ගමරාළ කෙනෙක් තමන්ගේ වංගෙඩිය භාවිතා කළේලු.

 

ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල් ලු - අනුන්ගේ වැඩ වලින් අනෙක් අය ලාභ ප්‍රයෝජන ලබා ගැනීම

 

ගිය ලූලා මහඑකා - නැති වූ දෙයක වටිනාකම වැඩිබව පැවසීම

 

කිරි ගහට ඇන්නා වාගේ - නියත වශයෙන්ම යමක් සාර්ථක වනබව

 

නොහැකි කාර්ය්‍යකට සම්බන්ධ වීම

යහළුවන් දෙදෙනෙක් වනාන්තරයක් මැදින් ගමනක් ගියාය. එසේ ගමන් කරනා අතර තුර ගසක් යට නිදා සිටිනා කොටියෙකු ඔවුන් දුටුවේය. ගසින් මතුවූ මුලක් හා බිම අතර වූ අවකාශය තුළින් කොටියා තම වලිගය රිංගවා ගෙන සිටියේය. මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් කොටියාගේ වලිගය අල්ලා ගත්තේය. අනෙක් මිතුරාගේ අතැති කෙටේරියෙන් කොටියාගේ හිසට ‍කොටන්න යැයි හෙතෙම ඉල්ලා සිටියේය. එහෙත් කෙටේරිය අමෝරාගෙන කොටියා ඉදිරියට ගිය ඔහු “ මූගේ මූණ මගේ මාමාගේ වාගේ, මට නම් බැහැ මූ මරන්න” යැයි කියමින් පස්සට විය. එසේනම් කෙටේරිය මට දී මේ වලිගය අල්ලා ගන්න යැයි පැවසූ මිතුරා දෙවැන්නාට කොටි වලිගය අල්ලා ගන්නට දී කෙටේරිය සියතට ගෙන “ එහෙනම් මාමලා බෑනලා ඕනෑ දෙයක් කර ගන්න යැයි කියමින්” එතැනින් පිටව ගියේය.

 

කිරි කලයට ගොම ටිකක් දැම්මා වාගේ - සුළු වරදක් නිසා බරපතල හානියක් සිදුවිය හැකි බව

 

කුරුල්ලා මිටෙන් ඇරියා වාගෙයි - ලොකු නිදහසක් ලැබීම

 

කොකා බක තපස් රැක්කා වාගේ - තමා සිල්වතෙකු බව බොරුවට පෙන්වීම

 

කොක්කුන්ගෙන් සුදු රෙදි ඉල්ලුවා වාගේ - ලබාගත නොහැකි දෙයක් ඉල්ලීම

 

කණා ගල් ගහන්නා වාගේ - අහඹු ලෙස යමක් සාර්ථක විය හැකිය.

 

කොටි වලිගෙ අල්ලා ගත්තා වාගේ - අත්අරින්නටත් නොහැකි, වැඩි කාලයක් රැදී සිටීමටත්

 

කොටියාට හරක් පට්ටිය භාර දුන්නා වාගේ - කෛරාටික පුද්ගලයන්ට පරිපාලනය භාරදීම

 

කොහොඹ ගහට කරවිල වැල ගියා වාගේ - දුර්ගුණ ඇති දෙදෙනෙකුගේ එක්වීමක් ගැන පැවසීමකදී

 

ගගට ඉණි කැපුවා වාගේ - මහන්දියෙන් නිසි ප්‍රයෝජනයක් නොලැබීම

 

ගගෙන් දියබී මුහුදට ආවඩන්නා සේ - සුළු මිනිසෙකුගෙන් වැඩක් කරවාගෙන එහි ගෞරවය බලවතෙකු විසින් ලබා ගැනීම

 

ගලේ කෙටුව අකුර වාගේ - ස්ථාවර බව පැවසීමේදී

 

ගලෙන් පට්ටයක් ගන්නා වාගේ - මසුරෙකුගෙන් සුළු මුදලක්වත් ලබාගත නොහැකි බව

 

ගහ දන්නා අයට කොළ කඩාපාන්නා වාගේ - හොදින් දන්නා තොරතුරක් ගැන පුනපුනා පැවසීම

 

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ - එක් කරදරයකට මුහුණ පෑ මිනිසෙකු තවත් කරදරයකට ගොදුරු වීම

 

ගහේ කටු උල්කළ මනාද? - දෙමාපියන්ගේ ගතිගුණ දරුවන්ට ලැබෙන බව

 

ගින්නක් නොමැතිව දුමක් නොනගී - හැම ඵලයකටම හේතුවක් ඇතිබව





Githmi Nehara
2023 01 04 17:24:36

Githmi Nehara
2023 01 04 17:24:36