සිගාලෝවාද සූත්‍රය
බුදු රජාණන්වහන්සේ මගධ රාජ්‍යයේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ සිගාල නැමැති ගෘහ පුත්‍රයා අලුයම නැගිට ජලාශයකට බැස තෙත් වු ඇඳුම් පිටින් හිසකෙස් වලින් යුතුව ගොඩට විත් උතුරු දිශාව,දකුණු දිශාව,නැගෙනහිර දිශාව,බටහිර දිශාව,උඩ දිශාව හා යටි දිශාව යනුවෙන් දිශා 06කට නමස්කාර කරන ලදි.මෙම සිදුවීම දුටු බුදුන් වහන්සේ රජගහනුවරට පිඬුසිගා වැඩමවා මෙම සිගාල පුත්‍රයාගේ සදිසා නමස්කාරය දැක ඔහුගෙන් මෙසේ අසයි.
බුදුන් වහන්සේ "ගෘහ පුත්‍රය, තෙත් වු ඇඳුම් සහිත පැති 06කට කුමන කරුණක් නිසා වඳින්නේද?"
සිගාල ගෘහ පුත්‍රයා "ස්වාමීනි,මාගේ පියාණන් මිය යන මොහොතේ කරන ලදැයි" කීහ.
එවිට බුදුන් වහන්සේ බුදු දහමට කරන ක්‍රියාව වැරදි බව පෙන්වා දෙමින් ඔහුගේ ඉල්ලීම මත සදිසා නමස්කාරය මෙසේ යැයි මෙසේ දේශනා කරන ලදි.
මාතා පිතා දිසා පුබ්බා
ආචරියා දක්ඛිණා දිසා
පුත්තදාරා දිසා පච්ඡා
මිත්තා මච්ඡාච උත්තරා
දාසකම්මකරා හෙට්ඨා
උද්ධං සමණ බ්‍රහ්මණා
ඒතා දිසා නමස්ස්‍යෙය
අලමත්තෝ කුලේ ගිහී
ඒ අනුව පෙරදිග මාපිය දූදරු,දකුණ ගුරු ශිෂ්‍ය,බටහිර අඹු සැමි,උතුර හිත මිත්‍ර,යට සේව්‍ය සේවක හා උඩ ගිහි පැවිදි වශයෙන් ය.
සමාජය ගොඩ නැගෙන්නේ සමාජයේ ජීවත් වන පුද්ගල කණ්ඩායම් අන්නෝන්‍ය ක්‍රියාවන්ගෙන් හැසිරිය යුතුය.එම පුද්ගල කොටස් වලට ඉටු කල යුතු යුතුකම් හා වගකීම් තිබේ.එවිට වගකීම් හා යුතුකම් සහිත යහපත් සමජයක් ගොඩ නැගේ.සදිසා නමස්කාරය තුළින් එකිනෙකාගේ වගකීම් හා යුතුකම් මැනවින් දැක්වේ.
සදිසා නමස්කාරය
අප සෑම දෙනාටම සමාජයේ තනිව ජීවත් විය නොහැක.අපට මෙම සමජයේ ජීවත් වීමට එක් අයෙකුගෙන් හා කණ්ඩායම් කිහිපයකින් උදව් අවශ්‍ය වේ.අප ඉපදෙන මොහොතේ පටන් මරණය දක්වාම එක් අයෙකුගෙන් හා කණ්ඩායම් කිහිපයකගෙන්ම සහය අවශ්‍යය.අප සමාජයේ ජීවත් වන විටදී මේ කණ්ඩායම්ගෙන් සහය ලබා ගත යුතු ය.එනම් දෙමාපියන් ,ගුරුවරුන්,මිතුරන්,අඹුව හා සැමියා,පැවිද්දන් හා සේවකයන් වැනි පිරිසගෙන් සහය අවශ්‍යය.අප මොවුන් සමඟ සම්බන්ධකම් පැවැත්විය යුතුය.ඒ සමාන්‍ය සබඳකම් නොව අන්නෝන්‍ය සබඳකම් පැවැත්විය යුතුය.සදිසා නමස්කාරයේදී බෞද්ධ විග්‍රහයට අනුව තමන් තමන්ගේ යුතුකම් හා වගකීම් කල යුතු පිරිස් නැත්නම් කණ්ඩායම් 06කට බෙදා දැක්වේ.එම කණ්ඩායම් දිශා 06කින්ද නිරූපණය වේ.
ඒ දිශාවන් හා දිශාවන්ගෙන් නිරූපණය වන පාර්ශව පහත දැක්වේ.
නැගෙනහිර දිශාව - මව් පිය දූ දරු සබඳතා
දකුණු දිශාව - ගුරු ශිෂ්‍ය සබඳතා
බටහිර දිශාව - අඹු සැමි සබඳතා
උතුරු දිශාව - මිතුරු සබඳතා
යට දිශාව - සේව්‍ය සේවක සබඳතා
උඩ දිශාව - ගිහි පැවිදි සබඳතා
මව්පිය දූ දරු සබඳතාවය
තමාට කිසිම යහළුවෙක් හා යෙහෙළියක් නැත්නම් තමගේ තමාගේ හොඳම යාළුවා විය යුත්තේ දෙමාපියන් ය.වෙන කවුරු නොසිටියත් තමාගේ දුකේදීත් සැපේදීත් සිටින්නේ තමාගේ දෙමාපියන් ය.දෙමපියන්ව පූර්ව දිශාව හෙවත් නැගෙනහිර දිශාවට සම කොට ඇත්තේ ලෝකය ආලෝක වන්නේ ඉර මඟිනි.ඒ වගේම දරුවෙකු ආලෝකමත් වෙන්නේ දෙමාපියන් මඟිනි.දෙමාපියන්ට සතර බ්‍රහ්ම විහරණ මෙත්තා,කරුණා,මුදිතා හා උපෙක්ඛා යන ගුණයන්ගෙන් සමන්විත නිසාමයි.ඒ හෙයින් දෙමාපියන්ට පුබ්බාචරිය,පුබ්බදේව හා බ්‍රහ්ම යන පද වලින් අරුත් ගැන්වේ.
දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම්
දෙමාපියන්ගෙන් දරුවාට ඉටු විය යුතු යුතුකම්
ගුරු ශිෂ්‍ය සබඳතාවය
ඒ වගේම සමාජයේ දක්නට ලැබෙන තවත් කණ්ඩයමක් නම් ගුරු ශිෂ්‍ය සබඳතාවය.තම දෙමාපියන්ගේ ගුණ ධර්මයන් ඉගෙන පාසල් අවධියට ගොස් සමාජය පිළිබඳ දැනුවත් වනුයේ ගුරුවරුන් මඟිනි.දෙමාපියන් වගේම සැලකිය යුතු පිරිසක් වනුයේද ගුරුවරුන් ය.සදිස නමස්කාරයේදී දක්ෂිණාව හෙවත් දකුණු දිශාව නිරූපණය වන්නේ මෙම සබඳතාවය යි.
ශිෂ්‍යාගෙන් ගුරුවරයාට ඉටු විය යුතු යුතුකම්
ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ඉටු විය යුතු යුතුකම්
අඹු සැමි සබඳතාවය
සමාජයේ වැදගත්ම කුඩාම ඒකකය වන්නේ පවුල යි.එම ඒකකයේ සාමාජිකයන් සැමියා හා බිරිඳ වේ.පවුල නැමති සංස්ථාව රදා පවතින්නේ සැමියාගේත් බිරිඳගේත් අන්නෝන්‍ය සබඳතාවය නිසාය.මෙම ඒකකයේ යහ පැවැත්ම පවතින්නේ සාමය සතුට දියුණුව හා දූ දරුවන් මඟිනි.
සැමියාගෙන් බිරිඳට ඉටු විය යුතු යුතුකම්
බිරිඳගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්
යහළු මිත්‍ර සබඳතාවය
අපට පොදු කටයුතු වලදී මෙන්ම පෞද්ගලික කටයුතු වලදී මිතුරන්ගේ සහය අවශ්‍ය වේ.එම මිතුරන් දෙයාකාර වේ. එනම් කළ්‍යාණ මිත්‍රයා හා පාප මිත්‍රයා වශයෙනි.කළ්‍යාණ මිත්‍රයා බුදු දහම පිළිගන්නා අතර පාප මිත්‍රයා බුදු දහම ප්‍රතික්ෂේප කරන ලදි. මෙම සබඳතාවය දැක්වෙන දිශාව වනුයේ උතුරු දිශාවයි.
මිත්‍රයාගෙන් තමාට විය යුතු යුතුකම්
තමාගෙන් මිතුරාට විය යුතු යුතුකම්
සේව්‍ය සේවක සබඳතාවය
මෙම සම්බන්ධයේදී ප්‍රධාන වගකීම ඇත්තේ සේව්‍ය පක්ෂයටයි.එයින් අදහස් වන්නේ නිවසකදී හා කර්මාන්ත ශාලාවකදී දියුණුව රදා පවතින්නේ ඇප කැප වී ක්‍රියා කරන සේව්‍ය පක්ෂය මතය.මෙම සබඳතාවය සදිසා නමස්කාරයෙහි නිරූපණය වන දිශාව වනුයේ යටි දිශව යි.පහත දක්වා ඇති කරුණු මඟින් නිවසේ හා ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට පත් විය හැක.
සේවකයාගෙන් ස්වාමියාට සිදුවිය යුතු යුතුකම්
ස්වාමියාගෙන් සේවකයාට ඉටුවිය යුතු යුතුකම්
ගිහි පැවිදි සබඳතාවය
ධාර්මික සමාජයක් පවත්වාගෙන යාම සඳහා මෙම සබඳතාවය බොහෝ සෙයින් වැදගත් වේ.බුදු දහමේ පිරිස් 02කින් යුක්ත වේ.ගිහි පක්ෂයෙන් උපාසක,උපාසිකා වශයෙනුත් පැවිදි පක්ෂයෙන් භික්ෂු,භික්ෂුණි වශයෙන්ද පිරිස් 02ක් වේ. මෙම සබඳතාවය දක්වා ඇති දිශාව වනුයේ උඩ දිශාව යනුවෙනි.
පැවිද්දාගෙන් ගිහියාට ඉටුවිය යුතු යුතුකම්
ගිහියාගෙන් පැවිද්දාට ඉටුවිය යුතු යුතුකම්
සිගාලෝවාද සූත්‍රයට අනූව මිනිසෙකු මෙලොවදී පිරිහීමට ලක්වන තුදුස්දාහක ධර්ම හඳුන්වා දී තිබේ.එම තුදුස්දාහක ධර්ම නම්,
චතුර්විධ කර්ම ක්ලේෂ - 04
ගිහියාගේ නිත්‍ය සීලය වන පංච සීලයේ එන මෙම කරුණු සතරට පටහැනිව ක්‍රියා කරන්නේ නම් එයින් පුද්ගලයාත් එම පවුලත් මෙලොවදීම පිරිහේ.
සතර අගතිය - 04
සමාජයේ ජීවත් වන යම් කිසි පුද්ගලයෙක් ඡන්දයෙන්,ද්වේෂයෙන්,භයෙන් හා මෝහයෙන් තම සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ නම් එම තැනැත්තා තමන්ගේ සියලු සම්පත් වලින් පිරිහීමට පත් වේ.ඕනෑම දෙයක අන්‍තයකටම යෑම පිරිහීමට ලක් වේ.රාජ්‍ය පාලනයේදී පාලකයා සතර අගතියෙන් කටයුතු කරයි නම් ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරයි.සමාජයට ජනතාව සාධාරණන් ඔහුගෙන් ඉටු නොවේ.පුද්ගල ජිවිතයේදී පවා අගතියට නොයා කටයුතු කර ගැනීමෙන් මෙම ජිවිතය සාර්ථක කර ගත හැකිය.
භෝග විනාශ වන මුඛ - 06
ඉන් ආදීනව
මත් වතුර භාවිතයේ ආදීනව ලෙස,
අවේලාවේ වීදී සංචාරයේ ආදීනව ලෙස,
සමජ්ඣාභිචරණයේ ආදීනව ලෙස,
දූ කෙළියේ ආදීනව ලෙස,
පාප මිත්‍ර සේවනයේ ආදීනව ලෙස,
අලසකමේ ආදීනව ලෙස,