ඉගෙනුම් ක්‍රියාවලිය.

ඉගෙනුම් ක්‍රියාවලිය.

මනෝවිද්‍යාඥයන් බොහෝ දෙනකු විසින් ඉගෙනීමේ ක්‍රමවේදයන් රාශියක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් අතර පියාජේ හා විගොට්ස්කි විශේෂි වේ. ඔවුන් දෙදෙනාගේ බුද්ධි වර්ධන නයායත්, නිර්මාපි සමාජ ඉගෙනුම් න්‍යායත් මෙහිදි විස්තර වේ. එම න්‍යායන් දෙකේ ඇති විශේෂතා මෙන්ම දුර්වලතා පිළිබදවද මෙහිදි අවධාණය යොමු කර ඇත. එමෙන්ම බුද්ධි වර්ධන න්‍යාය පන්ති කාමරයක් තුළදී යොදාගන්නා ආකාරය පිළිබදවද සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාව වැනි රටක එම න්‍යායන් යොදා ගැනීමේදි ඇතිවන ගැටලු මෙන්ම ඒවා සාර්ථකව මැඩපවත්වා ගන්නා ආකාරයද මෙහිදි සාකච්ඡාවට ලක් කර ඇත.   

ඉගෙනුම් ක්‍රියාවලිය ආරමය සාධක, අත්දැකීම් හා වෙනත් ක්‍රියාකාරකම් මත සිදු වේ. බොහෝ දුරට සතුන්ගේ ඉගෙනීම ආරමය සාධක මත සිදු වේ. එයට වඩා සංකීර්ණ වූ ක්‍රියාදාමයන් රැසක සංකලනයෙන් මිනිසාගේ ඉගෙනුම සිදු වේ. අත්දැකීම් ඇසුරින් නව දේ ඉගෙන ගැනීමට මිනිසාට හැකියාවක් ඇත. ජීවීන්ගේ පරිණාමයේදි පහළ අදියරේ සිටින සතුන්ගේ සෑම ක්‍රියාදාමයක්ම ආරය විසින් නිශ්චිත කරනු ලබයි. ක්‍රියාවක් කරන ආකාරය?එය කළ යුතු ආකාරය?කොතරම් ප්‍රමාණයකටද? මේ සියල්ල නියම කරනු ලබයි.නිදසුනක් ලෙස උතුරේ සිටින සංචාරක පක්ෂීන්ට ශීත කාලයේ දකුණට පියඹා නොගොස් සිටීමට නොහැකිය.උන් ආරමය ඉගෙනීම මගින් එම කාලයේදි දකුණු දෙසට පියඹා යෑමට යොමු කරනු ලබයි. සතුන්ගේ සෑම ක්‍රියාවක්ම අනුමත කාල සටහනකට අනූව සිදු වේ.ඒකාකාරි ක්‍රියාවලියක් ඔවුන් අනුගමනය කරනු ලබයි. නමුත් පරිණාමයේ ඉහළ තලයක සිටින මිනිසා බාහිර පිරිසරය සමග කටයුතු කිරීමේදි විවිධ අකාරයේ ක්‍රියාවන් සිදු කරනු ලබයි. ඒවා බොහෝ අංශවලින් අනිකුත් සතුන්ට සාපේක්ෂව වෙනස් වේ. ඒ ඒ පරිසරයට අනුකූල වන ලෙස තම චර්යාව හැඩගස්වා ගැනීමට ඔවුන්ට සිදු වේ. තමාට අවශ්‍ය අයුරින් තම කායික මානසික මට්ටම සකසා ගැනීමටත් අන් අයට ඒවා ඉගැන්වීමටත් මිනිසාට හැකියාව ලැබේ. ඒ සදහා මිනිසා විසින් නොයෙක් නොයෙක් දේ ඉගෙන ගත යුතුය.ඒ නිසා මිනිසාගේ ඉගෙනුම් ක්‍රියාවලිය සංකීර්ණ වේ.

නොදන්නා දෙයක් දැන ගැනීම ඉගෙනුම ලෙස අර්ථකථනය කළ හැකිය. නමුත් එය මනෝ විද්‍යාවට අනූව නිවැරදි නිර්වචනයක් නොවේ. ඉගෙනුම යනු කුමක්දැයි හදුනා ගැනීමට පෙර ඉගෙනුමට අයත් නොවන දේ හදුනා ගැනීම වැදගත් වේ. එමගින් ඉගෙනුම පිළිබදව නිවැරදි අර්ථකථනයක් ගොඩ නගා ගත හැකිය.හදිසි අවස්ථාවන්ට,පරිසරයේ ඇතිවන විවිධ විපර්යාසයන්ට මුහුණ දීමට අනුවර්තනය වීම සදහා පුදගලයා තුළ අන්තර් ක්‍රියාවන් රාශියක් සිදු වේ. අත ගින්නකට ළං කළ විට ඉබේම ඉවතට ගැනීම.ඇස දෙසට ඇගිල්ලක් ළං කළ විට ඇස පියවීම එසේ සිදු වන ක්‍රියාවන්ය. මේ අතරමැදි නියුරෝනයක් සම්බන්ද වී මොළයේ බලපෑමකින් තොරව අනිච්ඡානුකව සිදු වේ. මෙම ක්‍රියාවලිය මිනිසා උපදින මොහොතේදීම ජීව විද්‍යාත්මකව ඇති වේ. එසේම වයසින් මුහුකුරා යත්ම මිනිසාගේ ඉන්ද්‍රියන් වර්ධනය වී නොයෙක් චාලක ක්‍රියාකාරකම් කළ හැකිය. කුඩා දරුවකු ඇවිදම, බඩගෑම, දණගෑම ආදිය පරිණතියට අනූව සිදු වේ.ඒ නිසා ඒවා ඉගෙනුම නිසා සිදු වන්නක් ලෙස සැළකිය නොහැක. මේ අනූව ජීව විද්‍යාත්මකව සිදු වන ක්‍රියාවලීන් ඉගෙනුම් ක්‍රියාවලීන් මත සිදු වන ඒවා නොවේ. ඒවා ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව ජීව විද්‍යාත්මකව සිදු වේ.

යම් දෙයක් මගින් පුද්ගලයාගේ චර්යාවේ යම් වෙනස්කමක් සිදු වේනම්,එම වෙනස් වීම ඇති කිරීමට ඉවහල් වූ ක්‍රියාවලිය ඉගෙනුම ලෙස අර්ථ දැක්විය හැකිය. මිනිසාගේ ඉගෙනීම සම්බන්ධයෙන් අයිවන් පැව්ලෝ,ජේ.බී වොට්සන්,ඊ.එල් තොන්ඩයික්,බී එෆ් ස්කීනර්,ජින් පියාජේ,ජෙරම් බෘනර්,ඩෙවිඩ් ඔසුබෙල්,විගොස්ට්කි වැනි මනෝවිද්‍යාඥයන් විවිධ න්‍යායන් ඉදිරිපත් කොට තිබේ.චර්යාවාදීන්ට අනූව ඔවුන් ප්‍රබෝධක ප්‍රතිචාර න්‍යාය ඉදිරිපත් කරයි.කිසියම් සිද්ධි දෙකක් අතර සම්බන්ධය ඇති කල්හි එකක් මතක් වූ විට අනික් සිදු වීම මතක් වේ යන්න ප්‍රබෝධක ප්‍රතිචාර න්‍යායයි.ගෙස්ටෝල්වාදින් ප්‍රතිවේද ඉගෙනුම් න්‍යායක් ඉදිරිපත් කරයි.මෙහිදි භාෂා ඉගෙනීම,සංකල්ප ඉගෙනීම,ස්මරණය වැනි මූලධර්ම පැහැදිලි කරයි.මෙවැනි න්‍යායන් රාශියක් එක් එක් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇත.‍

ඉගෙනුම යනු සෑම කෙනෙකුගේ ම ජීවිතයේ වැදගත් අංශයක් ලෙස දැක්විය හැකි ය. සෑම දෙනාම උපතේ සිට මරණය දක්වා ම ඉගෙනීමෙහි නිරත වන අතර එහි කෙලවරක් නොමැත. මේ අනුව පැහැදිලි වන්නේ පුද්ගලයා සමස්ත ජීවිත කාලය පුරාම ඉගෙන ගත්තා වුව ද ඇත්තේ ඉතා සීමිත දැනුමක් බවයි. එනම්, පුද්ගලයා සිය දැනුම ගොඩ නගා ගැනීමට ප්‍රබල උත්සහයක කුඩා කළ සිට ම නිරත වන අතර නමුත් එය ඉතා සීමිත එකක් පමණක් වන බවයි. එසේම උත්සහයකින් හා අවශ්‍යතාවයකින් තොරව යමක් ඉගෙනීමට හෝ දැනගැනීමට ද නොහැකි ය. විවිධ අවස්ථාවල දී විවිධ දේවල් පිළිබඳ ව අප ඉගෙන ගැනීමට හුරු වී සිටින අතර නමුදු ඉගෙනුම කුමක් දැයි යන්න කෙරේ නිශ්චිත පිළිතුරක් ඉදිරිපත් කිරීම අපහසු ය. එය ඉතා සංකීර්ණ වචනයකි. මේ පිළිබඳ ව අදහස් දක්වන මනෝවිද්‍යාව තුළ සරලව දක්වන්නේ “ඉගෙනුම යනු චර්යයාවේ සිදු වන්නා වූ වෙනස්කමකි“ යනුවෙනි. මේ පිළිබඳව අදහස් දක්වන මනෝවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ, පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් ආනුභූතිය ඇසුරෙන් චර්යයාවේ සිදුවන වෙනස්කම් පමණක් ඉගෙනුම වශයෙන් සැළකිය හැකි බවයි. එහෙත් පුහුණුවේ ප්‍රතිළුලයක් ලෙස චර්යයාවේ සිදුවන සෑම වෙනස්කමක් ම ඉගෙනුමක් වශයෙන් සැළකීමට නොහැකි බව ද මනෝවිද්‍යායින් පෙන්වා දී තිබේ. එසේ වුවත් ඉගෙනුම මනුෂ්‍ය ජීවිතයේ බෙහෙවික් වැදගත් අංශයක් බවට පත් වීඇති අතර මෙම සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කිරිමට නූතන අවධිය වන විට විශේෂයෙන් මනෝවිද්‍යා ක්ශේත්‍රය උත්සුක වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉගෙනුම පිළිබඳ විවිධ න්‍යායන් රාශියක් ඉදිරිපත් වී තිබේ.


කතෘ : Rev: Handaganawe chandrajothi sadado
ලිපිය : පාසලට අදාල ලිපියක්
කියවූ ගණන : 28,538
කැමති ගණන : 1