සිංහල භාෂාව රසවත් කරන පැල් කවි

සිංහල භාෂාව රසවත් කරන පැල් කවි

ජන කවි

අතීත ජනයා තමන්ගේ මහන්සිය, විඩාව, කාන්සිය නිවා ගැනීම සඳහා යොදා ගත් කවි විශේෂයකි.මෙම ජන කවිවල විශේෂ ලක්ෂණයක් වන්නේ මෙම කවිවල නිර්මාණ කරුවෙක් නොමැත මේවා අතීත ගැමි ජනයා විසින්ම නිර්මාණය කරගෙන ඇත.මේවායේ දැක්වෙන සුවිශේෂී ලක්ෂණ වන්නේ සරල බව, ගැමි බව යන ලක්ෂණයි.මේවා ජන සමාජයේ තිබෙන තවත් සුවිශේෂී අංගයකි. මේවා මුඛපරම්පරා ගතව පැවත එන්නකි. ජනකවි වර්ග කිහිපයකි ඒවා නම් පැල් කවි, පාරු කවි, ගැල් කවි, කරත්ත කවි, ගොයම් කවි ආදිය වේ. මේ අතරින්  අද අපි පැල් කවි පිළිබඳ තොරතර ටිකක් දැන ගනිමු.

පැල් කවි

කැලෑ එළිපෙහෙළිකොට, වගාකොට, ඒවායේ අස්වැන්න සෑදීගෙන එන කාලයේදී සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට ගොවීන් හේනේ තිබෙන උස ගස් දෙබලක පැලක් තනයි. එප පැලේ මුළු රැයම ගත කිරීමේදී පාලුව කාන්සිය නිවා ගැනීමට මෙම ජන කවි ගායනා කරයි. පහත දැක්වෙනනෛ් එවැනි පැල් කවි කිහිපයකි.

  1. ඉර වර වර ඉර වර වර වළල්ලා සඳ වර වර ඉර වර වර වළල්ලා පෑදි දියට බොර දියරක් වළල්ලා පැල් කවි කියන අය කවුරුත් වරෙල්ලා

  2. පෙ ර කා ලේ කරප අකුසල් වල අපලා මෙ ම කා ලේ විඳිති දුක් පැල් වලට වෙලා ර ජ කා ලේ පටන් පුරුදුයි පැල් රැකලා ලො කු රා ලේ කියන් පැල් කවි තෝරාලා

  3. දුම්බර කෙතේ වැට බැඳලා රැකම් බැලුම්  මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම් බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම් තුන්පත් රටාවයි දුම්බර කෙතේනෙළුම්

  4. නුග පත් නුග අරළු නුග බෝ රජුන්ටයි එම පත් දෙවි වසන සක් දෙවි රජුන්ටයි මිහිකත් අනග යුදයෙන් කඩු දිනන්ටයි වැඳ ගත්තෙමි සරණ පැල් කවි කියන්ටයි

  5. හිිර දෙවියන් ගිරි මුදුනින් වඩින තුරා  සඳ දෙවියන් තරු අතරින් වඩින තුරා  සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින තුරා සිව්පද කියම රට ඉසුරෙන් පිරෙන තුරා

  6. වෙ ලේ වෙ ලේ මා සිටිනා සුරුක්කන් ඌ රෝ ඇ වි ත් වැට පිට කරන සක්මන් වැටවත් උඩින් උන් අල්ලන මලක්කන් අ පො යි ම ගේ කිරි වදිනාකුරක්කන්

  7. ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක්ගෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන් දෙවියනේ වෙල බත් බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

  8. අ හ සේ තරු සේම ගොවි තැන් කරන්නේ පොළොවේ වැලි සේම බෝගන් ඉසින්නේ මගේ හේන මයි ඌරට පෙනෙන්නේ විස්නුසමන් දෙවියෝ නඩු බලන්නේ

  9. කැලේ බලා වැට බැන්දා කැත්ත දනී කුඹූර පරා දිය බැන්දා කුඹුර දනී සීනි කකා පැල් ලැග්ගා පැදුර දනි මෙදා පැලේ වී අඩුවා ැටුව දනී
  10. කිරල හිඹුටු වැල් කුඹරේ පැලේයා  කිරල ගඳට එයි ඌරෝ රැලේයා කතා නොකර නැගපන් ගොයිි පැලේයා කතා කලොක් ඇදගෙන යයි කැලේයා

  11. කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ  මල්වරා නෙවෙද කිරිවැද පැසෙන්නේ සෙනසුරා නොවෙද වැහිපල නුදුන්නේ ලොව්තුරා බුදුන් කවදද දකින්නේ

  12. අට සියයක් ඇඟයට රෝඹුවන් දරු  නව සියයක් මුනිවරයෝ සිට මැතුරු අට විසි බදන් බුදු වූ දා දුන් සිවුර ඉන්ටම යන්නට මේ අඩිය මඟගරු 

  13. ස ස් සඳ සසඳ පල්ලේ තිබෙයි අල ස ස් සඳ සසඳ දිය මතු පිට තිබෛයි කොල  වැ ස් ස ට පිනි බබා මෝරන කැකුළු මල ම ස් ටක යින්ට මුතු කුඩයකි නෙළුම් මල

  14. ගසට කැපුම ගස මල පෑවුමෙන් දැනේ හානා හිය පානා අඬ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අත ඇල්්ලුමෙන් දැනේ

  15. වෙල හොඳ මොකද යල මහ පාළු වේනම් පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ යෙමල හොඳ මොකද අතු අග පපරව යේනම් ලිය හොඳ මොකද ඉසි ගෝ්මර මැකේ නම්


කතෘ : dilmi diwmini
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 5,001
කැමති ගණන : 0