ජලාශ්රිත බුමියෙහි සිදු කෙරුණු වී ගොවිතැන ළගට සම්ප්රදායක කෘෂිකර්මාන්තයෙහි වැදගත් වන්නේ හේන් ගොවිතැන වේ. මෙය උතුරු ඉන්දියානු ජනයා මේ දිවනට සංක්රමණය විමට පෙර සිට ම මෙරට තිබු ගොවිතැන් ක්රමය සේ සeලකිය හැකිය. වෙහෙරහේන, කොටහේන, තලාහේන, මාහේන, ගිනිගත්හේන, ආදී ස්ථාන නාම ගණනාවක හමු වන "හේන" යන පදයෙන් පෙන්නුම් කෙරෙනුයේ ප්රදේශවල සාම්ප්රදායක හේන් ගොවිතැන දීර්ග කාලයක් පවත්වා ගෙන ආ බව කිව හැකිය . හේන යන්න දෙමළ හුරුවට "චේන" යනු වී ඇත.වැලිහේන යන්න ‘වාලච්චේන’ ලෙස දෙමළ වහරට එකතු විය.කැලාව කොටා එළිපෙහෙළි කර ගිනි ලා වගාව සදහා සකස් කල බිම් ප්රදේශය "හේන" යනුවෙන් හැදින්වේ. ස්ථානය තෝරා ගැනීමේ දී බූ විෂමතාව, පස සංරක්ෂණය සහ පසෙහි සාරවත් බව පිලිබදව අවදානය යොමු කර ඇත. ගන ලෙස වැඩුණු පත්ර බහුල ගස් සහිත තැනිතලා බුමියක් මෙන් ම ගස් ආහර බහුල සාරවත් පසක් තිබීම, යන ලක්ෂණ මෙහි දී සැලකිල්ලට ගනු ලැබිණ.දිය මන්කඩක් ආසන්නයේ තිබීම, දළ බැව්මක් නො වීම, වන සතුන් ගමන් ගන්නා මංකඩ වලින් ඇත්ව පිහිටීම සහ කණ්ඩායමට ප්රමාණවත් ද යන්න වැනි කරුණු කෙරෙහි වෙසෙසින් සොයා බැලිණි. ගොවියා සුබ දිනයක තෝරා ගත් කැලයට පිවිස, සුදුසු නැකත් වෙලාව අනුව කැත්ත සිරුරට හේත්තු කර ගනිමින්, කැත්තට ද පළමුව කැපීමට තෝරා ගත් පදුරට ද තෙවරක් නමස්කාර කරයි. ඉන් පසු කැලේ බණ්ඩාර දෙවියන් සිහි කොටා තුන් යලක් (තුන් වතාවක් ) පදුර වටා පැදකුනු කොට පළමු කැති පහර හෙලීම "හේන් ඇල්ලීම" හෙවත් "හේන් ගෙවදීම" ලෙස හැදින්වේයි.වල් "ඇල්ලීම" යනු මෙය ම ය. එහි අදහස කන්නයක වැඩ ආරම්භ කිරීම යි . මේ මුල් කොට ගෙන නිර්මාණය කල ජන කවියකි මේ,
ඇත්ත තමයි පවසන්නේ නියම කොට
සත්ත ඇති නැකත් සුබ හොර එවිට
නිත්ත නිරන්තර දෙවියන් මුදුන් කොට
කැත්ත ගෙනත් ගෙවදින් මුල් පැදුර වට
පළමුව කැපීමට තෝරා ගත යුතු ගස් පිලිබදව සම්මතයක් පැවති බව නුවර කලාවියේ මේ ජන කවියෙන් කියවේ.
රුක් අත්තන පෙතන් පලු බෝ මි කහට
බක් මි දිවුල් කොළ බෝ දාබු මි බට
හික් දබ ලෝලු කොබ්බෑ කුරටි දෙමට
අත්වල අත අල්ලනු මරු මුවා කොට
කැලාව කැපා දැමීමෙන් අනතුරුව හේන ගිනි තැබීම ද නැකතකට අනුව සිදු කරයි. කෝපයෙන් පුපුරමින් හේන ගිනි තැබීම සදහා නිවසෙන් පිටත් වන්නට හැකි නම් ගිනි තැබීමේ කටයුත්ත වඩාත් හොදින් සහ ඉක්මනින් සිදුවන බව ගොවියෝ විශ්වාස කරති. ගිනි තැබීමට පෙර තුන් වරුවක් "හූ" යාදින්න කීම නුවර කලාවිය සහ තමන්කඩුව ප්රදේශයන්හි දැකිය හැකිය. හේන් කැපු පසු ගිනි තැබීමට පෙර සත් වරක් සතුන් පලවා හැරීමේ සිරිතක් පැවති බව දකුණු පළාතට අයත් ගිනිදුම්පත්තුවෙන් දැන ගන්නට ලැබේ. ගිනි තබන්නට පෙර පවත්වනු ලබන "ගිනි යදින්න" මෙබදු ය. උඩින් එන සතුන්, බිමින් එන සතුන් පලවා හැරීමට ගොවියෝ පැල්කවි ගායනා කරයි. හේන ගිනි තැබීමෙන් පසු ලැබෙන පළමු වර්ෂාව "අක්වැස්ස" ය. අක්වැස්සෙන් පසුව දෙවියන් බුදුන් සිහි කර ප්රර්ථනා පිරුණු හදතිව හේන් කොනක බිජ රෝපණය කිරීම සිදු වෙයි. එසේ රෝපණය කරන්නේ බඩ ඉරිගු , වට්ටක්කා, මෑ , ලබු , ආදී බිජ ය .