අපි ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම් කරද්දි ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයා එකේ මූලික දේවල් ටිකක් දැනගෙන තියෙන්න ඕනෙ . මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද අපි දැනගෙන තියෙන්න ඕනෙ දේවල් කියල.
ඒකට මම උදාහරණයක් විදියට පාවිච්චි කරනව එල්ඊඩී එකක් බ්ලින්ක් කරන එක . ඒ කියන්නෙ එල්ඊඩී එකක් පත්තු වෙනව නිවෙනව පත්තු වෙනව නිවෙනව . ඕක එක දිගට සිද්ද වෙනව .
මන් මේ වැඩේට පාවිච්චි කරනව ආර්ඩුයිනෝ බෝඩ් එකයි බ්‍රෙඩ් බෝඩ් එකයි එල් ඊඩ් එකයි. බ්‍රෙඩ් බෝඩ් එකක් කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්.
මේ බ්‍රෙඩ් බෝඩ් එකේ විශේශත්වයක් තියනව. මේකෙ ඇතුලෙන් කනෙක්ශන් තියනව. අපි මේ බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරනව අපිට පාස්සන්නෙ නැතුව මොකක් හරි අපිට කරගන්න ඕනෙ උනොත්. ඒ කියන්නෙ අපි ටෙස්ටින් වගේ කරනකොට අපිට හැම තිස්සෙම පාස්සල ආයෙ ගලෝ ගලෝ ඉන්න බැහැනෙ . ඒක නිසා අපි බ්‍රෙඩ් බෝඩ් එකක් පාවිච්චි කරල අවශ්‍ය දේ කරගන්නව . මේ බ්‍රෙඩ් බෝඩ් එකේ කනෙක්ශන් තියනව. මම බ්‍රෙඩ් බෝඩ් එකේ කනෙක්ශන් තියන විදිය පල්ලෙහායින් දාන්නම්.
හරි දැන් අපි බලමු මේ එල් ඊඩී එක කොහොමද බ්‍රෙඩ් බෝඩ් එකට සෙට් කර ගන්නෙ කියල . අර මන් පෙන්නපු රූපෙත් ඔලුවෙ තියාගෙන මෙන්න මේ විදියට සෙට් කරගන්න .
එල් ඊඩී එකේ පින් දෙකක් තියනව් එල් ඊඩී එකේ දිග පින් එක තමා ධන පැත්තට සම්බන්ධ වෙන්නෙ . කොට පැත්ත තමා ඍන පැත්තට සම්බන්ධ වෙන්නෙ. මේක කනෙක්ට් කරනකොට ධන පැත්තයි ඍණ පැත්තයි තියන විදිය පොඩ්ඩක් මතක තියාගන්න. හරි අපි දැන් මේව් දියට කනෙක්ට් කර ගත්ත එල් ඊඩී එක . අපි දැන් ජම්පර් වයර් දෙකක් පාවිච්චි කරල මේක ආර්ඩුයිනෝ බෝඩ් එකට කනෙක්ට් කර ගනිමු .
හරි දැන් අපේ මේ එල් ඊඩී එකේ ඍණ පැත්ත අපි කනෙක්ට් කර ගන්නව ආර්ඩුයිනෝ බෝඩ් එකේ GND එකකට
ධන පැත්ත අපි කනෙක්ට් කරනව ආර්ඩුයිනෝ බෝඩ් එකේ 13 වෙනි පින් එකට.
හරි කනෙක්ශන් වල එච්චරයි පිට කරන්න තියෙන්නෙ අපි දැන් බලමු ප්රෝග්රෑම්එක්කෙ මොනවද අපිට කරන්න තියෙන්නෙ කියල.
මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්න්න ඕනේ මූලික ෆන්ශන් දෙකක් තියනව . පලවෙනි එක තමා SETUP එක . අපි ඒක මෙහෙම ලියනව.
void setup(){
}
void කියන්නෙ මේකෙ return type එක . මේ setup කියන function එක ඇතුලෙ අපි ලියන්නෙ මොනවහරි initialize කර ගන්න තියනවනම් ඒ වගේ දේවල් තමා අපි මේ සෙටප් එකේ ලියන්නෙ. මේකෙ තව විශේශත්වයක් තියනව මේ සෙටප් එකේ ලියන ඒව රන් වෙන්නෙ එක පාරයි . මේ ගැන දැනට මතක තියාගන්න අපී ඒ ගැන ඉදිරි පාඩම් වලදි බලමු .
ඉතින් අපි මේ 13 වෙනි පින් එක මොකක්ද කියල ආර්ඩුයිනෝ බෝඩ් එකට කියන්න ඕනේ . ඒක කරන්නෙ මෙහෙමයි
void setup(){
pinMode(13, OUTPUT);
}
හරි දැන් අපි මේ 13 වෙනි පින් එක OUTPUT එකක් බවට පත් කරල තියෙන්නෙ . SETUP එකේ කරන්න තියෙන්නෙ ඔච්චරයි . අපි දැන් බලමු මේකෙ මේන් කෝඩ් එක ලියන්නෙ කොහොමද කියල .
ඊට පස්සෙ අපිට තියෙන්නෙ loop කියන function එක ලියන්න. අපි ඒ function එක මෙහෙම ලියමු .
void loop(){
}
හරි loop function එක මෙහෙම තමා ලියන්නෙ .අපි බලමු loop එක ඇතුලෙ අපේ කෝඩ් එක ලියන්නෙ කොහොමද කියල
void setup(){
pinMode(13, OUTPUT);
}
void loop(){
digitalWrite(13, HIGH);
delay(1000);
digitalWrite(13, LOW);
delay(1000);
}
මෙහෙම තමා මේන් කෝඩ් එක ලියන්නෙ . අපි බලමු මේක ලිව්වෙ කොහොමද කියල.
digitalWrite(13, HIGH);
ඔන්න ඔය පේලියෙන් කියල තියෙන්නෙ 13 වෙනි පින් එකට 5V ලබා දීල තියෙන්නෙ. ඒ හන්ද LED එක ඔන් වෙනව .
delay(1000);
ඔන්න ඔය පේලියෙන් කියල තියෙන්නෙ LED එක පත්තු වෙලා තියන වෙලාව . මේක අපි දෙන්න ඕනෙ මිලි තත්පර වලින් .
අපි මේ කෝඩ් එක ලියල තියෙන්නෙ තත්පරක් LED එක පත්තු වෙලා ආයෙ LED එක තත්පරයක් නිවිල තියෙන්න. මේක දිගින් දිගටම සිද්ද වෙනවා.