පංගු බෙදීම , ආකෘතිකරණය හා ප්‍රතිභාගිකරණය
1.පංගු බෙදීම(Partitioning)
පංගු බෙදීම යනු කුමක්ද?
සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකය භෞතික වශයෙන් පවතින්නේ එක් දෘඩ තැටියකි. එහෙත් එය තාර්කිකව කොටස් කිහිපයකට බෙදා වෙන් කර ගැනීම සිදු කෙරේ. මෙසේ දෘඩ තැටියක් අවශ්‍ය පරිදි කොටස්වලට බෙදා වෙන් කිරීම දෘඩ තැටිය පංගු කිරීම (Partitioning) ලෙසින් හැඳින්වේ.
පංගු බෙදීම සිදු කරනු ලබන අවස්ථා
පංගු බෙදා ඇති දෘඩ තැටියක් නැවත වරක් පංගු බෙදීමකට ලක් කළ විට දී අදාළ දෘඩ තැටියේ ඇති සියලුම දත්ත විනාශ වේ. එවැනි අවස්ථාවලදී අවශ්‍ය කරනු ලබන දත්තවල උපස්ථ පිටපතක් (backup copy) ලබා ගත යුතුය.
පංගු බෙදීම අවශ්‍ය වන්නේ ඇයි?
Windows පරිසරය තුළ මෙලෙස වෙන් කරන ලද පංගු ධාවක ලෙසින් හඳුන්වයි. මෙම ධාවක නම් කිරීම ආරම්භ කරන්නේ C අක්ෂරයේ සිට ඉදිරියටයි.
උදා: පළමු පංගුව- C ධාවකය
දෙවන පංගුව-D ධාවකය
2.ආකෘතිකරණය(Disk formatting)
දෘඩ තැටියක් පංගු බෙදීමට ලක් කළද එහි එක්වරම දත්ත තැන්පත් කළ නොහැකිය. එම පංගු සියල්ල අප විසින් වෙන වෙනම ආකෘතිකරණය (format) කළ යුතුය.
පරිගණකයට ප්‍රථම වරට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය (install) කිරීමේදී හැඩසවීම සිදු කළ යුතුය. අවශ්‍යතාව පරිදි භාවිත කරන ලද දෘඩ තැටියක්, නම්‍ය තැටියක් හෝ සැනෙලි මතක ඒකකයක් නැවත නැවතත් ආකෘතිකරණය සිදු කළ හැකිය.
ආකෘතිකරණය කිරීමේදි තැටියේ සියලු දත්ත විනාශ වී යයි. අදළ තැටියේ වැදගත් ගොනු ඇත්නම් ආකෘතිකරණය කිරීමට පෙර ඒවායේ උපස්ථ පිටපත්(backup copies) ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
3.ප්‍රතිභාගීකරණය(Defragmentation)
ඛණ්ඩණය- ගොනුවක් දෘඩ තැටියක හෝ සැනෙලි මතක ඒකකයක තැන්පත් කිරීමේදී සමහර අවස්ථාවලදී එය එක දිගට තැන්පත් නොවීමට ඉඩ ඇත. මෙසේ ගොනුවේ කොටස් තැටියේ විවිධ ස්ථානවල තැන්පත් වීම ඛණ්ඩණය ලෙස හැදින්වේ.
ඛණ්ඩණය සඳහා හේතු වන කරුණු
ප්‍රතිභාගීකරණය සිදු කරනු ලබන්නේ Windows පරිසරය තුළදීය. Linux පාදක මෙහෙයුම් පද්ධති වල දී ප්‍රතිභාගීකරණය කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. Linux මෙහෙයුම් පද්ධති ගොනු තැන්පත්කිරීමේදී සෑම ගොනුවක් සඳහාම අමතර වැඩි ඉඩක් වෙන්කර ගනිමින් ඊළඟ ගොනුව ඊට ඈතින් තැන්පත් කිරීමට කටයුතු යොදන නිසාය.