නිබ්බාන ධාතු දෙක
නිවනේ අවස්ථා දෙකකි,
1. සඋපාධිසේස නිබ්බාන ධාතු
2. අනුපාධිසේස නිබ්බාන ධාතු
උපාධි යනු පංචස්කන්ධයට යෙදෙන තවත් නමකි. සේස යනු ඉතිරියයි. පංචස්කන්ධය ඉතිරි වීම සඋපාධිසේසය යි.
පංචස්කන්ධය ඉතිරිව තිබියදී එනම් ජීවත්ව සිටියදී අර්හත්වය තුලින් අවිද්‍යා තණ්හා දුරු කොට ලබන නිවන සඋපාධිසේස නිබ්බාන ධාතු නම් වේ. මෙය ක්ලේෂ පරිනිර්වාණය ලෙසද හැඳින්වේ.
ඉතිරිව තිබූ පංචස්කන්ධය මතු නොපවතින හා නොහටගන්නා පරිදි ලබන නිවන අනුපාදිසේස නිබ්බාන ධාතු නම් වේ. මෙය ස්කන්ධ පරිනිර්වාණය ලෙසද හැඳින්වේ.
සඋපාධිසේස නිබ්බානය ලැබූවද අනුපාධිසේස නිබ්බානය ලබන තෙක් කායික සැප මෙන්ම දුකද විඳීමට සිදුවේ.
අභ්‍යාස :-
ශ්‍රේණි විභාගය 2011
1. වේදයිත සුඛය හා අවේදයිත සුඛය යන දෙක කෙටියෙන් පැහැදිලි කරන්න. (ල. 6)