දෙව්දත් තෙර යශෝදරා දේවියගේ සොහොයුරෙකි.
දෙව්දතුන් බුදුරදුන් නැසීමට,
1. දුනුවායන් යැවුවේය.
2. ගිජුකුළු පවුවේ සිට ගලක් පෙරලූවේය.
3. රා පොවා නාලාගිරි ඇතු යැවුවේය.
4. සංඝ භේදය කිරීමට් උත්සාහ කළේය.
අන්‍ය තීර්ථකයන් විසින් බුදුරදුන්ට නින්දා කිරීමට,
1. සුන්දරී පරිබ්‍රාජිකාව මරා දෙව්රම් වෙහෙර අසල වලදැමූහ.
2. චිංචා මානවිකාව ගැබිනියක මෙන් සරසා බුදුන් ඉදිරියට යැවූහ.
බුදුරදුන් මුලූ ජීවිත කාලයම පරාර්ථ සේවය සඳහාම යෙදවීය.
උදා:-
1. කෙත පාලූ වූ ගොවියාට පිහිටවීම
2. පටාචාරාට පිහිට වීම.
3. දරුවන්ගෙන් සැලකිලි නොලත් මහළු බමුණාට පිහිට වීම
4. කිසාගෝතමියට පිහිට වීම
5. රජ්ජුමාලාට පිහිට වීම
බුදුරදුන් සිය අවසන් වස් කාලය ගත කලේ බේලූව නම් ගමේය.
බුදුරදුන් වැලඳූ අවසාන දානය, පාවා නුවරදී චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගැන්වීය.
අසූ වැනි වියෙහිදී කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනේදී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවිය.
බුදුරදුන් ජීවමානව සිටියදී පැවිදි උපසම්පදාව ලැබූ අවසාන ශ්‍රාවකයා සුභද්ද භික්ෂුවය.
“මහණෙනි, සියලූ දේ නැසෙන සුලූය. එබැවින් නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න” මේ අවසාන බුද්ධ වචනයයි.
අභ්‍යාස:-
ආදර්ශ ප්‍රශ්න
1. "අවසාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ පරාර්ථ චර්‍යාවේ නියැලුණු සේක." මේ කියමනෙහි සත්‍යතාවය විමසන්න. (ල. 10)