- අඟුල්මල් දමනය ඇතුලත් ග්‍රන්ථය
|
අමාවතුර ග්‍රන්ථය |
- අඟුල්මල් දමනය රචනා කර ඇති යුගය
|
පොලොන්නරු යුගය |
|
ගුරුළුගෝමී පඬිවරයා |
|
බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය පිළිබිඹු කිරීම. |
- මෙම ග්‍රන්ථයේ නාග දමනයට අදාළව කතා දෙකක් ඇතුලත් කිරීමට හේතුව
|
නාලාගිරි ඇතා සහ නන්දෝපනන්ද නා රජු දමනය කිරීම පිළිබඳව නාග දමනයේ ඇතුලත් කිරීමට කතුවරයා කටයුතු කර ඇත. |
- ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය
|
"නොවියත් හුදී ජනන් සඳහා මා විසින් සැක්වින් ලියනු ලැබේ." (නූගත් ජනතාව සඳහා සියබසින් කතාව ඉදිරිපත් කිරීම)
|
- මණ්තානි බැමිණිය පුතා බිහිකල පසු සිදුවූ පුදුමය
|
මුලු නුවරම අවි දිළිසීම. |
- කුමරාට අහිංසක යැයි නම තැබීමට හේතුව
|
ඔහු සොරෙකු වී ආයුධ සන්නද්ධව සිටින බවට අනාවැකි පළවීම. |
- අහිංසක ගුරුතුමාගෙන් ඈත්කිරීමට අනෙක් සිසුන් යෙදූ උපාය
|
ඔහු ගුරුන්ගේ බිරිඳ සමඟ සසද ඇතිබවට ගුරුන්ට කේළම්බස් පැවසීම |
- කතුවරයාගේ රචනා විලාසය තුලින් පාඨක සිත් ආනන්දයට පත් කිරීමට හේතු
|
- සරල බස් වහර
- බණකතා රීතිය
- පාලි/සංස්කෘත වචන යොදා නොගැනීම
- නූගත් ජනයාට ගැලපෙන බස් වහර
- ගැමි වචන බහුල වීම
|
- අමාවතුර ග්‍රන්ථයෙහි විශේෂම ලක්ෂණය
|
සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කිරීම. |
- අංගුලි මාල ඇල්ලීමට පෙර කොසොල් රජු මුණගැසුනේ
|
බුදු රදුන් |
|
අංගුලිමාල එක් සොරෙකුන් බැවින් ඇල්ලීමට යාමෙන් වළකින ලෙස බුදු හිමියන් දේශනා කරයි, යැයි අදහසින් |
- බුදුහිමියන් මහණ කරගෙන ඇත්තේ නිසැකවම අංගුලිමාල බව කොසොල් රජු දැනගත් ආකාරය දැක්වෙන පාඨය
|
"තොප පිය කවර? මවු කවර ?" |
- ඊට අංගුලිමාල හිමියන් දුන් පිළිතුර
|
"මහරජ මා පියෙ භර්ග නම් බ්‍රාහ්මණ යැ. මවු මන්තාණි නම් බ්‍රාහ්මණී යැ" |
- මූඩගර්ග ස්ත්‍රීයකට අංගුලිමාල හිමි පිහිට වූයේ
|
ඇයට දරුවා ප්‍රසූත කිරීමට හැකිවන ලෙස පිරිත් දේශනා කිරීම |
|
- අපූර්ව වර්ණනා ශක්තිය
- සෑම කතාවක්ම උදාර ගුණයෙන් යුක්ත වීම.
- භාෂා නිපුණතාවය
|
- අමාවතුරෙහි අඟුල්මල් දමනය ඇතුලත් පරිච්ඡෙදය
|
7 වන පරිච්ඡේදය |
- අමාවතුරෙහි ආරම්භය හා අවසානය
|
බෝසතාණන් වහන්සේ පෙරුම්පිරූ අවස්ථාවේ සිට දෙව්රම් වෙහෙර පිළිගැනීම දක්වා කතාවන් ඇතුලත් වේ. |
- අමාවතුරෙහි පළමු පරිච්ඡේද තුන
|
- දුර්දාන්ත දමනය
- ස්වසන්තාන දමනය
- පරසන්තාන දමනය
|
අඟුල් මල් දමනය අවස්ථා සම්බන්ධය...
රෑ මාගේ මගුල් අවි දිළිණ. රජයට හෝ දිවියට අන්තරාවක් වෙයි යන සිතින් නිදි නො ලත්මි.
- කවුද? කොසොල් රජතුමා
- කාටද? භර්ග පුරෝහිතයා
- කුමන අවස්ථාවක ද? අහිංසක ඉපදුණු අවස්ථාවේ ඒ පිළිබඳව භර්ග පුරෝහිතයා රජුට දැන්වීමට ගිය අවස්ථාව
"එකසොරෙකු බැවින් කුම් කෙරෙයි, පිළිදගුව උහුයැ"
- කවුද? කොසොල් රජතුමා
- කාටද? භර්ග පුරෝහිතයා
- කුමන අවස්ථාවක ද? අහිංසක ඉපදුණු අවස්ථාවේ ඒ පිළිබඳව භර්ග පුරෝහිතයා රජුට දැන්වීමට ගිය අවස්ථාව
"මා පුතු මා කෙරෙහි නොබිද පියටියව යි. නෙරැ-පීය"
- කවුද? දිසාපාමොක් ඇදුරුතුමා
- කාටද? අහිංසක හැර අනෙක් සිසුන්ට
- කුමන අවස්ථාවක ද? අහිංසක බිරිඳ සමග සසද ඇති බව ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාව
"අප නො හදනා නම් තෙපි මැ පිරික්සා බලව"
- කවුද? අහිංසක හැර අනෙක් සිසුන්
- කාටද? දිසාපාමොක් ඇදුරුතුමා
- කුමන අවස්ථාවක ද? අහිංසක බිරිඳ සමග සසද ඇති බව ප්‍රකාශ කල අවස්ථාව
"දැන් රජු ඔහු ගන්ට කියයි "
- කවුද? භර්ග බ්‍රාහ්මණයා
- කාටද? මන්තාණි බැබිණියට
- කුමන අවස්ථාවක ද? රජු අහිංසක ඇල්ලීමට යන බව භර්ග බ්‍රාහ්මණයා මන්තාණි බැබිණියට ප්‍රකාශ කරන අවස්ථාව
"මා ගිය කළ ඔහුට සෙත් වෙයි"
- කවුද? බුදුහිමියන්
- කාටද? තමාටම
- කුමන අවස්ථාවක ද? අංගුලිමාල පවින් වැලැක්වීමට යාමට අදිටන් කරගත් අවස්ථාව