ශ්‍රිතමය පරිගණක භාෂා (Functional programming Languages)
- ශ්‍රිතමය පරිගණක භාෂා යනු ප්‍රකාශන පරිගණක භාෂාවකි.
- ශ්‍රිතමය පරිගණක භාෂා ගණිතමය ගණනය කිරීම් වලින් සමන්විත වේ.
- මෙහිදී ශ්‍රිත සඳහා අගයන් ඇතුළත් කර ගණනය කිරීම් සිදු කරනු ලබයි.
තාර්කික පරිගණක භාෂා (Logic programming Languages)
- තාර්කික පරිගණක භාෂා යනු ප්‍රකාශන පරිගණක භාෂාවකි.
- ශ්‍රිතමය පරිගණක භාෂා ගණිතමය තර්ක ගණනය කිරීම් වලින් සමන්විත වේ.
පටිපාටිගත පරිගණක භාෂා (Procedural programming Languages)
- පටිපාටිගත පරිගණක භාෂා යනු විධානාත්මක පරිගණක භාෂා වර්ගයකි.
- ඉතා හොඳින් ව්‍යූහගත වූ පියවර මාලාවකින් සහ පටිපාටි වලින් සමන්විත ක්‍රමලේඛන භාෂා, පටිපාටිගත පරිගණක භාෂාවන්ට අයත් වේ.
- උදාහරණ : Pascal , C , Go , Fortran , BASIC
වස්තු නැඹුරු පරිගණක භාෂා (Object Oriented Programming Languages)
- වස්තු නැඹුරු පරිගණක භාෂා යනු විධානාත්මක පරිගණක භාෂා වර්ගයකි.
- වස්තු නැඹුරු පරිගණක භාෂා වස්තු (object) යන සංකල්පය මත පදනම්ව නිර්මාණය වී ඇති ක්‍රමලේඛන භාෂා, පටිපාටිගත පරිගණක භාෂාවන්ට අයත් වේ.
- උදාහරණ : Java , Phython , C++ , Ruby
වස්තු නැඹුරු පරිගණක භාෂාවන්ගේ ලක්ෂණ
වස්තු (Object)
- වස්තු දත්ත / ගුණාංග (Property) සහ ක්‍රම (Methods) වලින් සමන්විත වේ.
- ක්‍රම දත්ත හැසිරවීම සඳහා පතින අතර පටිපාටි වලට සමාන වේ.
- වස්තුවට අදාළ වන ලක්ෂණ (attributes / properties / state) උදා : වර්ණය, දිග, පරිමාව...
පන්ති (Class)
- පන්ති යනු වසතූන්ගේ මූලික තැනුම් ඒකකයයි.
- පන්ති මගින් දත්ත සහ පන්තියේ අවස්ථා හා සම්බන්ධ හැසිරීම් විස්තර කරයි.
- පන්ති භාවිතයෙන් එකම ආකාරයකට අයත් වස්තු නිර්මාණය කළ හැකිය.
- උදාහරණ : වාහන යන පන්තිය ගත හොත් , මෝටර් රථය යනු එහි වස්තුවකි / එක් අවස්ථාවකි. වාහානයක රෝද , එන්ජිම වෙනි දේ පවති. මෝටර් රථයේ ද ඒවා ඇත
ව්‍යූහගත පරිගණක භාෂා (Structured Programming Languages)
- ව්‍යූහගත පරිගණක භාෂා තාර්කික ක්‍රමලේඛ පැරඩයිමයක් වන අතර වස්තු නැඹුරු පූර්ව අවස්ථාවකි.
- පද්ධති සංරචක උප පද්ධති වලට බෙදා ඉහළ සිට පහළට (Top - Down) ගලායයි.
- විශාල ක්‍රමලේඛ කුඩා කොටස් වලට බෙදා (පටිපාටි, ක්‍රම, ශ්‍රිත) ඒවා එකිනෙක සම්බන්ධ කර ඇත.
- If , for , while , switch case වැනි පාලන ව්‍යූහ (Control Structures) භාවිත කරයි.
- පැස්කල් පරිගණක භාෂාවේ ද මෙම ලක්ෂණ ඇත.
ව්‍යූහගත පරිගණක භාෂා වල වාසි.
- තාර්කික විධාන පැවරිය හැකි නිසා ක්‍රියාවලිය පහසු කරයි.
- විශාල ක්‍රමලේඛ කුඩා කොටස් වලට බෙදා දැක්විය හැකි නිසා තේරුම් ගැනීම පහසුය.
- නැවත නැවත භාවිත කිරීමට ඇති හැකියාව (reusability).
-
පහැදිළි බව
වස්තු නැඹුරු පරිගණක භාෂා හා පටිපාටිගත පරිගණක භාෂා අතර වෙනස
වස්තු නැඹුරු පරිගණක භාෂා |
පටිපාටිගත පරිගණක භාෂා |
- සෑමවිටම වස්තු (object) වලින් සමන්විත වේ.
|
- ඉතා හොඳින් ව්‍යූහගත වූ පියවර මාලාවකින් සහ පටිපාටි වලින් සමන්විත වේ.
|
- Message මගින් වස්තු අතර පණිවිඩ හුවමාරු කරයි.
|
- පටිපාටියට අමතයි. (Calling Procedure)
|
- වස්තු (object) සහ පන්ති (class) සකසයි.
|
|
වස්තු නැඹුරු පරිගණක භාෂා හා ව්‍යූහගත පරිගණක භාෂා අතර වෙනස
වස්තු නැඹුරු පරිගණක භාෂා |
ව්‍යූහගත පරිගණක භාෂා |
- සෑමවිටම වස්තු (object) වලින් සමන්විත වේ.
|
- පද්ධති සංරචක උප පද්ධති (පටිපාටි, ක්‍රම, ශ්‍රිත) වලින් සමන්විත වේ.
|
- Message මගින් වස්තු අතර පණිවිඩ හුවමාරු කරයි.
|
- ඉහළ සිට පහළට (Top - Down) ගලායයි.
|
- වස්තු (object) සහ පන්ති (class) භාවිත කරයි.
|
- If , for , while , switch case වැනි පාලන ව්‍යූහ (Control Structures) භාවිත කරයි.
|
ව්‍යූහගත පරිගණක භාෂා හා පටිපාටිගත පරිගණක භාෂා අතර වෙනස
ව්‍යූහගත පරිගණක භාෂා |
පටිපාටිගත පරිගණක භාෂා |
- පද්ධති සංරචක උප පද්ධති (පටිපාටි, ක්‍රම, ශ්‍රිත) වලින් සමන්විත වේ.
|
- ඉතා හොඳින් ව්‍යූහගත වූ පියවර මාලාවකින් සහ පටිපාටි වලින් සමන්විත වේ.
|
- බෙදා ඉහළ සිට පහළට (Top - Down) ගලායයි.
|
- පටිපාටියට අමතයි. (Calling Procedure)
|
- If , for , while , switch case වැනි පාලන ව්‍යූහ (Control Structures) භාවිත කරයි.
|
|