01. ආදාන මෙන්ම ප්‍රතිදානයන් ද ලබාදෙන උපක්‍රම සඳහා උදාහරණයක් නොවන්නේ
- ඩිජිටල් කැමරාව (Digital Camera)
- ස්පර්ශ සංවේදී තිරය (Touch screen)
- ATM යන්ත්‍රය (Automatic Taller Machine)
- මයික්‍රොපෝනය (Microphone)
02. මෘදු පිටපත් අකාරයට දත්ත ප්‍රතිදානය කරන උපකරණයක් වන්නේ
- මුද්‍රණ යන්ත්‍රය (Printer)
- පරිගණක තිරය (Monitor)
- සුපරික්සකය (Scanner)
- ෆොටෝ කොපි යන්ත්‍රය (Fhoto copy machine)
03. අලෝක විමෝචක දියෝඩ (LED) අද වඩාත් ප්‍රචලිතව ඇත්තේ
- බහුලව භාවිතා වන නිසා
- මිල අඩු නිසා
- අඩු විදුලි පරිභෝජනය නිසා
- භාවිතය පහසු නිසා
04. ද්‍රව ස්ඵටික ප්‍රදර්ශක පරිගණක තිරයක (LCD) ලක්ෂණයක් නොවන්නේ
- අඩු විදුලි පරිභෝජනය හා අඩු ඉඩ ප්‍රමාණය
- දර්ශනය වීම් සීමිත පරාසයක වීම
- තිරයේ සෙලවීම අඩු බව
- මිලෙන් අඩු වීම
05. පරිගණක තිරයක ගුණාත්මක බව තීරණය කරන සාධක වන්නේ
- පරිගණක තිරයේ විභේදනය සහ වර්ණ ප්‍රමාණය
- LCD ද CRT ද යන්න
- පින්තූර වල පැහැදිලි බව
- පරිගණකය මගින් එක් වරකට් කළ හැකි වැඩ ගණන
06. ශ්‍රී ලංකා රජයේ නිදහස් වෙබ් අඩවිය වන්නේ
- https://www.gov.lk
- http://www.icta.lk
- http://www.edupub.gov.lk
- http://www.schoolnet.lk
07. ශරීරයේ අභ්‍යන්තර කොටස් ත්‍රිමාණ ලෙස බලාගැනීමට හැකි උපකරණය වන්නේ
- CAT (පරිගණකගත ආක්ෂක ශරීර ස්ථර එක්ස්රේ යන්ත්‍රය)
- MRI (චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය)
- EEG (විද්යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය)
- ECG (විද්යුත් තන්තු රේඛීය යන්ත්‍රය)
08. ශරීරයේ අභ්‍යන්තර කොටස් සවිස්තරාත්මක ලෙස බලාගැනීමට හැකි උපකරණය වන්නේ
- CAT (පරිගණකගත ආක්ෂක ශරීර ස්ථර එක්ස්රේ යන්ත්‍රය)
- MRI (චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය)
- EEG (විද්යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය)
- ECG (විද්යුත් තන්තු රේඛීය යන්ත්‍රය)
09. ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණයක් නොවන්නේ
- පේළි / රේඛා මුද්‍රකය (Line printer)
- ඩෙසි රෝද මුද්‍රකය (Desi wheel printer)
- ඌර්ධවපාතනය මගින් සායම් අතුරන මුද්‍රකය
- තිත් න්‍යාස මුද්‍රකය (Dot matrix printer)
10. දත්ත සකස් කරන තුරු තාවකාලිකව රඳවා ගනු ලබන්නේ
- සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM)
- පාඨන මාත්‍ර මතකය (Read Only Memory - ROM)
- වාරක මතකය (Cash memory)
- දෘඪ තැටිය (Hard disk)
11. ප්‍රාථමික මතකයට අයත් නොවන්නේ
- සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM)
- රෙජිස්තර (Registers)
- වාරක මතකය (Cash memory)
- පාඨන මාත්‍ර මතකය (Read Only Memory - ROM)
12. නශ්‍ය නොවන මතකයකි
- සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM)
- රෙජිස්තර (Registers)
- වාරක මතකය (Cash memory)
- පාඨන මාත්‍ර මතකය (Read Only Memory - ROM)
13. පරිගණකයේ මූලික ක්‍රියාවලියට අදාළ දත්ත තැන්පත් කර ඇත්තේ
- දෘඪ තැටියේ
- මධ්‍ය සැකසුම් ඒකකයේ
- BIOS
- CIMOS
14. මධ්‍ය සැකසුම් ඒකක මතකය යනු
- වාරක මතකය (Cash memory)
- රෙජිස්තර (Registers)
- අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arrithmetical and Logical Unit - ALU)
- පාලන ඒකකය (Control Unit - CU)
15. මධ්‍ය සැකසුම් ඒකක සහ ප්‍රාථමික මතකය අතර ඇති මතකය වන්නේ
- වාරක මතකය (Cash memory)
- රෙජිස්තර (Registers)
- සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM)
- පාලන ඒකකය (Control Unit - CU)
16. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය වැඩි වීමට වැදගත් වන මතකය වන්නේ
- වාරක මතකය (Cash memory)
- රෙජිස්තර (Registers)
- අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arrithmetical and Logical Unit - ALU)
- පාලන ඒකකය (Control Unit - CU)
17. චුම්භක මාධ්‍ය උපක්‍රමයක් නොවන්නේ
- දෘඪ තැටිය (Hard disk)
- සංයුක්ත තැටි (Compact Disc)
- නම්‍ය තැටි (Floppy disk)
- සිප්වන තැටි (Zip disk)
18. Server පරිගණකයක දත්ත උපස්ථ කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ
- දෘඪ තැටිය (Hard disk)
- නම්‍ය තැටිය (Floppy disk)
- චුම්භක පටිය (Magnetic tape)
- බ්ලූ-රේ තැටිය (Blue-ray)
19. ධාරිතාවය වැඩිම උපාංගය වන්නේ
- දෘඪ තැටිය (Hard disk)
- සංයුක්ත තැටි (Compact Disc)
- සංඛ්‍යාංක බහුවිධ තැටි (Digital Versatile Disc - DVD)
- බ්ලූ-රේ තැටිය (Blue-ray)
20. Compact Disc හි ධාරිතාවය වන්නේ
- 650-900 GB
- 600-900 MB
- 650-900 MB
- 450-600 MB