පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ මූලික සංකල්ප
පැස්කල් ක්‍රමලේඛන භාෂාවෙන් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ මූලික සංකල්පයන්ට අදාල කාරක රීති (syntax) ඉගෙන ගැනීම ඉතා වැදගත වේ.
ඇවිරුණු පද (Reserved Words)
යම් පරිගණක භාෂාවක එම භාෂාවට විශේෂිත වූ පද ඇවිරුණු පද ලෙස හැඳින්වේ. මේවා keywords ලෙස ද හඳුන්වනු ලබයි.
උදාහරණ:
and | array | begin | case | const |
div | do | downto | else | end |
file | for | function | goto | if |
in | label | mod | nil | not |
of | or | packed | procedure | program |
record | repeat | set | then | to |
type | until | Var | while | with |
හඳුන්වන (identifier)
ක්‍රමලේකනයක් හැදින්වීම සඳහා යොදාගනු ලබන විචල්‍යයක් හෝ නියතයක් හඳුන්වන ලෙස හඳුන්වනු ලබයි.
හඳුන්වන යෙදීමේ දී අනුගමනය කළ යුතු නීති.
හඳුන්වන සඳහා අර්ථවත්නමක් යොදා ගැනීඉමේ වාසි / වැදගත්කම (Advantages)
විචල්‍යය (Variable)
විචල්‍යය යනු හඳුන්වන වර්ගයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙම හඳුන්වන සඳහා පවරන ලද අගය ක්‍රමලේඛනය ක්‍රියාත්මක් වීමේදී වෙනස් වේ.
පැස්කල් භාෂාවේ දී විචල්‍යය හැදින්වීම සඳහා "Var" ඇවිරුණු පදය භාවිතා කරයි.
විචල්‍යය ලිවීමේ කාරක රීතිය. (Syntax)
Var Identifire : data type ;
උදාහරණ : Var count : integer
නියත ( Const )
නියත යනු හඳුන්වන වර්ගයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ මේ සඳහා පවරණ අගය කිසිඳු විටෙක වෙනස් නොවීමයි.
නියත හැදින්වීම සඳහා පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දී "const" ඇවිරුණු පදය භාවිතා කරයි.
නියත ලිවීමේ කාරක රීතිය. (Syntax)
Const Identifire := value ;
උදාහරණ : Const pi = 22/7 ;