පැස්කල් ක්‍රමලේඛනය හැදින්වීම.
පැස්කල් ක්‍රමලේඛනයක පහත අංග දක්නට ලැබේ. (Parts of the Pascal program)
මෙම පැස්කල් වැඩසටහන ඇසුරින් පැස්කල් ක්‍රමලේඛනයක ප්‍රධාන කොටස් හඳුනා ගනිමු.
අනුක්‍රමය (sequence) සහිත පැස්කල් ක්‍රමලේඛ
අල්ගොරිතමයක පියවර කිහිපයක් හෝ සියල්ල ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා අනුපිළිවෙළින් ක්‍රියාත්මක කිරීම අනුක්‍රමය ලෙස හඳුන්වනු ලබයි
උදාහරණ : දිග සහ පළල අදානය ලෙස ගෙන වර්ගඵලය ප්‍රතිදානය කරන්න.
program square(input,output);
Var Width,Hight,area:integer;
Begin
Writeln('Enter Width and Hight');
Read(Width,Hight);
Area:=Width*Hight;
Writeln('Area is',area);
End.
වරණය (Selection) සහිත පැස්කල් ක්‍රමලේඛ
වරණය ආකෘතිය තුළින් තෝරා ගැනීම් එකක් හෝ කිහිපයක් මගින් විකල්ප මාර්ග තෝරා ගැනීමට ඉඩකඩ සලසා දෙයි.
උදාහරණ : සංඛ්‍යාවක් ලබාගෙන එය ඔත්තේ ද ඉරට්ටේඑ ද යන්න ප්‍රතිදානය කරන්න්න.
Program evenOdd(input,output);
Var No,Remainder:integer;
Begin
Write('Enter the No : ');
Read(No);
Remainder:=No mod 2;
if (Remainder=0) then
Writeln(No,' is an even number')
Else
Writeln(No,' is an odd number');
End.
පුනර්කරණය (Iteration) සහිත පැස්කල් ක්‍රමලේඛ
යම් කොන්දේසියක් තෘප්ත වන තුරු පියවර හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදුවීම පුනර්කරණය ලෙස හැදින්වේ.
මෙහි දී අනුගමනය කළහැකි ව්‍යුහ තුනකි.
For.....Do
පුනර්කරණයවන වාර ගණන නිශ්චිතව්ව දන්නේ නම් For.....Do භාවිතා කරයි.
For.....Do ව්‍යුහය i
Syntax : For විචල්‍යය := ආරම්භක අගය to අවසාන අගය do
උදාහරණ : 1 සිට 10 දක්වා සංඛ්‍යා ප්‍රතිදානය කරන්න.
program Print10No1(input,output);
var c:integer;
begin
for c:=1 to 10 do
writeln(c);
end.
For.....Do ව්‍යුහය ii
Syntax : For විචල්‍යය := ආරම්භක අගය downto අවසාන අගය do
උදාහරණ : 10 සිට 1 දක්වා සංඛ්‍යා ප්‍රතිදානය කරන්න.
program Print10No1(input,output);
var c:integer;
begin
for c:=10 downto 1 do
writeln(c);
end.
While Do
පුනර්කරණය වීමට පෙර කොන්දේසිය පරීක්ෂා කර කොන්දේසිය තෘප්ත වන්නේ නම් පමණක් පුනර්කරණය ආරම්භ වේ.
උදාහරණ : 0 සිට 10 දක්වා සංඛ්‍යා ප්‍රතිදානය කරන්න.
program Print10NoWithWhileDo(input,output);
var count:integer;
begin
while count<11 do
begin
writeln(count);
count:=count+1;
end;
end.
Repeat Until
පුනර්කරණය කිරීමට අවශ්‍ය කොටස අවසානයේ දී කොන්දේසිය පරීක්ෂා කරනු ලබයි.
උදාහරණ : 1 සිට 10 දක්වා සංඛ්‍යා ප්‍රතිදානය කරන්න.
program Print10NoWithRepeat(input,output);
var count:integer;
begin
count:=1;
repeat
writeln(count);
count:=count+1;
until count>10;
end.