පාලන ගිණුම්
පොදු ලෙජරයේ පවතින එක හා සමාන ගිණුම් සමූහයක් වෙනුවෙන්, පොදු ලෙජරයේ තබාගන්නා එක් ගිණුමක් පාලන ගිණුමක් / එකතු ගිණුමක් ලෙස හැඳින්වේ.
උදා: ණයගැති ගිණුම් සමූහයක් වෙනුවෙන් ණයගැති පාලන ගිනුම
ණයහිමි ගිණුම් සමූහයක් වෙනුවෙන් ණයහිමි පාලන ගිනුම
වියදම් ගිණුම් සමූහයක් වෙනුවෙන් වියදම් පාලන ගිනුම
පාලන ගිණුම් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන
- පොදු ලෙජරය අනවශ්‍ය ලෙස විශාල වීම වැලැක්වීමට
- ගිණුම්කරණ වැරදි මඟහරවා ගැනීම සඳහා හා වැරදි සිදුවී ඇත්නම් හඳුනාගැනීම පහසු නිසා
- හොඳ අභ්‍යන්තර පාලනයක් ඇති කර ගැනීම සඳහා
- අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රමයක් බැවින් විගණනයේදි පහසු වීම
- ආයතනයක ණය ප්‍රතිපත්ති සකස් කිරීම පහසු වීම
ආංශික තුලන ක්‍රමය Vs. ස්වයං තුලන ක්‍රමය
ආංශික තුලන ක්‍රමය
- ද්විත්ව සටහන සිදුවන්නේ පොදු ලෙජරය තුල පමණි. උප ලෙජරයන් තුල සිදුවන්නේ එක් නාමික සටහනක් පමණි.
- පොදු ලෙජරයට පමණක් ශේෂ පිරික්සුම පිලියෙල කල හැක.
- පොදු ලෙජර පාලන ගිණුමක් නැත.
ස්වයං තුලන ක්‍රමය
- උප ලෙජරයන් තුල පොදු ලෙජර පාලන ගිණුම නමින් ගිණුමක් පවත්වා ගනී. එවිට උප ලෙජරය තුලද ද්විත්ව සටහනක් ඇතිවේ.
- මෙහිදී පොදු ලෙජරයට මෙන්ම උප ලෙජරයටද ශේෂ පිරික්සුම පිලියෙල කල හැක.
- පොදු ලෙජර පාලන ගිණුමක් ඇත.
පාලන ගිණුම්වලදී බහුලව වැදගත් වන ද්විත්ව සටහන්
- ණයගැති, ණයහිමි හිලව් කිරීම
- ණයගැති/විකුණුම් ලෙජරයේ හර ශේෂයක් ගැනුම්/ණයහිමි ලෙජරයට මාරු කිරීම
ණයහිමි පාලන ගිණුම හර
ණයගැති පාලන ගිණුම බැර
- ණයහිමි/ගැනුම් ලෙජරයේ හර ශේෂයක් විකුණුම්/ණයගැති ලෙජරයට මාරු කිරීම
ණයගැති පාලන ගිණුම හර
ණයහිමි පාලන ගිණුම බැර
- බොල්ණය කපා හැරීම
බොල්ණය යනු ණයගැතියන්ගෙන් අයකරගත නොහැකි ණයය. එය ව්‍යාපාරයට පාඩුවක්ය (වියදමක්ය).
බොල්ණය ඇතිවිය හැකි අවස්ථා
- ණයගැතියෙකු අතුරුදන් වීම
- ණයගැතියාගේ ව්‍යාපාරය වසා දැමීම
- ණයගැතියෙකු බංකොලොත් වීම
බොල්ණය - හර
අදාල ණයගැතියාගේ ගිණුම - බැර
(සියළුම ණයගැතියන්ගේ බොල්ණයවල එකතුව පාලන ගිණුමට සටහන් කරයි)
- කපාහල බොල්ණයක් නැවත ලැබීම
ණයගැති පාලන ගිණුම/අදාල ණයගැති ගිණුම - හර
බොල්ණය/ලාභාලාභ ගිණුම - බැර
මුදල් - හර
ණයගැති පාලන ගිණුම/අදාල ණයගැති ගිණුම - බැර
- අඩමාණ ණය වෙන්කිරීම
ණයගැතියන්ගේ වටිනාකමින් නොලැබේ යයි අපේක්ෂා කරන ණය වටිනාකම
පූර්ව අත්දැකීම් මත තක්සේරු කර, නොලැබේ යයි අපේක්ෂා කරන ණය වටිනාකම් වෙනුවෙන් ලා/ලා ගිණුමෙන් සිදු කරන වෙන් කිරීමයි.
අඩමාණ ණය වෙන් කිරීමේ ප්‍රමාණය තීරණය කරන සාධක
- ණයට විකුණුම්
- පසුගිය වසරවල සිදුවූ සත්‍ය බොල්ණය
- කාලච්ඡේද ආරම්භක හා අවසාන ණයගැති ශේෂයන්
- ණයගැති ශේෂ වයස් විශ්ලේෂණය
- ව්‍යාපාරයේ ණය ප්‍රතිපත්ති
අඩමාණ ණය ගිණුම - හර
අඩමාණ ණය වෙන් කිරීමේ ගිණුම - බැර
දැනට වෙන් කර ඇති අඩමාන ණය වර්ථමාන වෙන්කිරීමට වඩා අඩු නම්
අඩමාණ ණය ගිණුම - හර
අඩමාණ ණය වෙන් කිරීමේ ගිණුම - බැර
දැනට වෙන්කර ඇති අඩමාණ ණය වර්ථමාන වෙන්කිරීමට වඩා වැඩිනම්
අඩමාණ ණය වෙන් කිරීමේ ගිණුම - හර
අඩමාණ ණය ගිණුම - බැර
- වට්ටම් වෙන් කිරීම
ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීමේදී ලබාදීමට සිදු වේයැයි අපේක්ෂා කරන මුදල් වට්ටම් වෙනුවෙන් ලාභයෙන් කරන වෙන් කිරීම.
ලා/ලා ගිණුම/දුන් වට්ටම් ගිණුම - හර
ණයගැති වට්ටම් වෙන් කිරීම - බැර
ණයගැති පාලන ගිණුමකට අදාල දත්ත ලබාගන්නා ප්‍රභවයන් හා මූලාශ්‍ර ලේඛන
- ආරම්භක ශේෂය (හර) - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- ණයට විකුණුම් - විකුණුම් ජ'නලය - විකුණුම් ඉන්වොයිසිය
- අගරු චෙක් - මුදල් පොත(බැංකු ගිණුම) - අගරුචෙක් පත් නිවේදනය
- අහිමි කල වට්ටම් -පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- අය කළ පොළී - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- ආපසු ණයගැතියන්ට ගෙවීම් - මුදල් පොත - වවුචරය
- අවසාන ශේෂය (බැර) - ණයගැති ලෙජරය
- ආරම්භක ශේෂය (බැර) - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- මුදල් ලැබීම් - මුදල් පොත - ලදුපත
- දුන් වට්ටම් - මුදල් පොත - ලදුපත
- ආපසු එවුම් - ආපසු එවුම් ජ'නලය - බැරපත
- ලැබිය යුතු බිල් - ලැබිය යුතු බිල් ජ'නලය - ලැබිය යුතු බිල
- බොල්ණය - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- ගැනුම් ලෙජරයට මාරු කිරීම - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- අවසාන ශේෂය (හර) - ණයගැති ලෙජරය
ණයහිමි පාලන ගිණුමකට අදාල දත්ත ලබාගන්නා ප්‍රභවයන් හා මූලාශ්‍ර ලේඛන
- ආරම්භක ශේෂය (හර) - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- මුදල් ගෙවීම් - මුදල් පොත - වවුචරය
- ලැබූ වට්ටම් - මුදල් පොත - වවුචරය
- ආපසු යැවුම් -ආපසු යැවුම් ජ'නලය - හරපත
- ගෙවිය යුතු බිල් - ගෙවිය යුතු බිල් ජ'නලය - ගෙවිය යුතු බිල
- විකුණුම් ලෙජරයට මාරු කිරීම - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- අවසාන ශේෂය (බැර) - ණයහිමි ලෙජරය
- ආරම්භක ශේෂය (බැර) - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- ණයට ගැනුම් - ගැනුම් ජ'නලය - ගැනුම් ඉන්වොයිසිය
- අගරු ගෙවිය යුතු බිල් - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- අගරු චෙක් - මුදල් පොත(බැංකු ගිණුම) - බැංකු ප්‍රකාශය
- අහිමි කල වට්ටම් - පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- ණයහිමියන් ආපසු ගෙවීම් - මුදල් පොත - ලදුපත
- ණයහිමියන්ට ගෙවූ පොළී -පොදු ජ'නලය - ජ'නල් වවුචරය
- අවසාන ශේෂය (හර) - ණයහිමි ලෙජරය